ධම්නාර් ලෙන්

ඉන්දියාවේ ලෙන්

ධම්නාර් ලෙන් පිහිටියේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ මන්ද්සෞර් දිස්ත්‍රික්කයේ ධම්නාර් ගම්මානය තුළ ය. මෙහි ලෙන් 51ක් දක්නට ලැබෙන අතර, ක්‍රි.ව. 7වන සියවසට අයත් ස්තූප, චෛත්‍යශාලා, පැසේජ, සහ කුටි මෙහි දක්නට ලැබේ. මෙහි හිඳි සහ සැතපෙන බුද්ධ ප්‍රතිමා ද දක්නට ලැබේ.[1]

ධම්නාර් ලෙන්
ධම්නාර් ලෙන්
මන්ද්සෞර් දිස්ත්‍රික්කයේ චන්ද්වාසා හි ධම්නාර් ලෙන්
මන්ද්සෞර් දිස්ත්‍රික්කයේ චන්ද්වාසා හි ධම්නාර් ලෙන්
ධම්නාර් ලෙන් is located in ඉන්දියාව
ධම්නාර් ලෙන්
ඉන්දියාව තුළ පිහිටීම
ඛණ්ඩාංක24°11′35″N 75°29′53″E / 24.19306°N 75.49806°E / 24.19306; 75.49806ඛණ්ඩාංක: 24°11′35″N 75°29′53″E / 24.19306°N 75.49806°E / 24.19306; 75.49806
මාදිලියබෞද්ධ ලෙන්

උතුරු පෙදෙසෙහි ඇති ලෙන් දාහතර ඓතිහාසිකව වැදගත් වේ. ඉන් බාරි කචේරි (මහා අධිකරණ ශාලාව) සහ භීම බසාර් ‍යන ලෙන් වැදගත් වේ. බාරි කචේරි ලෙන අඩි 20 සමචතුරස්‍රයක් වන අතර, එහි ස්තූප දක්නට ලැබේ. එහි ද්වාර මණ්ඩපය ශෛලමය ගරාදි වැටකින් සමන්විත අතර, එය දැව ගෘහනිර්මාණ අංග අනුකරණය කරමින් තනා ඇත. භීම බසාර් ලෙන මෙම සමූහයේ පිහිටි විශාලතම ලෙන වන අතර, එහි මිනුම් අඩි 115 සහ 80 වේ. එහි විහාර ගෙයක් සහ චෛත්‍යගෘහයක් දක්නට ලැබේ. එහි පියස්ස දුර්වල මට්ටමකින් පවතියි.[2]

මේවාත් බලන්න සංස්කරණය

වැඩිදුර කියවීමට සංස්කරණය

  • Jain, Kailash Chand (1972). Malwa Through the Ages, from the Earliest Times to 1305 A.D. Motilal Banarsidass Pub. pp. 426–427. ISBN 812080824X.
  • Verma, Archana (2007). Cultural and Visual Flux at Early Historical Bagh in Central India. Archaeopress British Archaeological Reports. p. 11. ISBN 978-1407301518.

උද්ධෘත සංස්කරණය

  1. Archaeological Survey of India, Bhopal Circle. "Monument >> Mandsaur >> Dhamnar Buddhist caves No. 1 to 51". Govt of India, Ministry of Culture. සම්ප්‍රවේශය 1 December 2013.
  2. "DHAMPUR TAHSIL". Imperial Gazetteer of India. 11: 283. සම්ප්‍රවේශය 1 December 2013.
"https://si.wikipedia.org/w/index.php?title=ධම්නාර්_ලෙන්&oldid=518714" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි