පසුකාලීන සිල්ලා (668–935, හංගුල්: 후신라; හන්ජා: 後新羅; ප්‍ර.රෝ.: හුෂිලා, කොරියානු උච්චාරණය: [hu.ɕil.la]) හෙවත් එක්සත් සිල්ලා (හංගුල්:통일신라; හන්ජා: 統一新羅, කොරියානු උච්චාරණය: [tʰoŋ.il.ɕil.la]) යනුවෙන් බොහෝ අවස්ථාවල හැඳින්වෙන්නේ කොරියාවේ තුන් රාජධානි අතුරින් එකක් වන සිල්ලා රාජධානියම ය. නමුත් මෙම නම භාවිතා වන්නේ සිල්ලා රාජධානිය විසින් 660දී බෙක්ජේ රාජ්‍යය සහ 668දී ගොගුර්යෝ රාජ්‍යය යටත් කරගෙන කොරියානු අර්ධද්වීපයේ දකුණු සහ මධ්‍යම ප්‍රදේශ එක්සත් කළ පසුව බිහිවූ භූමියට ය. පසුකාලීන සිල්ලා රාජධානිය සමෘද්ධිමත් සහ ධනවත් රාජ්‍යයක් විය.[2] එහි ජනාකීර්ණ අගනුවර වූ ග්යොංජු[3] ලෝකයේ සිව්වන විශාලතම නගරය විය.[4][5][6][7] රාජ්‍යයේ සමෘද්ධිමත් සමයේ එක්සත් සිල්ලාව උතුරුදිග ප්‍රදේශයේ අධිකාරීත්වය පවත්වා ගැනීමට ගොගුර්යෝ-මොහේ ජනයාගෙන් සැදුම්ලත් රාජධානියක් වූ බල්හේ රාජධානිය සමග තරග වැදුණේ ය. රාජධානිය පැවති සමය පුරා, ප්‍රධාන වශයෙන්ම යටත් වැසියන්ව සිටි බෙක්ජේ සහ ගොගුර්යෝ කැරලිකාර කණ්ඩායම්වල කුමන්ත්‍රණ නිසා දේශපාලන ව්‍යාකූල ස්වභාවයක් පැවතියේ ය. මේ නිසා පසුකාලීනව 9වන සියවසේ දී, පසුකාලීන තුන් රාජධානි යුගය නිර්මාණය විය.

සිල්ලා

신라 (新羅)
통일신라 (統一新羅)
후신라 (後新羅)
668–935
උතුරු-දකුණු රාජ්‍ය යුගයේ එක්සත් සිල්ලාවේ පිහිටීම (නිල් පැහැයෙන්)
උතුරු-දකුණු රාජ්‍ය යුගයේ එක්සත් සිල්ලාවේ පිහිටීම (නිල් පැහැයෙන්)
අගනුවරග්යොංජු (සොරබොල්)
පොදු භාෂාවන්පැරණි කොරියානු
ආගම
බුදු දහම, කොන්ෆියුසියානුවාදය, තාඕවාදය, කොරියානු ෂමනවාදය
රජයරාජාණ්ඩුව
රජු 
• 661–681
මුන්මු
• 681–692
සින්මුන්
• 887–897
ජින්සොං
• 927–935
ග්යොංසුන් (අවසන්)
ඓතිහාසික යුගයපුරාතන
• ස්ථාපනය
668
670–676
• පසුකාලීන තුන් රාජධානි යුගයේ ආරම්භය
892–936
• ගොර්යෝ රාජවංශයට යටත් වීම
935
ජනගහණය
• 8වන සියවස[1]
2,000,000
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
සිල්ලා
ගොගුර්යෝ
බෙක්ජේ
ගොර්යෝ රාජවංශය
වර්තමානයේ මෙය අයත් වන්නේ දකුණු කොරියාව
 උතුරු කොරියාව
පසුකාලීන සිල්ලා
අනාප්ජි මණ්ඩපය
කොරියානු නම
හංගුල්후신라
හන්ජා後新羅
ප්‍රතිශෝධිත රෝමානුකරණයHu-silla
මැකූන්–‍රයිෂවර්Hu-silla

දේශපාලන අතින් අස්ථාවර ස්වභාවයක් පැවතිය ද, පසුකාලීන සිල්ලාව තුළ සංස්කෘතිය සහ කලා අංශ දියුණුවට පත් විය. ටෑං රාජවංශය සමග පැවැත්වූ සමීප සම්බන්ධතා හේතුවෙන්, බුදු දහම සහ කොන්ෆියුසියානුවාදය විද්වත් ජනයාගේ ප්‍රධාන මූලධර්මීය දර්ශනයන් මෙන්ම යුගයේ ගෘහනිර්මාණ අංග සහ ලලිත කලාවන් සඳහා තේමාව බවට පත් විය. මෙහි අවසන් රජු වූ ග්යොංසුන් රාජ්‍යය පාලනය කළේ නාමිකව පමණක් වන අතර, 635දී ඔහු ගොර්යෝවට යටත් වූයේ රාජවංශය අවසන් කරමිනි.‍

සම්ප්‍රදායිකව පළමු එක්සත් කොරියානු රාජ්‍යය ලෙස එක්සත් සිල්ලාව සැලකුණ ද, වර්තමාන කොරියානු ඉතිහාසඥයන් පවසන්නේ සැබැවින්ම කොරියානු ජාතියේ පළමු සත්‍ය එක්සත් රාජධානිය පසුකාලීන ගොර්යෝව බවයි.

වර්තමාන කොරියානු ඉතිහසඥයින් විසින් කොරියාව එක්සත් කිරීමක් ලෙස සම්ප්‍රදායිකව එක්සත් සිල්ලාව සලකා තිබීම පිළිබඳ නොයෙකුත් විවේචන නගා ඇත. මෙම දෘෂ්ටිකෝණය අනුව, කොරියාව එක්සත් කළ පළමු රාජධානිය වන්නේ ගොර්යෝවයි. එයට හේතුව වන්නේ "එක්සත් සිල්ලා"ව ස්ථාපනය කළ යුගයේම කොරියානු අර්ධද්වීපයට අයත් භූමියේ උතුරු පෙදෙසේ පාලනය බල්හේ රාජ්‍යය යටතේ පැවතීමයි.[8][9]

එක්සත් කිරීම

සංස්කරණය

660දී, සිල්ලාහි මුන්මු රජු සිය හමුදාවන්ට බෙක්ජේ රාජ්‍යයට පහර දීමට අණකළේ ය. ටෑං සේනාවල සහාය ලත් කිම් යු-ෂින් සෙන්පතියා විසින් ග්යේබෙක් සෙන්පතියාව පරාජය කොට බෙක්ජේ රාජ්‍යය යටත් කරග්නනා ලදී. 661දී ඔහු ගොගුර්යෝව ද ආක්‍රමණය කළ මුත්, එය අසාර්ථක විය. ගෝජොසොන්හි බිඳවැටීමෙන් පසු කොරියානු අර්ධද්වීපයේ දකුණු පෙදෙස ඒකීය පාලනයකට ගෙන ඒමට සමත්වූ පළමු පාලකයා ද මුන්මු රජු ය. එසේ වුව ද, පශ්චාත්-668 සිල්ලා රාජධානිය ද බොහෝවිට හඳුන්වා ඇත්තේ එක්සත් සිල්ලා යන නාමයෙනි. එක්සත් සිල්ලාව වර්ෂ 237ක් පමණ පැවති අතර, 935දී ග්යොංසුන් රජ සමයේ එය ගොර්යෝවට යටත් විය.

සංස්කෘතිය

සංස්කරණය

මධ්‍යකාලීන නැගෙනහිර ආසියාවේ ෆීනීෂියාව බඳුවූ බෙක්ජේ රාජ්‍යයේ නාවික පරාක්‍රමය පසුකාලීන සිල්ලාව සතු විය.[10] 8වන සහ 9වන සියවස්වල දී, එය නැගෙනහිර ආසියාවේ මුහුදුවල ප්‍රමුඛත්වයට පැමිණි අතර චීනය, කොරියාව හා ජපානය අතර වෙළඳ සම්බන්ධතා දියුණුව පැවතිණි. මෙය විශේෂයෙන්ම ජං බොගෝගේ සමයේ සිදු විය. සිල්ලා ජනයා චීනයේ ෂැන්ඩොං අර්ධද්වීපය සහ යැංසි ගංගාවේ මුවදොර වැනි විදෙස් ප්‍රදේශවල සිය ජනාවාස ද පිහිටුවූහ.[11][12][13][14]

