නිල්ලක්ගම බෝධි ඝරය

(නිල්ලග්ගම බෝධි ඝරය වෙතින් යළි-යොමු කරන ලදි)

නිල්ලග්ගම බෝධි ඝරය එසේත් නැත්නම් නිල්ලක්ගම බෝධි ඝරය යනු ශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව නගරයේ ඇති මොරගොල්ලාගම මාර්ගයෙහි නිටලව ග්‍රාමයේ පිහිටා ඇති බෝධි ඝරයකි. බෝධි ඝරයක් යනු යම්කිසි බෝධින්වහන්සේ වටා ඉදි වී ඇති ආවරණයක් හෝ ගෘහයක් හෝ වන නිර්මාණයකි.

නිල්ලක්ගම බෝධි ඝරය
නිල්ලක්ගම බෝධි ඝරය is located in ශ්‍රී ලංකාව
නිල්ලක්ගම බෝධි ඝරය
නිල්ලක්ගම බෝධි ඝරය
ශ්‍රී ලංකාව තුළ පිහිටීම
සාමාන්‍ය තොරතුරු
ප්‍රභේදයආගමික ගොඩනැගිලි
ගෘහනිර්මාණ ශෛලියබෞද්ධ
වර්ගීකරණයබෝධි ඝර
පිහිටීමනිල්ලග්ගම
නගරයගල්ගමුව
රටශ්‍රී ලංකාව
ඛණ්ඩාංක7°59′45″N 80°19′52″E / 7.9959002°N 80.3310858°E / 7.9959002; 80.3310858ඛණ්ඩාංක: 7°59′45″N 80°19′52″E / 7.9959002°N 80.3310858°E / 7.9959002; 80.3310858

ඉතිහාසය සංස්කරණය

නිල්ලග්ගම බෝධිඝරය (නිල්ලක්ගම බෝධිඝරය) ලක්දිව බෝධිඝර අතුරින් වඩාත්ම කලාත්මක නිර්මාණයක් ලෙස සැළකේ. කළු ගලින් නිර්මාණය කොට ඇති බෝධිඝරය හා එහි ප්‍රාකාරය නිල්ලග්ගම වෑ කන්ද පාමුල පිහිටා ඇත. වර්ෂ 1895දී මෙම බෝධිඝරයෙහි නටඹුන් එච්.සී.පී. බෙල් මහතා විසින් සොයාගන්නා ලදී. එහි තහවුරු කිරීමේ කටයුතු 1954 වර්ෂයේදී සෙනරත් පරණවිතාන මහතාගේ අධීක්ෂණය යටතේ ආරම්භ විය.[1]

නිල්ලග්ගම බෝධිඝරය මාලක දෙකකින් යුක්ත වන පරිදි නිමවා ඇත. සමස්ථ බිත්තිය ගල් පුවරු භාවිතයෙන් සම්පූර්ණ කොට තිබේ. ඇතුළුවීම සඳහා නැ‍ගෙනහිර හා බටහිර යන දිශා ඔස්සේ දොරටු නිර්මාණය කොට ඇත. ඇතුළත වූ මළුව සමචතුරශ්‍රාකාර ස්වරූපයක් ගනියි. මීට අමතරව ගල් කණු කීපයක නටබුන් මෙම භූමියේ දැකගත හැකිවන අතර, වහලයක් රැඳවීම සඳහා ඒවා භාවිත කරන්නට ඇතැයි ව්ශ්වාස කෙරේ.[2]

ගල් කැටයම් සංස්කරණය

 
නිල්ලක්ගම බෝධි ඝරයෙහි ගල් කැටයම් අතුරින් කීපයක්.

නිල්ලග්ගම බෝධිඝරයෙහි නෙලා ඇති ගල් කැටයම්, කලාත්මකභාවය අතින් බොහෝ සුවිශේෂි වන බව සැළකේ. එම කැටයම් අතර ඇත්, හංස, අශ්ව සහ සිංහ රූප, ගිනිසිළු රටා, ලියවැල්, පියුම් හා කලස් ආදිය දැකගත හැකි වේ.

අමතර අවධානයට සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. "නිල්ලක්ගම බෝධිඝරය". බුදුසරණ. සම්ප්‍රවේශය 11 දෙසැම්බර් 2015.
  2. "නිල්ලග්ගම බෝධිඝරය". සිළුමිණ. 1 නොවැම්බර් 2015. සම්ප්‍රවේශය 11 දෙසැම්බර් 2015.
"https://si.wikipedia.org/w/index.php?title=නිල්ලක්ගම_බෝධි_ඝරය&oldid=660731" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි