ආහාර අධිග්‍රහණය කරනු ලබනුයේත්, එම ආහාර ජීරණය කරනු ලබනුයේත්, ජීරණයේ අන්ත ඵල දේහ පටක තුළට අවශෝෂණය කරනු ලබනුයේත්, ජීරණය කළ නොහැකි ද්‍රව්‍ය බැහැර කෙරෙනුයේත් ආහාර ජීරණය පද්ධතිය මගින් වේ. මිනිසාගේ ආහාර ජීරණය පද්ධතියට ආහාර මාර්ගයත්, ඒ ආශ්‍රිත ග්‍රන්ථීනුත් අයත් වේ. මිනිස් ආහාර මාර්ග පද්ධතියේ ප්‍රධාන කොටස් වනුයේ මුඛය, මුඛ කුහරය, ග්‍රසනිකාව, අන්නස්‍රෝතය, ආමාශය, ක්ෂුදාන්ත්‍රතය, මහාන්ත්‍රය, ගුද මාර්ගය හා ගුදය වේ. මිනිස් ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත ග්‍රන්ථි වනුයේ ඛේට ග්‍රන්ථි, අග්න්‍යාශය, අක්මාව වේ.

මුඛය

මුඛ කුහරය, මුඛ විවරය මගින් බාහිරයට විවෘත වේ. ඇරිය වැසිය හැකි විවරයකි. ඇරිය විට ඕවලාකාර ය. මුඛ විවරය, තොල් වලින් මායිම් වී ඇත. තොල් වල ඇත්තේ ස්ථරීභූත අපිච්ඡදයයි. මුඛය විවෘත ව ඇති විටෙක දී මුඛ විවරය තුළින් මුඛ කුහරය දර්ශනය වේ. මුඛ කුහරය, උත්තල ව තල්ලෙන් ද අධර ව දිවෙන් ද පාර්ශ්වික ව කම්මුල් වලින් ද මායිම් වී ඇත. තල්ල මගින් මුඛ කුහරය නාස් මාර්ගයෙන් වෙන් කරයි. තල්ලේ පූර්ව ප්‍රදේශය දැඩි තල්ල ලෙස ද තල්ලේ අපර ප්‍රදේශය මෘදු තල්ල ලෙස ද හඳුන්වයි. දැඩි තල්ල අස්ථිමයයි. මෘදු තල්ල පේශිමයයි. මෘදු තල්ලේ නිදහස් අපර දාරයේ මධ්‍යයෙන් කුඩා පේශිමය ව්‍යුහයක් හටගෙන ඇත. එය කාකලිකය නම් වේ. කම්මුල් ආස්තරනය වී ඇත්තේ ස්ථරීභූත අපිච්ඡදයෙනි. මුඛ කුහරයේ පත්ලේ පිහිටා ඇති දිව, කංකාල පේශි වලින් තැනී ඇත. දිව ආස්තරණය වී ඇත්තේ ද ස්ථරීභූත අපිච්ඡදයෙනි. දිවෙහි තැනින් තැන රස සංවේදනයට ඉවහල් වන රසාංකුර පිහිටා ඇත. දිවෙහි ප්‍රධාන කාර්යයන් මෙලෙස දැක්විය හැක. රස සංවේදනයට වැදගත් වේ. කථනය‍ට වැදගත් වේ. මුඛ කුහරයේ දී ආහාර පිණ්ඩ ලෙස සකස් කිරීමට වැදගත් වේ. ආහාර ගිලීමට වැදගත් වේ. මුඛ කුහරයේ දී ආහාර මිශ්‍ර කිරීම‍ට වැදගත් වේ. දිවෙන් දැනගත හැකි ප්‍රධාන රස වර්ග 4කි. ලුණු රස දිවේ අග්‍රස්ථයෙන් ද ඇඹුල් රස දිවේ පැති වලින් ද තිත්ත රස දිවේ පාදස්ථයෙන් ද පැණි රස දිවේ අග්‍රස්ථයට මදක් අපරයෙන් ද දැනගත හැක.

මිනිසාගේ ආහාර ජීරණය පද්ධතිය සංස්කරණය

ආයුබෝවන්! සංස්කරණය

 
විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් Osanda Chahturanga, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

සිංහල විකියේ ලිපි තනන විට සිංහලෙන් මාතෘකා යෙදීමට කාරුණික වන්න
ලිපි තුල සබැඳි යොදා තවත් ලිපි වලට යොමු කරන්න
රූප, වගු ආදිය භාවිතා කරන්න
ලිපියෙහි මාතෘකාව දරන වෙනත් භාෂා ලිපි තිබේනම් අන්තර්-භාෂා සබැඳි යොදන්න
ලිපිය ප්‍රවර්ගීකරණය කරන්න


ස්තූතියි ! --තඹරු විජේසේකර සාකච්ඡාව 15:23, 20 දෙසැම්බර් 2011 (යූටීසී)Reply