පසුකාලීන සිල්ලාව කලාවේ සංස්කෘතියේ ස්වර්ණමය යුගයක් විය.[15][16][17][18] මේ බවට සාධක හ්වංන්‍යොංසා, සොක්ගුරාම්, සහ එමිල් ඝණ්ටාරය තුළින් ලැබේ. මෙකල බුදු දහම වැජඹුණු අතර, බොහෝ කොරියානු බෞද්ධයින් චීන බෞද්ධයින්ගේ ගෞරවාදරයට පාත්‍ර විය.[19] ඔවුහු චීන බුදු දහම හැඩගැස්වීමට දායක වූහ.[20] මේ අතරට වොන්ච්‍යුක්, වොන්හ්යෝ, උයිසං, මුසං,[21][22][23][24] සහ කිම් ග්යෝ-ගක් වැනි පුද්ගලයන් අයත් වේ. සිල්ලා කුමරකු වූ කිම් ග්යෝ-ගක් විසින් ජියුහුවා කන්ද චීන බුදු දහමේ එන පූජනීය කඳු සතරෙන් එකක් ලෙස නම් කිරීමට දායක වී ති‍බේ.[25][26][27][28][29]

 
වෛරෝචන බුද්ධ ප්‍රතිමාවක්

එක්සත් සිල්ලාව සහ ටෑං රාජවංශය අතර සමීප සබඳතා පැවතිණි. මේ බවට සාක්ෂි චීන සංස්කෘතිය සිල්ලාව කෙරෙහි කෙතරම් බලපා ඇති ද යන්න තුළින් පෙනේ. ‍බොහෝ ‍කොරියානු භික්ෂූන් චීනය වෙත ගොස් බුදු දහම ඉගෙනගෙන තිබේ. හ්යෙචෝ නැමැති භික්ෂුව බුදු දහම ඉගෙනීම සඳහා ඉන්දියාව වෙත ගමන් කොට ඇති අතර, උන් වහන්සේගේ සංචාරක සටහන්වල මේ පිළිබඳ විස්තර දැක්වේ.[30] මෙවැනි විදෙස් අධ්‍යාපනය හදාළ සංචාරක භික්ෂූන් විසින් සොන් සහ ශුද්ධ භූමි බුදු දහම වැනි බුදු දහමේ නව වෙනස් නිකායයන් හඳුන්වා දී තිබේ.[30]

පසුකාලීන සිල්ලාව එහි නගරවල ප්‍රමාණය සහ ජනගහනය මෙන්ම අශ්වයින්, එ‍ළදෙනුන් හා විශේෂ නිපැයුම් නිර්ණය කිරීමට ජන සංගණනයක් සිදු කොට තිබේ. මෙම දත්ත මින්ජොංමුන්සෝ (민정문서) හි ඇතුළත් කොට ඇත. මෙම වාර්තා තැබීම් සිදුකරන ලද්දේ සෑම නගරයකම ප්‍රධානීවරුන් විසිනි.[31]

682දී ජාතික කොන්ෆියුසියානු ශාස්ත්‍රාලයක් ස්ථාපිත කෙරිණි. 750 අවට එය ජාතික කොන්ෆියුසියානු විශ්වවිද්‍යාලය ලෙස යළි නම්කෙරිණි.[30] මෙම විශ්වවිද්‍යාලය උසස් වංශවතුන්ට පමණක් සීමා විය.

ලී කුට්ටි මුද්‍රණය

සංස්කරණය

බෞද්ධ සූත්‍ර සහ කොන්ෆියුසියානු කෘති ව්‍යාප්ති කිරීමට ලී කුට්ටි මුද්‍රණ ක්‍රමය (Woodblock printing) භාවිතා කෙරිණි. සෙවණැලි ඇතිනොවන ස්තූපයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල දී බෞද්ධ සූත්‍රයක පුරාතන මුද්‍රණ පිටපතක් හමු විය.මෙම මුද්‍රණ පිටපත ක්‍රි.ව. 751ට අයත් යැයි කාල නිර්ණය කොට ඇති අතර, මෙය ලොව මෙතෙක් සොයා ගෙන ඇති පැරණිතම මුද්‍රිත මාධ්‍යය ලෙස සැලකේ.[30]

මේවාත් බලන්න

සංස්කරණය

ආශ්‍රේයයන්

සංස්කරණය
  1. ^ 박용운 (1996). 고려시대 개경연구 147~156쪽.
  2. ^ MacGregor, Neil. A History of the World in 100 Objects (ඉංග්‍රීසි බසින්). Penguin UK. ISBN 9780141966830. සම්ප්‍රවේශය 30 September 2016.
  3. ^ Chŏng, Yang-mo; Smith, Judith G.; Metropolitan Museum of Art (New York, N.Y.). Arts of Korea (ඉංග්‍රීසි බසින්). Metropolitan Museum of Art. p. 230. ISBN 9780870998508. සම්ප්‍රවේශය 30 September 2016.
  4. ^ International, Rotary. The Rotarian (ඉංග්‍රීසි බසින්). Rotary International. p. 28. සම්ප්‍රවේශය 30 September 2016.
  5. ^ Ross, Alan. After Pusan (ඉංග්‍රීසි බසින්). Faber & Faber. ISBN 9780571299355. සම්ප්‍රවේශය 30 September 2016.
  6. ^ Mason, David A. "Gyeongju, Korea's treasure house". Korea.net. Korean Culture and Information Service (KOCIS). සම්ප්‍රවේශය 30 September 2016.
  7. ^ Adams, Edward Ben. Koreaʾs pottery heritage (ඉංග්‍රීසි බසින්). Seoul International Pub. House. p. 53. සම්ප්‍රවේශය 30 September 2016.
  8. ^ Ch'oe, Yŏng-ho (1980), "An Outline History of Korean Historiography", Korean Studies 4: 23–25,  
  9. ^ Armstrong, Charles K. (1995), "Centering the Periphery: Manchurian Exile(s) and the North Korean State", Korean Studies (University of Hawaii Press) 19: 1–16,  
  10. ^ Kitagawa, Joseph. The Religious Traditions of Asia: Religion, History, and Culture (ඉංග්‍රීසි බසින්). Routledge. p. 348. ISBN 9781136875908. සම්ප්‍රවේශය 21 July 2016.
  11. ^ Gernet, Jacques. A History of Chinese Civilization (ඉංග්‍රීසි බසින්). Cambridge University Press. p. 291. ISBN 9780521497817. සම්ප්‍රවේශය 21 July 2016.
  12. ^ Reischauer, Edwin Oldfather. Ennins Travels in Tang China (ඉංග්‍රීසි බසින්). John Wiley & Sons Canada, Limited. pp. 276–283. ISBN 9780471070535. සම්ප්‍රවේශය 21 July 2016. "එනින් පවසන පරිදි, නැගෙනහිර චීනය, කොරියාව සහ ජපානය අතර පැවති වානිජ්‍යය බොහෝදුරට සිල්ලා මිනිසුන්ගේ අතෙහි පැවතිණි. ලෝකයේ නැගෙනහිර සාපේක්ෂව අන්තරාදායක මුහුදු ප්‍රදේශවල ඔවුන් කටයුතු කළේ බටහිර අන්තයේ වූ මධ්‍යධරණි ප්‍රදේශවල සන්සුන් ජලයේ වෙළඳුන් මෙනි. මෙය අවධානය යොමුකළ යුතු වැදගත්කමකින් යුත් ඓතිහාසික කරුණක් වුව ද, එම යුගය පිළිබඳ සම්මත ඉතිහාස සම්පාදන තුළ හෝ ‍එම මූලාශ්‍ර මත පදනම්ව බිහිවූ නූතන ග්‍රන්ථවල මේ පිළිබඳ යොමුව ඇත්තේ අඩු අවධානයකි. . . . චීනයේ නැගෙනහිර වෙරළ තීරය දිගේ කොරියානුවන්ගේ බලපෑමට සීමා පැවතුණ ද, එම සියලු මුහුදු ප්‍රදේශවල ප්‍රමුඛත්වය ඔවුන් විසින් දැරූ බවට කිසිදු සැකයක් නැත. . . . ඈත පෙරදිග ප්‍රදේශයේ කොරියානු නාවික ප්‍රමුඛත්වය පැතිර පැවති ප්‍රදේශයේ නමුත් එනින්ගේ කාලයේ සිල්ලාවේ මිනිසුන් ලෝකයේ ඔවුන්ගේ කලාපයේ සාගර බලවතුන් විය."
  13. ^ Kim, Djun Kil. The History of Korea, 2nd Edition (ඉංග්‍රීසි බසින්). ABC-CLIO. p. 3. ISBN 9781610695824. සම්ප්‍රවේශය 21 July 2016.
  14. ^ Seth, Michael J. A Concise History of Korea: From the Neolithic Period Through the Nineteenth Century (ඉංග්‍රීසි බසින්). Rowman & Littlefield. p. 65. ISBN 9780742540057. සම්ප්‍රවේශය 21 July 2016.
