සම්මත වේලාව - ශ්‍රී ලංකාව යන ලිපියට ඔබ විසින් සිදු කල මෙම සංස්කරණය මගින් එහි References කොටසෙහි අර්ථවත්, වැදගත් හා තොරතුරු පිරි අන්තර්ගතයක් එක් කොට ඇත. එනමුදු මෙම අන්තර්ගතය එක් කල යුතුව තිබුනේ References කොටසට නොව ලිපියෙහි ප්‍රධාන දේහයටයි. References කොටසට එක් කෙරෙනුයේ ලිපියෙහි යම් අන්තර්ගතයන් කිසියම් පුස්තකයකින් හෝ වෙබ් අඩවියකින් හෝ ලබා ගත්තේ නම් හා වැඩි මනත් විස්තර සඳහා එය වෙත පාඨකයා යොමු කරවීම රිසි නම් එම ආශ්‍රිත වෙත යොමු කරවන සබැඳියන්ය. එබැවින් කරුණාකර එම අන්තර්ගතය දැන් පවතින තැනින් ඉවත් කොට සුදුසු පරිදී ලිපියෙහි ප්‍රධාන දේහය තුල බහාලන්න.
පෙර කී අන්තර්ගතය අග - - එච්.එල්.තනුර යැයි සටහනක් දුටිමි. මෙය අනවශ්‍ය මෙන්ම රීති විරෝධී වෙයි. මන්ද ඔබ විසින් තෝරාගෙන ඇති පරිශීලක නාමය යටතේ ඔබ විසින් සිදු කල සියළු සංස්කරණ පිළිබඳ වාර්තාවක් ගොනු වෙයි. එමනිසා ලිපි දේහය තුල ඔබගේ නම සටහන් කොට දැක්වීම සම්ප්‍රදාය නොවන අතර එය රීති විරෝධීද වෙයි. එබැවින් එය ඉවත් කර ගන්න. ඉදිරියේදී එවැනි දේ සිදු කිරීමෙන් වලකින්න.
එනමුදු සාකච්ඡා පිටු වලදී ඔබ විසින් යම් සටහන් තබන විට එහි අග අත්සන් තැබිය යුතු වෙයි. ---- ශ්වෙත (talk) 15:18, 13 අප්‍රේල් 2011 (යූටීසී)Reply

විකීපීඩියා සතියේ විශේෂාංග ලිපිය සංස්කරණය

ආයුබෝවන් - வனக்கம் - WELCOME
විකීපීඩියා මුල් පිටුවෙහි දිස්වන සතියේ විශේෂාංග ලිපිය දැනට දිගු කලක් දිස්සේ යාවත්කාලීන කිරීමක් නොකෙරැණි. ඉංග්‍රිසි විකියෙහි නම් මෙය දවසින් දවස යාවත්කාලීන කිරීමක් කරයි. අවාසනාවකට වාගේ අපේ විකියෙහි නම් මෙය අවුරැද්දකට සැරයක් වත් නොකරන බවක් පෙනී යයි. දැන් එය සිදු කිරීමට කාලය එළඹ ඇත. කරැණාකර ඔබේ ලිපි මෙතැනට ඉදිරිපත් කරන්න. ස්තූතියි...ඔබට සුබ දවසක්!

සිඳු කාවින්ද  සාකච්ඡාව 06:54, 22 අප්‍රේල් 2011 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:ThanuraHL&oldid=152392" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි