ද ඉම්පීරියල් ඩොක්ට්‍රස්

ද ඉම්පීරියල් ඩොක්ට්‍රස් (චීන: 女医·明妃传) යනු 2016 චීන රූපවාහිනී කතාමාලාවකි. මේ සඳහා පාදක වී ඇත්තේ චීනයේ මිං රාජවංශයේ වෛද්‍යවරියක වූ ටෑන් යුන්ෂියෑන්ගේ කථා පුවතයි. සිසිලියා ලියු විසින් මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරයි. 2016 පෙබරවාරි 13 සිට මාර්තු 9 දක්වා සෑම දිනකම ප.ව. 7.30ට ජියාංසු ටීවී සහ ඩ්‍රැගන් ටීවී නාළිකා ඔස්සේ මෙම කතාමාලාව විකාශය විය.[1][2]

ද ඉම්පීරියල් ඩොක්ට්‍රස්
ප්‍රභේදයඓතිහාසික ප්‍රබන්ධ
වෛද්‍ය
ප්‍රේම වෘත්තාන්ත
රචනය කලේචෑං වෙයි
අධ්‍යක්ෂණය කලේලී ක්වොක් ලප්
රඟපෑමසිසිලියා ලියු
වොලස් හුඕ
හුවාං ෂුවාන්
ඇරඹුම් තේමාවHeavy Rain is Coming - ලාලා හ්සු විසිනි.
අවසන් තේමාවUntil That Day - සාරා ලියු විසිනි.
සම්භව රටචීනය
භාෂාව(න්)මැන්ඩරින්
කථාවාර සංඛ්‍යාව1
කථාංග ගණන50
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)කැරන් ට්සෝයි
ස්ථානය(න්)චීනය
ධාවන කාලයමිනිත්තු 42
නිෂ්පාදන සමාගමනිව් ක්ලැසික්ස් මීඩියා
ටැන්ග්රේන් මීඩියා
බෙදාහරින්නානිව් ක්ලැසික්ස් මීඩියා
ප්‍රචාරණය
මුල් නාලිකාවJSTV, ඩ්‍රැගන් ටීවී
මුල් ධාවනයපෙබරවාරි 13, 2016 (2016-02-13) – මාර්තු 9, 2016 (2016-03-09)

සාරාංශය සංස්කරණය

මිං රාජවංශයේ යිංෂොං අධිරාජයාගේ සමයයෙහි ටෑන් යුන්ෂියෑන් (සිසිලියා ලියු) වෛද්‍ය පෙළපතකින් පැවත එන්නියකි. ඇගේ පවුල පරම්පරා ගණනාවක් තිස්සේ මාලිග වෛද්‍යවරුන් ලෙස කටයුතු කොට තිබේ. කෙසේනමුත්, වෛද්‍යවරියනට වෛද්‍යකර්මය තහනම් කෙරුණේ බොහෝ දෙනකු එය අවභාවිත කිරීම නිසායි. එසේවුව ද, යුන්ෂියෑන් වෛද්‍යකර්මය ඉගෙනීමට ඉටාගන්නා අතර, ඇය ර‍හසේම වෛද්‍යය ඉගෙන ගනියි. ඇගේ බලවත් උනන්දුව සහ ධෛර්යය හේතුවෙන් යුන්ෂියෑන් විවිධ බාධක ජයගැනීමට සමත් වේ. කෙසේ හෝ ධුරයෙන් උසස්වීම් ලබන ඇය මිං රාජවංශයේ වඩාත් ප්‍රකට වෛද්‍යවරිය බවට පත්වේ. මෙම ගමන් මාර්ගයේ දී ඇය සිහසුන උදෙසා සතුරන් වී සිටින රාජකීය සොයුරන් දෙදෙනකු වන චූ ක්විචෙන් (වොලස් හුඕ) සහ චූ ක්වියු (හුවාං ෂුවාන්) අතර ප්‍රේමයේ සිරවෙයි.

චරිත නිරූපණය සංස්කරණය

ප්‍රධාන සංස්කරණය

සහායක සංස්කරණය

රාජකීයයන් සංස්කරණය

  • ලි චෙං යුවාන්, ක්වියෑන් අධිරාජිනිය (錢皇后) ලෙස; චූ සිචෙන්ගේ බිරිඳයි.
    • හූ ෂුන් එර්, ලාබාල ක්වියෑන් අධිරාජිනිය ලෙස
  • ජිනා ජින්, වැං මෙයිලින් (汪美麟) ලෙස; චූ ක්වියුගේ භාර්යාවයි.
  • හේ ක්විං, සුන් වැන්දඹු අධිරාජිනිය (孫太后) ලෙස; චූ ක්විචෙන්ගේ මෑණියන් ය.
  • හේ යින්, වූ වැන්දඹු අධිරාජිනිය (吳太后) ලෙස; චූ ක්වියුගේ මෑණියන් ය.
  • ගු යැන්, ධුරයෙන් පහකළ හූ අධිරාජිනිය ‍(靜慈師太) ලෙස
  • ෂෙං ලැං ෂි, අධිරාජකීය චෞ බිසව (周貴妃) ලෙස; චූ ක්විචෙන්ගේ උපබිසවකි.
  • ජින් ෂියෑං, ලි බිසව (權麗妃) ලෙස; චූ ක්විචෙන්ගේ උපබිසවකි.
  • ලියෝ වූ, නව යොවුන් චූ ජියෑන්ෂෙන් (朱見深) ලෙස; චූ ක්විචෙන් සහ ක්වියෑන් අධිරාජිනියගේ පුත්‍රයායි.
    • ෂියා සි යු, ළමා ජියෑන්ෂෙන් ලෙස

උතුරු යුවාන් සංස්කරණය

  • යුවාන් වෙන් කං, යේ ෂියෑන් (也先) ලෙස; උතුරු යුවාන්හි පාලකයායි. ඔහු ටෑන් යුන්ෂියෑන්ට ප්‍රිය කරයි.
  • ලි චාඕ, බයාන් තෙමූර් (伯顏帖木兒) ලෙස; යේ ෂියෑන්ගේ බාල සොහොයුරා වන මොහු චූ ක්විචෙන්ගේ හොඳ මිතුරෙකි.
  • ෆෙං ලි ලි, ටුඕ බුහුවා (脫不花) ලෙස; යේ ෂියෑන්ගේ නැගණිය වන මැය චූ ක්විචෙන්ට ප්‍රිය කරයි.
  • ෂුඕ ජින් චූ, මෙං දුඕ (蒙多) ලෙස

ටෑන් (හැං) නිවස සංස්කරණය

  • කුයි කේ ක්වු, ටෑන් ෆු (譚復), යුන් ෂියෑන් මුත්තණුවන් ය.
  • වැං ලි යුවාන්, වියපත් ටෑන් මහත්මිය (譚老夫人) ලෙස; යුන් ෂියෑන්ගේ මිත්තණියයි.
  • වැං ෂින් මින්, ටෑං ගැං (譚綱) ලෙස; යුන් ෂියෑන්ගේ පියායි.
  • චෑං යි ජියේ, ටෑන් යුන්ලියෑං (譚允良) ලෙස; යුන් ෂියෑන්ගේ සොහොයුරායි.
  • යු ෂා ෂා, සි සූ (紫蘇) ලෙස; යුන් ෂියෑන්ගේ පෞද්ගලික සේවිකාවයි.

රාජකීය වෛද්‍යවරු සංස්කරණය

  • ලියු ලි වෙයි, ලියු පින්ගන් (劉平安) ලෙස; යුන් ෂියෑන්ගේ ගුරුවරයායි.
  • චෑංලෙයි, චෙං ෂිසන් (程十\u19977 三) ලෙස; ප්‍රධාන එදිරිවාදියා වන මොහු පසුව මිං රාජවංශයට ද්‍රෝහී වේ.
  • චෑං හාඕ රැන්, චෙං කුන්ෂියා (程村霞) ලෙස; යුන් ෂියෑන්ගේ ජ්‍යෙෂ්ඨයායි.

මාලිග නිලධාරීන් සහ සේවකයින් සංස්කරණය

  • චෑං බෝ ජුන්, වැං යිං (汪瑛) ලෙස; වැං මෙයිලින්ගේ පියායි.
  • ඩෙං ලි මින්, වැං චෙන් (王振) ලෙස; චූ ක්විචෙන්ගේ මිතුරෙකි.
  • ලූ සෙන් බාඕ, කාඕ ජිෂියෑං (曹吉祥) ලෙස; චූ ක්වියුගේ මිතුරෙකි.
  • යැං ගුවාං, චාඕ ගුඕගොං (趙國公) ලෙස
  • ෂූ පෙංකායි, සෙන්පති ෂි හෙං (石亨) ලෙස
  • ක්වු චේ මිං, ෂියාඕ ෂුන් සි (小順子) ලෙස; චූ ක්විචෙන්ගේ සේවකයායි.
  • ලි වෙයි ටිං, ෂියාඕ මා සි (小馬子) ලෙස; චූ ක්වියුගේ සේවකයෙකි.
  • හු බිං ක්විං, රූ ෂියෑං (如香) ලෙස; ක්වියෑන් අධිරාජිනියගේ පෞද්ගලික සහායිකාවයි.
  • ලූ යුවෑන් යුවෑන්, ඩිං ෂියෑං (丁香) ලෙස; යුන් ෂියෑන්ගේ පෞද්ගලික සහායිකාවකි.
  • මා ෂියෑං යි, ලැන් කාඕ (蘭草) ලෙස; වැං මෙයිලින්ගේ පෞද්ගලික සේවිකාවයි.
  • ටෑන් ෂින් රෞ, යු ෂියෑං (玉香) ලෙස; සුන් වැන්දඹු අධිරාජිනියගේ පෞද්ගලික සේවිකාවයි.
  • ෆැං ගොං මින්, ෆැන් ගොං (范弘) ලෙස; සුන් වැන්දඹු අධිරාජිනියගේ විශ්වාසවන්තයායි.

වෙනත් සංස්කරණය

  • චූ හොං, චෙන් බිනියෑං (陳碧娘) ලෙස; නෑන් ෂි වෛශ්‍යා ගෘහයේ නාට්‍යාංගනාවකි.
  • වැං චුන් යුවාන්, වැං දඕෂි (王道士) ලෙස; නෑන් ෂි වෛශ්‍යා ගෘහයේ ප්‍රධානියා සහ යුන් ෂියෑන්ගේ ආචාර්යවරයායි.
  • ල්ව් ලියෑං, යූ දොංයැං (于东阳) ලෙස; යුන් ෂියෑන්ගේ ඇපකාර පියායි.
  • ලූ ෆැං මෙයි, යූ මැතිණිය (于夫人) ලෙස; යුන් ෂියෑන්ගේ ඇපකාර මෑණියන් ය.
  • ෆැං සි චුන්, ලුඕ දා නියෑං (罗大娘) ලෙස; යුන් ෂියෑන්ට ඉගැන්වූ වෛද්‍යවරියකි.

ඓතිහාසික නිරවද්‍යභාවය සංස්කරණය

මෙම මාලා නාට්‍යයේ ප්‍රධාන චරතය වන ටෑන් යුන්ෂියෑන් සුප්‍රකට වෛද්‍ය පවුලකින් පැවත ආ සැබෑ තැනැත්තියකි. ඉතිහාසයේ සිටි අතලොස්සක් වූ වෛද්‍යවරියන්ගෙන් අයෙකි, ඇය. ඇය සිය මරණයට පෙර "වෛද්‍යවරියකගේ කියමන්" ග්‍රන්ථයක් ප්‍රකාශයට පත්කළ අතර, එය පරම්පරා ගණනාවක් පුරා පරිහරණය විය. කෙසේනමුත්, ටෑන් යුන්ෂියෑන් සහ අධිරාජවරුන් දෙදෙනා අතර මෙහි දක්වා ඇති ප්‍රේම වෘත්තාන්තය සම්පූර්ණයෙන්ම ප්‍රබන්ධ එකකි. සැබැවින්ම ටෑන් යුන්ෂියෑන් සමග චූ ක්විචෙන් සහ චූ ක්වියු එකම කාලයේ ජීවත්වී නොමැත. එසේම ස්වාභාවිකව ඇයට චෙංතොං අධිරාජයා‍ගේ මාලිගයේ සේවය කිරීමට නොහැකි වනු ඇත.[3] කථාවේ එන චරිතය සැබැවින්ම ටෑන් යුන්ෂියෑන් සහ ඓතිහාසික හැං අධිරාජිනියගේ සංකලනයකි.

නාට්‍යය රචනයේ දී, තිර රචක චෑං වෙයි වෛද්‍ය පාරිභාෂික වදන් සහ ඖෂධ පිළිබඳ වෘත්තීය චීන වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලබාගෙන ඇත.[4] චරිතයට සූදානම් වීමේ දී ප්‍රධාන නිළි සිසිලියා ලියු සම්ප්‍රදායික වෛද්‍යවරයකු සමග චීන වෛද්‍ය විද්‍යාවේ මූලික කරුණු සහ ප්‍රතිකාර ක්‍රම (කටු චිකිත්සාව, නාඩි බැලීම සහ සම්බාහන ක්‍රමවේද වැනි) පිළිබඳ පුහුණු වූ බැව් පැවසේ.

ධ්වනිපථය සංස්කරණය

අංකය. ගීතයගී පදවැලසංගීතයගායකයා කාලය
1. "Heavy Rain is Coming (大雨将至)" (ආරම්භක තේමා ගීතය)  ලාලා හ්සු  
2. "Typhoid Fever (傷寒)" (සමාප්ති තේමා ගීතය)  GJ  
3. "Before Forgotten (遺忘之前)"    ලාලා හ්සු  
4. "Until That Day (直到那一天)"    ලියු ෂිජුන්  

පිළිගැනීම සංස්කරණය

මෙම කතාමාලාව ප්‍රේක්ෂකයන් වෙතින් යහපත් ප්‍රතිචාර හිමි කරගත් අතර, චීනයේ වඩාත් ජනප්‍රිය රූපවාහිනී නාට්‍ය සටහන් අතර බයිදු සටහන්වල ප්‍රථම ස්ථානයේ පැවතිණි. මෙය එහි එන විචිත වස්ත්‍ර, සම්ප්‍රදායික චීන වෛද්‍යකර්මය සහ ප්‍රධාන නළු නිළියන්ගේ රංගනය හේතුවෙන් අවධානයට පාත්‍ර විය.[2] මෙම කතාමාලාව සුවිශේෂී වූයේ චීන ඉතිහාසයේ ගෞරවයට පාත්‍ර වූ කාන්තා චරිතයක් නිරූපණය නිසායි.[5]

මෙම කතාමාලාව ආර්ථිකව ද සාර්ථක විය. ඩ්‍රැගන් ටීවී සහ ජියෑංසු ටීවී යන දෙකෙහිම 1.2ක සාමාන්‍ය ඇගයුමක් ලබාගනිමින් ජාතික ඇගයුම් සටහනෙහි පළමු ස්ථානයේ පසු විය. වසරේ ඉහළම ඇගයුමක් ලත් නාට්‍ය අතුරින් එකක් වූ මෙය හුවාඩිංහි රූපවාහිනී කතාමාලා සඳහා සතුටුදායකම සමීක්ෂණ 100 අතර #9 ස්ථානයේ පසු විය.[6][7]

සම්මාන සහ නිර්දේශ සංස්කරණය

වර්ෂය සම්මාන උළෙල ප්‍රවර්ගය නාමයෝජිතයා ප්‍රතිඵලය ආශ්‍රේ.
2016 1වන චීන රූපවාහිනී නාට්‍ය ගුණාත්මක උළෙල වඩාත් බලපෑම් සහගත නිළිය සිසිලියා ලියු දිනාගති
වඩාත් බලපෑම් සහගත නළුවා වොලස් හුඕ (එසේම Love Me, If You Dare වෙනුවෙන්) දිනාගති
ජනප්‍රියම නළුවා දිනාගති
2017 2වන චීන රූපවාහිනී නාට්‍ය ගුණාත්මක උළෙල වසරේ ගුණාත්මක නාට්‍යය දිනාගති [8]
ප්‍රේක්ෂකයන්ගේ ප්‍රියතම රූපවාහිනී කතාමාලාව (ඩ්‍රැගන් ටීවී) දිනාගති
22වන හුවාඩිං සම්මාන හොඳම නිළිය සිසිලියා ලියු නිර්දේශිත [9]
ඉහළම නාට්‍ය 10 දිනාගති

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "'The Imperial Doctress' expected to be another hit TV series". Shanghai Daily. January 20, 2016.
  2. 2.0 2.1 "Liu Shishi and Huo Jianhua Reunite for TV Drama "The Imperial Doctress"". China Radio International. February 20, 2016.
  3. "Badass Ladies of Chinese History – Tan Yunxian". The World of Chinese. සම්ප්‍රවේශය 2016-12-10.
  4. "《女医》偏方引热议 编剧:我一点不懂中医". Sina. February 25, 2016.
  5. "《女医明妃传》刘诗诗成古代职场女性典范". NetEase. February 24, 2016.
  6. "Chinese TV Drama 'The Imperial Doctress' Brings 15th Century Female Doctor Tan Yunxian Back to Life". Whats On Weibo. February 25, 2016.
  7. "《女医明妃传》电视节重磅登场 刘诗诗忙学中医". Sohu. June 13, 2014.
  8. "品质盛典:孙俪着戏装现身 胡歌现场致敬老艺术家". NetEase. March 3, 2017.
  9. "华鼎奖提名公布投票开启 《人民》吴刚陆毅齐入围". Sina. April 28, 2017.

සැකිල්ල:Jiangsu Television Happy Theatre සැකිල්ල:Dragon Television Dream Drama