  15. ^ DuBois, Jill. Korea (ඉංග්‍රීසි බසින්). Marshall Cavendish. p. 22. ISBN 9780761417866. සම්ප්‍රවේශය 29 July 2016.
  16. ^ Randel, Don Michael. The Harvard Dictionary of Music (ඉංග්‍රීසි බසින්). Harvard University Press. p. 273. ISBN 9780674011632. සම්ප්‍රවේශය 29 July 2016.
  17. ^ Hopfner, Jonathan. Moon Living Abroad in South Korea (ඉංග්‍රීසි බසින්). Avalon Travel. p. 21. ISBN 9781612386324. සම්ප්‍රවේශය 29 July 2016.
  18. ^ Kim, Djun Kil. The History of Korea (ඉංග්‍රීසි බසින්). ABC-CLIO. p. 47. ISBN 9780313038532. සම්ප්‍රවේශය 30 September 2016.
  19. ^ Mun, Chanju; Green, Ronald S. Buddhist Exploration of Peace and Justice (ඉංග්‍රීසි බසින්). Blue Pine Books. p. 147. ISBN 9780977755301. සම්ප්‍රවේශය 29 July 2016.
  20. ^ McIntire, Suzanne; Burns, William E. Speeches in World History (ඉංග්‍රීසි බසින්). Infobase Publishing. p. 87. ISBN 9781438126807. සම්ප්‍රවේශය 29 July 2016.
  21. ^ Jr, Robert E. Buswell; Jr, Donald S. Lopez. The Princeton Dictionary of Buddhism (ඉංග්‍රීසි බසින්). Princeton University Press. p. 187. ISBN 9781400848058. සම්ප්‍රවේශය 29 July 2016.
  22. ^ Poceski, Mario. Ordinary Mind as the Way: The Hongzhou School and the Growth of Chan Buddhism (ඉංග්‍රීසි බසින්). Oxford University Press. p. 24. ISBN 9780198043201. සම්ප්‍රවේශය 29 July 2016.
  23. ^ Wu, Jiang; Chia, Lucille. Spreading Buddha's Word in East Asia: The Formation and Transformation of the Chinese Buddhist Canon (ඉංග්‍රීසි බසින්). Columbia University Press. p. 155. ISBN 9780231540193. සම්ප්‍රවේශය 29 July 2016.
  24. ^ Wright, Dale S. The Zen Canon: Understanding the Classic Texts (ඉංග්‍රීසි බසින්). Oxford University Press. ISBN 9780199882182. සම්ප්‍රවේශය 29 July 2016.
  25. ^ Su-il, Jeong. The Silk Road Encyclopedia (ඉංග්‍රීසි බසින්). Seoul Selection. ISBN 9781624120763. සම්ප්‍රවේශය 29 July 2016.
  26. ^ Nikaido, Yoshihiro. Asian Folk Religion and Cultural Interaction (ඉංග්‍රීසි බසින්). Vandenhoeck & Ruprecht. p. 137. ISBN 9783847004851. සම්ප්‍රවේශය 29 July 2016.
  27. ^ Leffman, David; Lewis, Simon; Atiyah, Jeremy. China (ඉංග්‍රීසි බසින්). Rough Guides. p. 519. ISBN 9781843530190. සම්ප්‍රවේශය 29 July 2016.
  28. ^ Leffman, David. The Rough Guide to China (ඉංග්‍රීසි බසින්). Penguin. ISBN 9780241010372. සම්ප්‍රවේශය 29 July 2016.
  29. ^ DK Eyewitness Travel Guide: China (ඉංග්‍රීසි බසින්). Penguin. p. 240. ISBN 9781465455673. සම්ප්‍රවේශය 29 July 2016.
  30. ^ a b c d Stearns, Peter N., ed. (2001). The Encyclopedia of World History: Ancient, Medieval, and Modern, Chronologically Arranged (6th ed.). New York: Houghton Mifflin Company. pp. 155–6. ISBN 0-395-65237-5. සම්ප්‍රවේශය August 22, 2010.[permanent dead link]
  31. ^ Korean history for high school p.141, issued by The National History Compilation Committee of the Republic of Korea.
"https://si.wikipedia.org/w/index.php?title=පසුකාලීන_සිල්ලා&oldid=606752" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි