චම්පික රණවක
රණවක ආරච්චිගේ පාඨලී චම්පික රණවක (1965 අගෝස්තු 4) යනු ශ්‍රී ලංකාවේ දේශපාලඥයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු වෘත්තියෙන් විදුලි ඉංජිනේරුවෙකි. මහින්ද රාජපක්ෂ රජයේ පාරිසරික සහ ස්වභාවික සම්පත්, විදුලි බල සහ බලශක්ති, තාක්ෂණික හා පර්යේෂණ පිළිබද හිටපු අමාත්‍යවරයාද වේ. 2014 වර්ෂයේ දී මහින්ද රාජපක්ෂ රජයෙන් ඉවත් වූ චම්පික රණවක මැතිතුමා යහපාලන රජය බිහි කිරීමට ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළේය.2015 ජනවාරි 09 වන දින විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස නැවත දිවුරුම් දුන් ඔහු එම වසරේම අගෝස්තු මාසයේ පැවති පැවැති මහා මැතිවරණයෙන් පසු මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.2019 සැප්තැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් පසුව ඔහු නියෝජනය කළ එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා එකී මැතිවරණයෙන් පරාජය වූ පසුව පටන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරයි
පාඨලී චම්පික රණවක Patali Champika Ranawaka | |
---|---|
![]() | |
පාරිසරික සහ ස්වභාවික සම්පත්, විදුලි බල සහ බලශක්ති, තාක්ෂණ හා පර්යේෂණ , මහනගර හා බස්නාහිර සංවර්ධන හිටපු අමාත්‍ය | |
Member of the ශ්‍රී ලංකා Parliament for කොළඹ | |
පුද්ගලික තොරතුරු | |
උපත | 4 අගෝස්තු 1965 ශ්‍රී ලංකාව, බුලත්සිංහල |
ජාතිය | සිංහල |
දේශපාලන පක්ෂය | ජාතික හෙළ උරුමය |
උගත් ශාස්ත්‍රාලය | මොරටුව විශ්වවිද්‍යාලය තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය, හොරණ |
රැකියාව | විදුලි ඉංජිනේරු, දේශපාලඥ |
වෙබ් අඩවිය | www.champikaranawaka.net |
[1]