පන්සල් වචන

ක්‍රියා-

  • වඩිනවා = යනවා, එනවා,
  • වළඳනවා = කනවා, බොනවා,
  • අමදිනවා = අතුගානවා,
  • සැතපෙනවා = නිදාගන්නවා,
  • දෝවනය = සේදීම,
  • නෙළනවා = කඩනවා,
  • පැන් පහසුවෙනවා = නානවා,

භාණ්ඩ-

  • පැන් = වතුර,
  • දානය = කෑම,
  • දැහැත් = බුලත්,
  • ගිලන් පස = බෙහෙත්,
  • හුය = නූල,
  • ගෙඩිය = ඝණ්ඨාරය,

ස්ථාන-

  • මළුව = මිදුල,
  • දන්ගෙය = දාන ශාලාව/කෑම කාමරය,
  • ගිණිහල් ගෙය = කුස්සිය,
  • පොත්ගුළ = පුස්තකාලය,


ක්‍රියා සමඟ මුසු වීමෙන්-

  • දානය වළඳනවා = කෑම කනවා,
  • පැන් වළඳනවා = වතුර බොනවා,
  • ගිලන් පස වළඳනවා = බෙහෙත් කනවා/බොනවා,
  • මළුව අමදිනවා = මිඳුල අතුගානව,
  • මල් නෙළනවා = මල් කඩනවා,

"https://si.wikipedia.org/w/index.php?title=පන්සල්_වචන&oldid=471271" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි