නිහාරිකා
නිහාරිකා යනු වායු සහ දූවිලි වලින් පිරුණු වලාකුළක් අභ්‍යවකාශයේ ඇති විට එය හඳුන්වනු ලබන්නේ "නිහාරිකාවක්" ( Nebula ) යනුවෙනි. ලතින් භාෂාවෙන් නිහාරිකාවක් යනු "[මීදුම]" වේ. තැටි ආකාර මෙවැනි නිහාරිකාවක් සංකෝචනය වෙමින් [සූර්යයා] වටා තිබී ඇත. එය සූර්යය නිහාරිකාවක් ලෙසින් නම් කරනු ලබන අතර එහි සංකීර්ණ මිශ්‍රණ ලෙස මැග්නීසියම්,කැල්සියම් සහ යකඩ වැඩිපුර අඩංගු සිලිකේට තිබී ඇත. උෂ්ණත්වය,පීඩනය හා එහි තිබූ වායු සංයුතිය අනුව එම සූර්යය නිහාරිකාවේ විවිධ කොටස් ,විවිධ ප්‍රමාණ වලින් ඝනීභවනය වෙමින් පවතින්නට ඇත. ඒ ඝනීභවනය වූ ප්‍රමාණයන් අනුව මුලින්ම සූර්යයාත්,ඊළඟට විවිධ දුර වලින් සෙසු ග්‍රහලෝකත් හට ගෙන ඇත. මෙලෙස සූර්යය නිහාරිකාවක් ඝනීභවනය වීමෙන් අනතුරුව අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ ඇති වූ බව කියවෙන නියමයට සාක්ෂි වශයෙන් උල්කාෂ්ම වල සංයුතිය ගත හැක.
උල්කාෂ්මයක් යනු ගල් බවට වූ ද්‍රව්‍ය වන අතර, ඒවායේ කුඩා ඛනිජ කොටස් අඩංගු වේ.
මෙම උල්කාෂ්ම සෞරග්‍රහ මණ්ඩලයේ ඇති අති පැරණි පාංශු කොටස් වේ,විශ්වයේ සෞරග්‍රහ මණ්ඩලය ඇති වූ කාල සමයේදී එනම් ග්‍රහලෝක තැනිමේදී මේවාද නිර්මාණය වී ඇත. එබැවින් අද හමුවන උල්කාෂ්ම වල සංයුතිය එදා පැවති ඛනිජ හා මූල ද්‍රව්‍ය වලින් යුක්ත යැයි විශ්වාස කෙරේ.කෙල්වින් 1450-1840 අතර අධික උෂ්ණත්වයකට බඳුන්වී ඝනීභවනයට පත්වූ ටන්ස්ටන් සහ ඔස්මියම් මේවායේ අඩංගු වී ඇත.මෙහි ඇති විශේෂත්වයක් වනුයේ අඩු උෂ්ණත්වයක් යටතේ ඝනීභවනය වූ ද්‍රව්‍ය ද උල්කාෂ්මයන් වල අඩංගු වීමයි. ජලය එවැනි උල්කාෂ්ම වල බහුල ලෙස ඛනිජ ද්‍රවය හා සම්බන්ධ වී පවතී.දැන් පෘථිවිය ගැන සලකා බලන විට එහිද ජලය බහුල බැව් පෙනේ. එබැවින් සූර්යය නිහාරිකාවක් ඝනීභවනය වීමෙන් සෞරග්‍රහ මණ්ඩලය ඇතිවී යැයි සැලකෙන මතයට වැඩි පිළිගැනීමක් වර්තමාන තාරකා විද්‍යාඥයන් අතර පවතී.