නදීකා සමන්මලී පෙරේරා (1983 ඔක්තෝම්බර් 22) යනු ශ්‍රී ලංකාවේ දක්ෂ නිරූපණ ශිල්පිණියකි. 2005 වර්ෂයේදී ශ්‍රී ලංකා රූ රැජින කිරුළ හිමිකරගත් ඇය, 2007 වර්ෂයේදී ස්පාඥ්ඤයේ පැවැති "විශිෂ්ඨතම ජාත්‍යන්තර කාන්තා නිරූපිකාව-2007 (The International Best Female Model-2007)" තරඟයේද ජය හිමිකර ගත්තාය.[1][2]

නදීකා සමන්මලී පෙරේරා
Nadeeka Samanmali Perera
උපත1983 ඔක්තෝම්බර් 22
උසසෙ.මී. 177 (5’10”)

මුල් අවධිය සංස්කරණය

1983 ඔක්තෝම්බර් 22 වන දින උපන් නදීකා, අධ්‍යාපන කටයුතු දෙහිවල මධ්‍යමහා විද්‍යාලයෙන් සහ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයෙන්ද හදාරණ ලදී. වයස අවුරුදු 16 සිටම නිරූපිකාවක වීමට සිහින මැවූ බව කියන නදීකා, වර්ථමානයේ මෙරට උසම නිරූපිකාව ලෙසද හැඳින්වෙයි. (උස අඩි 5 අඟල් 10)[3]

වෘත්තිය දිවිය සංස්කරණය

2005 වර්ෂයේදී ශ්‍රී ලංකා රූ රැජින කිරුළ හිමිකරගත් නදීකා, එම වර්ෂයේම පැවැති ලෝක රූ රැජින තරඟය සඳහාද ශ්‍රී ලංකාව නියෝජනය කලාය. පසුව 2007 වසරේදී ස්පාඥ්ඤයේ ඇලිකන්ට් (Alicante) හී පැවැති විශිෂ්ඨතම ජාත්‍යන්තර කාන්තා නිරූපිකාව තෝරා ගන්නා තරඟයේදී ඇය, මිස් ෆොටෝජෙනික් (Miss Photogenic), මිස් ග්ලැමර් (Miss Glamour), හොඳම දේශීය විලාසිතාව (Best National Costume) සහ මිස් කැට්වෝක් (Miss Catwalk) යන උප තරඟ 4 ක ජයග්‍රහණය ඇතුළු සමස්ථ තරඟාවලි ජයග්‍රහණයම තමන් සතු කර ගත්තාය.[4] එම තරඟාවලියේ, හොඳම දේශීය විලාසිතාව යන උප තරඟය සඳහා ඇය ඉදිරිපත් කල සාම්ප්‍රදායික 'ගරා යකා' ඇඳුම එහිලා විශේෂයෙන් කැපී පෙනුනු බව සඳහන්ය.

2012 වර්ෂයේදී නදීකා, ස්වකීය නිරූපණ පාසලක් ආරම්භ කරන ලදී.

ආශ්‍රිත සංස්කරණය

  1. "සන්ඩේ ඔබ්සවර් – නදීකා පෙරේරා". සම්ප්‍රවේශය 2007-08-05.
  2. "අ රෝල් මොඩල් ෆෝර් ශ්‍රී ලංකා'ස් යන්ග් විමෙන්". Daily News(Sri Lanka). 23 අගේස්තු 2007. {{cite news}}: Check date values in: |date= (help)
  3. Nadeeka Perera International Best Female Model 2007
  4. "අන්ප්ලග්ඩ් – ඉන්ටර්නැෂනල් බෙස්ට් මෙඩ්ල් 2007". සන්ඩේ ලක්බිම නිව්ස් (ශ්‍රී ලංකා). 12 අගෝස්තු 2007.[permanent dead link]

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=නදීකා_පෙරේරා&oldid=594811" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි