Lakshandulip20050824
Joined 15 මැයි 2021
පද රචනය :- ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය :- ස්ටැන්ලි පීරිස්
ගායනය :- ඩෙස්මන්ඩ් ද සිල්වා
නිල්වන් මුහුදු තීරේ
ගල් මල් පිපුණු යායේ
මා තනිවෙලා නැව් තලේ
ඈ ඇත ඇගේ යහනතේ...
මා එතර ආ දා - ඈ නැවට ආවා
ඒ මොහොත සිහිවේ අද වගේ
මා හා තුරුළු වී ලා - දෑසේ කඳුළු බීලා
රහසේ සුසුම් ලෑ හඬ ඇසේ...
නිල්වන් මුහුදු තීරේ
ගල් මල් පිපුණු යායේ
මා තනිවෙලා නැව් තලේ
ඈ ඇත ඇගේ යහනතේ...
රෑ සොඳුරු මොහොතේ - මා මිදුණු යාමේ
ඈ දෙතොල මාගේ දෙකොපුලේ
ගෑ ඒ සුවඳ වීදේ - මූණේ තව ම මාගේ
නෑ මා පිසින්නෑ මුව මගේ...
නිල්වන් මුහුදු තීරේ
ගල් මල් පිපුණු යායේ
මා තනිවෙලා නැව් තලේ
ඈ ඇත ඇගේ යහනතේ...
නිල්වන් මුහුදු තීරේ
ගල් මල් පිපුණු යායේ
මා තනිවෙලා නැව් තලේ
ඈ ඇත ඇගේ යහනතේ...