නියැන්ඩර්තාල් [4] යනු, හෝමෝ ගණයට අයත් නෂ්ට මානව විශේෂයක් වන අතර, බොහෝ විට හෝමෝ සේපියන්ස් හී උපවිශේෂයක් විය හැක. [5] නූතන මානවයන්ට ඉතා කිට්ටු බන්ධුතාවයක් දක්වන ඔවුහූ,[6][7] ඩීඑන්ඒ අතින් වෙනස් වන්නේ 0.12% කින් පමණි.[8] නියැන්ඩර්තාල් විසින් ඉතිරි කර ගිය නෂ්ටාවශේෂ අතර අස්ථිමය සහ පාෂාණමය මෙවලම් ඇති අතර, ඒවා හමුවීඇත්තේ යුරේසියාව, බටහිර යුරෝපය සිට මධ්‍යම සහ උතුරු ආසියාව අතර ප්‍රදේශය යන පළාත් වලිනි. මෙම ජීවි විශේෂය නම් කර ඇත්තේ, ඔවුන් මුලින්ම සොයාගත්, ජර්මනියේ පිහිටි නියැන්ඩර්ටල් ("නියැන්ඩර් නිම්නය") නම් ස්ථානය අනුව යමිනි.

Neanderthal
කාලීන ව්‍යාප්තිය: මධ්‍ය ප්ලෙස්ටොසීන සිට පශ්ච ප්ලෙස්ටොසීන0.43/0.25–0.04 Ma
පසුකාලීන නියැන්ඩර්තාල් හිස්කබලක්
(La Chapelle-aux-Saints 1)
නියැන්ඩර්තාල් ඇටසැකිල්ලක දළ යළිතැනුමක්. මධ්‍ය central rib cage, including the sternum, and parts of the pelvis are from modern humans.
විද්‍යාත්මක වර්ගීකරණය edit
Unrecognized taxon (fix): Homo
විශේෂය: H. neanderthalensis
ද්වීපද නාමය
Homo neanderthalensis
කිං, 1864
Known Neanderthal range in Europe (blue), Southwest Asia (orange), Uzbekistan (green), and the Altai Mountains (violet).
පර්යාය නාම(ය)

Homo stupidus (Haeckel 1866)[1]
Homo mousteriensis (Klaatsch 1909)[2]
Palaeoanthropus neanderthalensis[3]

සාමාන්‍යයෙන් පාෂාණිධාතු විද්‍යාඥයින් විසින් නියැන්ඩර්තාල්වරුන් හඳුන්වන්නේ හෝමෝ නියැන්ඩර්තාලෙන්සිස් නම් විශේෂය ලෙසින් වුවද, සුළුතරයක් විසින් සලකනු ලබන්නේ, ඔවුන් හෝමෝ සේපියන්ස් වරුන්ගේ උපවිශේෂයක් ලෙසින් (හෝමෝ සේපියන්ස් නියැන්ඩර්තාලෙන්සිස්) බවයි. [9] පූර්ව-නියන්ඩර්තැල් ලක්ෂණ සහිත පළමු මානවයන් යුරේසියාවේ ජීවත්වූයේ 600,000–350,000 වසර ගණනකට පෙර තරම් ඈත අතීතයේ බව විශ්වාස කෙරෙන අතර [10] පළමු "සත්‍ය නියැන්ඩර්කාල්වරුන්" බිහිවීඇත්තේ 200,000 සහ 250,000 අතර වසර ගණනකට පෙරය.[11]



ආශ්‍රිත සංස්කරණය

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; naming නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. Romeo, Luigi (1979). Ecce Homo!:A Lexicon of Man. Amsterdam: John Benjamins Publishing Company. p. 92. ISBN 978-9027220066.
  3. Camp, C. L; Allison, H. J.; Nichols, R. H. (1964). Bibliography of Fossil Vertebrates 1954–1958. New York: The Geological Society of America, Inc. p. 556. ISBN 9780813710921.
  4. නියැන්ඩර්තාල්. (2012). Dictionary.com. සම්ප්‍රවේශය සැප්තැම්බර් 7, 2012, link වෙතින්.
  5. "නියැඩර්තාල්: ෆැක්ට්ස් අබවුට් අවර් එක්ස්ටින්ක්ට් හියුමන් රෙලටිව්ස්". LiveScience.
  6. කොලින් පී.ටී. බේලි; කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලය, බර්ක්ලි. "නියැන්ඩර්තාල්ස්: යුනීක් ෆ්‍රොම් හියුමන්ස්, ඕර් යුනික්ලි හියුමන්?" (PDF). berkeley.edu.
  7. ස්මිත්සෝනියන් ආයතනය ඇමරිකානු ඉතිහාසය පිළිබඳ ජාතික කෞතුකාගාරය. "ඒන්ෂන්ට් ඩීඑන්ඒ ඇන්ඩ් නියැන්ඩර්තාල්ස්". si.edu.
  8. ඒරන්මෙෂෝරර්, ලිරාන් කාර්මෙල්, සහ අනෙකුන් (2014). "රිකන්ස්ට්‍රක්ටිං ද ඩීඑන්ඒ මෙතිලේෂන් මැප්ස් ඔෆ් ද නියැන්ඩර්තාල් ඇන්ඩ් ද ඩනීසවන්". සයන්ස්. doi:10.1126/science.1250368.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)
  9. හබ්ලින්, ජේ. ජේ. (2009). "දි ඔරිජින් ඔෆ් නියැඩර්තාල්ස්". ප්‍රසීඩින්ස් ඔෆ් ද නැෂනල් ඇකඩමි ඔෆ් සයන්සස්. 106 (38): 16022–7. Bibcode:2009PNAS..10616022H. doi:10.1073/pnas.0904119106. JSTOR 40485013. PMC 2752594. PMID 19805257.
  10. බිෂොෆ්, ජේම්ස් එල්.; ෂෑස්ප්, ඩොනල්ඩ් ඩී.; ඇරම්බුරු, ඇරන්ට්සා; අර්සූගා, ජුවන් ලුවි; කාබොනෙල්, අවුඩල්ඩ්; බර්මුඩෙද් ඩි කැස්ට්‍රෝ, ජේ.එම්. (2003). "ද සීමා දෙ ලොස් හොයිසොස් හොමිනිඩ්ස් ඩේට් ටු බියෝන්ඩ් යූ/ටීඑච් ඉක්විලිබ්‍රියම් (>350 කිලොඉයර්) ඇන්ඩ් පර්හැප්ස් ටු 400–500කිලෝඉයර්: නිව් රේඩියෝමෙට්‍රික් ඩේට්ස්". ජර්නල් ඔෆ් ආකියොලොජිකල් සයන්ස්. 30 (3): 275–80. doi:10.1006/jasc.2002.0834.
  11. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; neanderrediscovered නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
"https://si.wikipedia.org/w/index.php?title=නියැන්ඩර්තාල්&oldid=440590" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි