දේවී ගීතාව

හින්දු ලියවිල්ලක්

දේවී ගීතාව (සංස්කෘත: देवीगीता) යනු ශක්තිවාදයේ ප්‍රධාන ග්‍රන්ථයක් වන දේවී භාගවත පුරාණයේ ඇති පුරාණ හින්දු දාර්ශනික ලියවිල්ලක් වන අතර එය මහාදේවිය සහ හිමාලය රජු අතර සිදුවන සංවාදයක ස්වරූපයෙන් දක්වා තිබේ.[1] එය හින්දු ග්‍රන්ථවල පොදුවේ සඳහන් වන ගීතා හැට හතරෙන් එකකි.

දේවී ගීතාව
තොරතුරු
ආගමහින්දු ධර්මය
කර්තෘසම්ප්‍රදායිකව වේද ව්‍යාස
භාෂාවසංස්කෘත
පරිච්ඡේද10
පද්‍ය507

නාමකරණය සංස්කරණය

ගීතා යන්නෙහි තේරුම "ගීතය", දේවි යනු "දේවතාවිය" යන සංස්කෘත වචනයයි; ඒ අනුව දේවි ගීතාව යනු "දේවතාවියගේ ගීතය" යන්නයි.

කාල නීර්ණය සංස්කරණය

සී මැකෙන්සි බ්‍රවුන් ප්‍රකාශ කරන්නේ දේවි ගීතාවෙහි තිබෙන හුරුපුරුදු විශේෂිත දාර්ශනික අදහස් සැලකිල්ලට ගෙන, දහතුන්වන සියවසට වඩා පෙර තැබීම දුෂ්කර බවත්, සමහරවිට දහසයවන සියවසෙහි අගභාගයට අයත් බවයි.[2]

ව්‍යූහය සංස්කරණය

දේවි භගවත පුරාණයේ හත්වන සර්ගයේ අවසාන පරිච්ඡේද දහය වන දේවි ගීතාව ශ්ලෝක 507 කින් සමන්විත වේ.[3] එය සර්වබලධාරි, සියල්ල දන්නා සහ සර්ව දයානුකම්පිත දිව්‍යමය ස්ත්‍රියක් විසින් නිර්මාණය කරන ලද, සංරක්ෂණය කරන සහ ආරක්ෂා කරන ලද විශ්වයක් පිළිබඳ විශිෂ්ට දර්ශනයක් ඉදිරිපත් කරයි. මෙහිදී උත්තරීතර දේවිය තමන්ව හඳුන්වන්නේ ද්විත්ව නොවන සියලු මැවිල්ලෙහි මූලය වන පරබ්‍රහ්මන් ලෙසයි.

අන්තර්ගතය සංස්කරණය

දේවි ගීතාව භගවත් ගීතාවෙන් උපුටා දක්වමින් ශක්ත අදහස් පැහැදිලි කරයි.[4]

ආඛ්‍යානය සංස්කරණය

දේවි ගීතාව අවධානය යොමු කරන්නේ හිමාල රජුගේ ප්‍රශ්නවලට දේවිය ලබාදෙන පිළිතුරු වෙතය. අසුර රජු වූ තාරකාසුර බ්‍රහ්ම දෙවියන්ගෙන් වරයක් ලබා තුන් ලොවම ජය ගත්තේය. තාරකාසුර ඉදිරියේ දිව්‍ය රාජ්‍ය අහිමි වූ දේවතාවුන් තම ලෞකික වාසනාව යළි ලබා ගැනීමට දෙවඟන ​​සරණ යද්දී උත්තරීතර ශ්‍රද්ධාවේ ප්‍රතිමූර්තිය වූ හිමාල රජු තමාට ආධ්‍යාත්මික අවබෝධය පතයි. ඔහු දේවියගේ සැබෑ ස්වභාවය සහ භෞතික ලෝකයට ඇති සම්බන්ධය මෙන්ම මිනිස් පැවැත්මේ අවසාන ඉලක්කය වන උත්තරීතර දෙවඟන සමඟ එක්වීමේ මාධ්‍යයන් ගැන විමසයි. විශ්ව මාතාව තම සියලු දරුවන්ගේ ආශාවන් තෘප්තිමත් කිරීමට උත්සුක වන බැවින්, ඇය හිමාලය රජුගේ ආශාවන් ඉටු කරයි.ඇය මුලින්ම දෙවිවරුන්ට සහ හිමාලයට පෙනෙන්නේ පරබ්‍රහ්මන් නියෝජනය කරන දීප්තිමත් ආලෝකයකින් වන අතර, එහි ස්වභාවය අසීමිත පැවැත්ම, පිරිසිදු විඥානය සහ සදාකාලික සතුටයි. ඉන්පසුව, දේවිය ඉක්මනින් ඇගේ ලෝකෝත්තර නොවන ස්වරූපයෙන් ආලෝක කක්ෂයෙන් පිටතට පැමිණෙන්නේ භුවනේශ්වරී ස්වරූපයෙන් රූමත් හා කරුණාවන්ත, සතර අතැති, විශ්වයේ මව ලෙස ය. පසුව දේවි ගීතාවේ, විශ්වය සමඟ ඇයගේ සම්බන්ධය විස්තර කරන අතරතුර, දේවිය ඇයගේ වඩාත් භයානක, පුරුෂ ස්වරූපය වන විශ්ව ස්වරූපය ප්‍රකට කරයි.

දර්ශනය සංස්කරණය

හින්දු දර්ශනයේ සාංඛ්‍ය දර්ශනයේ වචන වලින් බලන විට දේවිය එක් එක් පුද්ගලයා තුළ පවතින "විශ්වීය ශක්තියක්" ලෙසින් විස්තර කෙරේ.[4] එය අද්වෛත වේදාන්ත අදහස් වලින් පිරී ඇත, ද්විත්ව බවේ නොපැහැදිලි බව අවධාරණය කරයි, සියලු ද්විත්වයන් වැරදි ලෙස නිරූපණය කරයි, එමෙන්ම බ්‍රහ්මන් සමඟ සියලු ජීවීන්ගේ ආත්මයේ අන්තර් සම්බන්ධිත ඒකත්වය විමුක්තිදායක දැනුම ලෙස සලකයි.[5][6][7] දේවි ගීතාව තුළ භක්ති සංකල්පය භගවත් ගීතාවේ බලපෑමට ලක්ව ඇති අතර, භාගවත පුරාණයේ දක්නට ලැබෙන කෘෂ්ණ කෙරෙහි භක්තිය පිළිබඳ වෛෂ්ණව සංකල්ප සමඟ සමානකම් ඇත. උත්තරීතර දේවිය අවබෝධ කර ගැනීමේ උසස්ම මාර්ගය ලෙස "පරා භක්තිය" නම් විශේෂ භක්ති ප්‍රභේදයක් පිළිබඳව මෙහි සඳහන් වේ.

अधना पराभकति त परोचयमाना निबोध म ।
मदगणशरवण नितय मम नापानकीरतनम ॥
कलयाणगणरतनानामाकराया मयि सथिरम ।
चतसो वरतन चव तलधारासम सदा ॥

දැන් මා ඔබට විස්තර කරන පරා භක්තිය පිළිබඳව සාවධානව අසන්න. හැමවිටම මාගේ තේජස අසන, මාගේ නාමය සජ්ඣායනා කරන, සිත නිරතුරුව වාසය මා කරන තැනැත්තා, සියලු යහපත ගතිගුණයන්ගෙන් හා ගුණයන්ගෙන් යුක්ත වූ මා තුළ වාසය කරයි.

— පරිච්ඡේද 7,ශ්ලෝක 11:12

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Saraswati, satyananda (2016). Devi Gita (English and Sanskrit බසින්) (4th ed.). Temple of the Divine Mother, Incorporated. pp. 4–5. ISBN 9781877795565.{{cite book}}: CS1 maint: unrecognized language (link)
  2. Cheever Mackenzie Brown 1998, පිටු අංකය: 5.
  3. Mackenzie Brown, Cheever (2002). The Song of the Goddess: The Devi Gita : Spiritual Counsel of the Great Goddess (English බසින්) (1st ed.). SUNY Press. p. 4. ISBN 0791453944.{{cite book}}: CS1 maint: unrecognized language (link)
  4. 4.0 4.1 Cheever Mackenzie Brown 1998, පිටු අංක: 1-3.
  5. Cheever Mackenzie Brown 1998, පිටු අංක: 1-3, 12-17.
  6. Tracy Pintchman 2015, පිටු අංක: 9, 34, 89-90, 131-138.
  7. Lynn Foulston & Stuart Abbott 2009, පිටු අංක: 15-16.
"https://si.wikipedia.org/w/index.php?title=දේවී_ගීතාව&oldid=602679" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි