නවෝත්පාදනයේ අසාමාර්ථය

නිර්මාණකරනයේ බිඳවැටුම් පිලිබදව පර්යේෂකයන් සොයාගෙන ඇති ආකාරයට සෑම නිර්මාණකරනයන්ගේම සියයට පනහේ සිට අනූවක ප්‍රමානයක් තරමක් හො සම්පූර්ණයෙන්ම අදාල ඉලක්ක වලට ලගා නොවන බවක් කියැවේ. ඉන් එක් පර්යේෂනයකට අනුව සෑම නිර්මාණකරනයන් තුන්දහසකටම එකක් පමණක් සාර්ථක ලෙස අදාල ඉලක්ක වලට ලගා වන බවකි. බිදවැටුම් යනු සැබවින්ම නිර්මාණකරනයේ බලපොරොත්තු විය යුතු කරුණකි. එමෙන්ම සෑම සාර්ථක ආයතනයක්ම යම් සැලකියයුතු අනතුරු මට්ටමක පවති. සෑම ආයතනයකම මෙම අත්දැකීම් සමාන නොවන අතර එය සාමාන්‍ය පාඩුවකින් ඔබ්බට යා හැක. රැකිය නියුතුවන්ගේ චිත්ත ධෛර්යය අඩු කිරීම, ආකල්පමය බිද වැටීම සහ අනාගත වෙනස් කම් සදහා අධික ප්‍රතිරොධයක් දැක්වීම විය හැකියි.

සන්කල්පමය වශයෙන් බිදවැටුම් යහපත් අවස්ථා ඇති කලද, මූල්‍යමය ආදී හේතු, අත්දැකීම් හිගකම හො නියමිත ඉලක්ක වලට ලග නොවිම නිසා අතහැර දැමීම් සහ කල් දැමීම් ආදිය සිදු විය හැක. මෙ නිසා සාමන්‍යයෙන් සිදු විය හැකි බිදවැටුම් කලින් හදුනාගෙන නොගැලපෙන අදහස්, සම්පත් හිග වීම්, මග හැර වඩාත් ඵලදායී මට්ටමකට ලගා විය හැකිය. විවෘත‍ව කතා හා විවාද කොට ආයතනයකට මෙම තත්වයන් මගහරවා ගත හැක.මෙම දැනීම සාර්ථක වූ ආයතනයකින් වඩා නිතර බිදවැටීම් වලට ලක් වූ තැනකින් ලබා ගත හැක.කෙසේ වෙතත් මේ ඉගැනීම වැදගත් වන අතර නිතර වන බිදවැටීම් ආයතනයේ නාස්තිය ඉහල දැමීමටත්, අනාගතයට තර්ජනයක් වීමටටත් හැකිය. මෙම බිදවැටුම් නිතර පරීක්ෂණ වලට ලක් කෙරෙන අතර සමහර සිද්ධීන් ආයතනයට බාහිරව බලපෑම් කෙරෙන අතර සමහර සිද්ධීන් අභ්‍යන්තරව බලපෑම් කෙරේ. අභ්‍යන්තරව බලපෑම් කරන සාධක, සන්ස්කෘතිමය යටිතල ව්‍යූහමය හා සම්බන්ධ සහ නිර්මණකරණයටම සම්බන්ධ සාධක ලෙස බෙදා දැක්විය හැකිය. නිර්මණයන් පිලිබද බිදවැටුම් ආයතනයෙන් ආයතනයට වෙනස් විය හැකි නමුත් පහත දැක්වෙන්නේ ආයතනයක් තම ජීවිත කාලය තුල සාමන්‍යයෙන් මුහුන දිය හැකි පොදු තත්වයන්ය.

(O'Sullivan, 2002):

  1. දුර්වල නායකත්වය,
  2. දුර්වල සන්විධානය,
  3. දුර්වල සන්නිවේදනය,
  4. දුර්වල බලයනය කිරීම්,
  5. දුර්වල ඤාණ කළමනාකරණය,

සිදු විය හැකි පොදු නිර්මාණකරනයන්ගේ බිදවැටුම් ආයතන් කොටස් පහකට බෙදා දක්වයි.

  1. දුර්වල අරමුණු පැහැදිලි කිරීම්,
  2. අරමුණු වලට ලගා වීමෙ දුර්වල පෙලගැස්වීම්,
  3. දුර්වල කණ්ඩායම් සහභාගීත්වයන්,
  4. දුර්වල ප්‍රතිඵල මන්තු කිරිම්,
  5. සන්නිවේදනයේ සහ තොරතුරු පිවිසුම් වල දුර්වලතා,

ඵලදායී ලෙස අරමුණු වලට ලගා වීමට නම් නවීකරන ක්‍රියාවලියට සහභාගී වන සියලුම දෙනාම ආයතනයේ අරමුණු පිලිබදව හොදින් දැන සිටිය යුතුය.

නවීකරණයන් ආයතනයේ සාමන්‍ය යාන්ත්‍රික මර්ගය ඔස්සේම ගමන් ගන්නේ නම් බිදවැටීමට ඉඩ කඩ ඇත."ප්‍රතිඵල ලබා ගැනීමට නම් ලිවරය තල්ලු කරන්න". වෙනසක් කිරීමට පාලනයන්, බලාත්මක කිරිම් සහ ව්‍යූහයන් පමණක් ප්‍රමානවත් නොවේ. ආයතන ප්‍රධානීන් නිර්මාණකරනය සදහා බලය ලබා දිය යුතුය.කෙසේ වෙතත් නිර්මාණකරනය හදුනා ගැනීම, වර්ධනය කිරීම, ව්‍යවහාර කිරීම සහ යෙදීම සිදු වන්නේ තනි තනි පුද්ගලයන් හරහා බැවින් ඔවුන් එම ක්‍රියාවලියේ කුඩාම පරමාණුව ලෙස සැලකේ. නවීකරණයන් ආයතනයේ සාම්ප්‍රදායික සම්මතයන්ට එරෙහිව ක්‍රියා කරයි. නව අදහස් වලට හොදින් ඇහුම් කන් දීම වැදගත් වේ.


ලෝක ව්‍යප්ත නිර්මාණකරන අණුක්‍රමිකතාවයන්

සංස්කරණය
ශ්‍රේණිය රට සමස්ත නිර්මාණකරන ආදානය නිර්මාණකරන ක්‍රියාකාරිත්වය
1   දකුණු කොරියාව 2.26 1.75 2.55
2   එක්සත් ජනපද 1.80 1.28 2.16
3   ජපානය 1.79 1.16 2.25
4   ස්වීඩනය 1.64 1.25 1.88
5   නෙදර්ලන්තය 1.55 1.40 1.55
6   කැනඩාව 1.42 1.39 1.32
7   එක්සත් රාජධානිය 1.42 1.33 1.37
8   ජර්මනිය 1.12 1.05 1.09
9   ප්‍රංශය 1.12 1.17 0.96
10   ඕස්ට්‍රේලියාව 1.02 0.89 1.05
11   ස්පාඤ්ඤය 0.93 0.83 0.95
12   බෙල්ජියම 0.86 0.85 0.79
13   චීනය 0.73 0.07 1.32
14   ඉතාලිය 0.21 0.16 0.24
15   ඉන්දියාව 0.06 0.14 -0.02
16   රුසියාව -0.09 -0.02 -0.16
17   මෙක්සිකෝව -0.16 0.11 -0.42
18   තුර්කිය -0.21 0.15 -0.55
19   ඉන්දුනීසියාව -0.57 -0.63 -0.46
20   බ්‍රසීලය -0.59 -0.62 -0.51