සංගරංගේ දොන් අනුරසිරි (උපත 25 පෙබරවාරි 1966, පානදුර) යනු, 1986 සිට 1998 දක්වා, ටෙස්ට් තරග 18 ක සහ එදිජා 45 ක තරග කල හිටපු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකි. වමතින් ඕර්තඩොක්ස් දඟ පන්දු යවන්නෙකු වූ ඔහු, ජාතික කණ්ඩායමෙහි විටින් විට ක්‍රීඩා කලේය.

දොන් අනුරසිරි
පුද්ගලික තොරතුරු
පිතිකරන විලාසයදකුණතින්-පිත්ත හසුරවන
පන්දුයැවීම් විලාසයසෙමින් වමතින් ඕර්තඩොක්ස්
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි ටෙස්ට් එදිජා
තරග 18 45
රැස් කල ලකුණු 91 62
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 5.35 10.33
100ඒවා/50ඒවා -/- -/-
වැඩිම ලකුණු 24 11
යැවුනු පන්දු 3973 2100
කඩුළු 41 32
පන්දු යැවීමේ සාමාන්‍යය 37.75 45.75
ඉනිමකදී කඩුළු පහක් - -
තරගයකදී කඩුළු 10 ක් - n/a
හොඳම පන්දු යැවීම 4/71 3/40
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් 4/- 10/-
මූලාශ්‍රය: [1], 2006 9 පෙබරවාරි

වයස අවුරුදු 20 ක් වත්ම ඔහුගේ ටෙස්ට් මංගලාවතරණය සිදු වූයේ 1986 මාර්තු 14 දිනදී පකිස්තානයට එරෙහිව කොළඹ පැවැති තරගයකදීය. බලාපොරොත්තුනොවූ ආකාරයකට මෙම තරගය කඩුළු අටකින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්වූ අතර, ඔහු මෙහිදී යැවුවේ පන්දු වාර සතරක් පමණි. ඔහු ක්‍රීඩා කල ටෙස්ට් තරග 18 තුලදී කිසිවිටෙක ඉනිමකදී කඩුළු පහක් ලබා ගැනීමට අසමත්වූ අතර බොහෝවිට උදවු ලබා නොදෙන කඩුලු මතදී පිතිකරුවන්හට රිසිසේ ලකුණු රැස් කිරීමට නොදී සීමා කිරීමට හේ සමත් විය. ඔහුගේ හොඳම තරගාවලිය වූයේ, 1992-93 තුලදී සංචාරක ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව වන අතර, එහිදී හේ කඩුලු 10 ක් දවාලීය.

ශ්‍රී ලාංකික ක්‍රිකට් මණ්ඩලය හා සමග ඇතිකරගත් ගැටුමක් නිසා 1984දී ඔහුගේ ජාත්‍යන්තර වෘත්තිය නිමාවූ බවක් පෙනුනු නමුදු 1997-98 තුලදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඔහු යළි ක්‍රිඩාකිරීමට වරම් ලැබීය. මුත්තයියා මුරලිදරන් හා සමග හවුලේ ක්‍රීඩා කල ඔහු, ලකුණු 65 ක් දී කඩුළු 3 ක් සහ ලකුණු 41 ක් දී කඩුළු 1 ක් ලබාගෙන කන්ඩායම ජය මාවතට පිවිස දුන්නේය. එයින් ඉක්බිතිව, පළමු පෙළ තරග තුනකට පසුව, ඔහුගේ ක්‍රිකට් දිවියෙන් සමුගත්තේය.


"https://si.wikipedia.org/w/index.php?title=දොන්_අනුරසිරි&oldid=353179" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි