නිරක්ෂයක් යනු, ගෝලයක පෘෂ්ඨය, එම ගෝලයෙහි භ්‍රමණ අක්ෂයට ලම්බකවූ තලය හා සමග ඡේදනය වෙමින්, ධ්‍රැව අතර මධ්‍යයෙහි පිහිටන්නක් වෙයි. නිරක්ෂය යන්නෙන් සාමාන්‍යයෙන් අදහස් වන්නේ, පෘථිවියෙහි නිරක්ෂය වන අතර, එය වනාහී, උත්තර අර්ධගෝලය සහ දක්ෂිණ අර්ධගෝලය ලෙසින් පෘථිවිය දෙකට බෙදමින්, උත්තර ධ්‍රැවය සහ දක්ෂිණ ධ්‍රැවය අතර සමදුරකින් පිහිටන කල්පිත රේඛාවකි. අනෙකුත් ග්‍රහලෝක සහ තාරකා විද්‍යාත්මක වස්තූන්ටද එලෙසින් අර්ථදැක්වුණු නිරක්ෂයන් ඇත. නිරක්ෂය දළවශයෙන් 40,075 කිලෝමීටර (24,901 සැත) පමණ දිගු වෙයි; එයින් 78.7% පමණ ජලය මතින් දිවෙන අතර 21.3% පමණ ගොඩබිම මතින් දිවෙයි.

නිරක්ෂයෙහි භූමිතිය සංස්කරණය

නිරක්ෂයෙහි අක්ෂාංශය අර්ථ දැක්වීමෙන්ම 0° (අංශක ශුන්‍යය (බින්දුව)) වෙයි. නිරක්ෂය යනු, පෘථිවියෙහි සංගණ්‍ය අක්ෂාංශ වෘත්ත පහෙන් එකක් වන අතර, අනෙක්වා වන්නේ, ධ්‍රැව වෘත්ත දෙක සහ නිවර්තන වෘත්ත දෙක වන කර්කටක නිවර්තනය සහ මකර නිවර්තනය වෙති. මහා වෘත්තයක්ද වන්නාවූ එකම අක්ෂාංක රේඛාව වන්නේ නිරක්ෂයයි. පෘථිවියෙහි නිරක්ෂය, අහසෙහි ප්‍රක්ෂේපණය කල විට ලැබෙන්නාවූ කල්පිත වෘත්තය හැඳින්වෙන්නේ, බගෝල සමකය ලෙසිනි.

ගොනුව:Equator monument.jpg  
වම: ඉන්දුනීසියාවේ පොන්ටියානක් අසබඩ නිරක්ෂය සලකුණු කරන ස්මාරකයක්
දකුණ: කෙන්යාවේ නන්යුකි අසබඩ, නිරක්ෂය සලකුණු කරන මාර්ග සංඥා පුවරුවක්
"https://si.wikipedia.org/w/index.php?title=නිරක්ෂය&oldid=284686" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි