දිව්‍යංකා ත්‍රීපති

ගොඩක් හොඳ නිළියක් හරිම හොඳයි

දිව්‍යංකා ත්‍රීපති දාහියා යනුවෙන් හැඳින්වෙන්නේ හින්දි රූපවාහිනී කර්මාන්තයේ නියුතු ඉන්දියානු නිළියකි. ක්ෂේත්‍රයේ වඩාත් ජනප්‍රියම නිළියක ලෙස නාමය ගොඩනගා ගත් ඇය,[3] ඇය ජනප්‍රියත්වයට පත්වූයේ සී ටීවී නාළිකාවෙන් විකාශය වූ රූපවාහිනී කතාමාලාවක් වන බානූ මේන් තේරි දුල්හාන්හි ද්විත්ව චරිත නිරූපණය කිරීම නිසායි. ඒ සඳහා ඇය ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන උළෙලේ දී නාට්‍ය ප්‍රවර්ගයෙන් හොඳම නිළියට හිමි සම්මානය දිනාගත්තා ය. පසුව ඇය ස්ටාර් ප්ලස් නාළිකාවෙන් විකාශය වූ සෝප් ඔපෙරාවක් වන යේ හේ මොහබ්බතයින් කතාමාලාවේ වෛද්‍ය ඉෂිතා රමන් භල්ලාගේ චරිතය නිරූපණය වෙනුවෙන් ප්‍රධාන චරිතයක හොඳම නිළිය සඳහා ඉන්දියානු ටෙල්ලි සම්මානය ද හිමි කරගත්තා ය.

දිව්‍යංකා ත්‍රීපති
ත්‍රීපති කොල්කතා බාබු මෝෂයි විවෘත කිරීමේ වැඩසටහනක දී
උපත14 දෙසැම්බර් 1984 (1984-12-14) (වයස 39)[1]
ජාතිකත්වයඉන්දියානු
වෙනත් නම්දිව්‍යංකා ත්‍රීපති දාහියා[2]
කලත්‍රයා(යන්)විවේක් දාහියා
සහකරුවා(වන්)ෂාරද් මල්හෝත්‍රා

චරිතාපදානය සංස්කරණය

මුල්කාලීන දිවිය සංස්කරණය

ත්‍රීපති උපත ලැබූයේ 1984 දෙසැම්බර් 14 දින[1] ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි භෝපාල් ප්‍රදේශ‍යේ ය.[4][5] ඇය සිය පාසල් සහ කොලීජී අධ්‍යාපනය සම්පූර්ණ කළේ භෝපාල්හි නූතන් කොලීජියක දී ය.[6] උත්තර්කාෂිහි කඳු නැඟීම පිළිබඳ නේරු ආයතනය වෙතින් ත්‍රීපති කඳු නැගීමේ පාඨමාලාවක් ද හැදෑරුවා ය. ඇය භෝපාල් රයිෆල් ඇකඩමියෙන් රයිෆල් වෙඩි තැබීම පිළිබඳ පාඨමාලාවක් ද හදාරා ඇත. ඇය රයිෆල් වෙඩි තැබීමේ ඉසව්වලින් රන් පදක්කම් දිනාගෙන ඇත.[7]

වෘත්තිය සංස්කරණය

ත්‍රීපති සිය වෘත්තිය ආරම්භ කළේ භෝපාල්හි ආකාශ් වානිහි නිවේදිකාවක ලෙස ය. ඇය 2003දී පැන්ටීන් සී යොවුන් රැජින තරගාවලියට සහභාගී වූ අතර, එහි දී රූමත් සමක් ඇති මෙනවිය (Miss Beautiful Skin) නාමය හිමි කරගැනීමට සමත් විය. 2004 ඉන්ඩියා’ස් බෙස්ට් සිනෙස්ටාර් කි ඛෝජ් තරගාවලියට සහභාගී වූ ත්‍රීපති භෝපාල් කලාපයේ ජයග්‍රාහිකාවක ලෙස නිවේදනය කෙරිණි.[6] 2005දී මිස් බෝපාල් කිරුළ හිමි කරගැනීමට ඇය සමත් විය.[8]

ත්‍රීපති සිය රංගන වෘත්තිය ආර්මභ කළේ දූර්දර්ශන්හි ටෙලිචිත්‍රපටවල චරිත නිරූපණය කරමිනි.[7] ඇයව ජනයා විසින් හඳුනාගන්නා ලද්දේ සී ටීවී නාළිකාවේ ප්‍රබන්ධ නාට්‍යයක් වූ බානූ මේන් තේරි දුල්හාන් තුළිනි. මෙහි දී ඇය විද්‍යා නැමැති අනාථ නූගත් යුවතියක සහ දිව්‍යා නැමැති නූතන උගත් තරුණියක ලෙස ද්විත්ව චරිත නිරූපණයේ නියැළුණා ය.[9] මෙම කතාමාලාවේ ඇගේ රංගන ප්‍රතිභාව හේතුවෙන් සම්මාන ගණනාවක් හිමි කරගැනීමට සමත් වූ අතර, මේ අතරට නාට්‍ය ප්‍රවර්ගයේ හොඳම නිළිය සඳහා ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මානය[10] සහ නැවුම් නවක මුහුණට හිමි ඉන්දියානු ටෙල්ලි සම්මානය ද වේ.[11] අනතුරුව ඇය ස්ටාර් ප්ලස් නාළිකා‍වේ සංත්‍රාස කතාමාලාවක් වූ ෂ්...ෆිර් කොයි හේ කතාමාලාවේ දෙවන කථා වාරය සඳහා රංගනයෙන් දායක වූවා ය.[12] පසුව ඇය SAB TV නාළිකාවේ ප්‍රහසන නාට්‍යයක් වූ මිසිස් ඇන්ඩ් මිස්ටර් ෂර්මා අලහබාද්වාලේ කතාමාලාවේ රශ්මි ෂර්මා නැමැති ගෘහණියකගේ චරිතය නිරූපණය කළා ය.[13]

2013 සිට, ඇය විසින් ඒක්තා කපූර්ගේ රූපවාහිනී කතාමාලාවක් වන යේ හේ මොහබ්බතයින්හි වෛද්‍ය ඉෂිතා භල්ලාගේ චරිතය නිරූපණය කරයි. මෙය ප්‍රධාන විධායක නිලධාරියකු සමග විවාහ වී ඔහුගේ දියණියට මව් සෙනෙහස සපයන නිසරු දන්ත වෛද්‍යවරියකගේ චරිතයකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කළේ ඇය සමග කරන් පටෙල් ය.[14][15] ඉෂිතා ලෙස ඇය නිරූපණය කළ චරිතය සම්මාන සහ නිර්දේශ ගණනාවක් සඳහා පාත්‍ර විය. මේ අතරට ප්‍රධාන චරිතයක හොඳම නිළිය සඳහා ඉන්දියානු ටෙල්ලි සම්මානය,[16] ප්‍රධාන චරිතයක හොඳම නිළිය සඳහා ලයන්ස් ස්වර්ණ සම්මානය, ප්‍රධාන චරිතයක හොඳම නිළිය සඳහා බොරෝප්ලස් ස්වර්ණ සම්මානය වැනි සම්මාන අයත් වේ.[17] 2015දී ඇය ෂාන්-ඊ-භෝපාල් සම්මානයෙන් පිදුම් ලැබුවා ය.[18] 2016දී, ස්ටාර් පරිවාර් සම්මාන උළෙලේ දී සම්මාන හයක් හිමි කරගැනීමට ඇය සමත් වූවා ය.[19] එසේම සී ස්වර්ණ සම්මාන උළෙලේ දී වසරේ මුහුණ සහ ප්‍රධාන චරිතයක හොඳම නිළියන යන සම්මාන ද්විත්වය ද ඇයට හිමි විය. ඉන්දියානු රූපවාහිනී ක්ෂේත්‍රයේ සෙසු නළු නිළියන් හා සැසඳීමේ දී වඩාත් ජනප්‍රියම සහ රසිකයින් විශාල සංඛ්‍යාවක් හිමි නිළියක වශයෙන් ඇය සැලකේ.[20]

පෞද්ගලික දිවිය සංස්කරණය

 
2016 පැවති උත්සවයක දී දිව්‍යංකා සිය සැමියා වන විවේක් දාහියා සමග

2016 ජනවාරි 16 දින, ත්‍රීපති යේ හේ මොහබ්බතයින්හි ඇගේ සහෝදර නළුවකු වූ විවේක් දාහියා සමග විවාහ ගිවිස ගත්තා ය.[21][22] 2016 ජූලි 8 වන දින භෝපාල්හි දී මෙම යුවළ විවාපත් වූහ.[23]

රූපවාහිනිය සංස්කරණය

වර්ෂය තේමාව චරිතය
2003 පැන්ටීන් සී යොවුන් රැජින ඇය ලෙසම/තරගකාරිණියකි
2004 ඉන්ඩියා’ස් බෙස්ට් සිනෙස්ටාර්ස් කි ඛෝජ් ඇය ලෙසම/තරගකාරිණියකි
2006–2009 බානූ මේන් තේරි දුල්හාන් විද්‍යා සහ දිව්‍යා
2006 ඛානා ඛසානා ඇය ලෙසම
2007 කසම් සේ ඇය ලෙසම
2008 නච්ලේ වේ විත් සරෝජ් ඛාන් ඇය ලෙසම
2009 ඉන්තෙසාර් රාධිකා සහ මීරා
2010–2011 මිසිස් ඇන්ඩ් මිස්ටර් ෂර්මා අලහබාද්වාලේ රාෂ්මි ෂර්මා
2011–2012 චින්ටු චින්කි ඕර් ඒක් බාඩි සි ලව් ස්ටෝරි සුමන් ත්‍රීපති
2011 අදාලත් කුමුද් ෂර්මා/ෆ්ලේවියා ගෝමස්
2012 තේරි මේරි ලව් ස්ටෝරීස් නිකීතා
2013 සාව්ධාන් ඉන්ඩියා රේෂම්
2013 කහානි කොමඩි සර්කස් කි ඇය ලෙසම
2013–වර්තමානය යේ හේ මොහබ්බතයින් වෛද්‍ය ඉෂිතා භල්ලා
2014 බොක්ස් ක්‍රිකට් ලීගය ඇය ලෙසම
2015 Star Valentine's Day නිවේදිකාවක/වෛද්‍ය ඉෂිතා රමන් කුමාර් භල්ලා
2015 නාච් බාලියේ ඇය ලෙසම/ආරාධිතයකු
2015 Bad Company ඇය ලෙසම/ආරාධිතයකු
2016 බාහු හමාරි රජ්නි කාන්ත් රූපවාහිනී පුවත් නිවේදිකාවක (පසුබිම් නිරූපණය)
2017 නාච් බාලියේ 8 ඇය ලෙසම/තරගකාරිණියක

චිත්‍රපට දායකත්වය සංස්කරණය

වර්ෂය තේමාව චරිතය
2012 ලාලා හර්දාවුල් රාණි පද්මාවතී[24][25]
2014 A Divorce to Remember සාරා[26]

සම්මාන සංස්කරණය

වර්ෂය සම්මානය ප්‍රවර්ගය කෘතිය ප්‍රතිඵලය
2007 ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන හොඳම නිළිය - නාට්‍ය බානූ මේන් තේරි දූල්හාන් දිනාගති[10]
ඉන්දියානු ටෙල්ලි සම්මාන නැවුම් නවක මුහුණ – කාන්තා දිනාගති[11]
වඩාත් ජනප්‍රිය තිරයේ යුවළ
(ෂාරද් මල්හෝත්‍රා සමග)
සී රිෂ්තේ සම්මාන ප්‍රියතම භාභි-දේවර් රිෂ්තා
(මනිෂ් නාග්දේව් සමග)
දිනාගති
ප්‍රියතම පති-පතිනි රිෂ්තා
(ෂාරද් මල්හෝත්‍රා සමග)
සී ස්වර්ණ සම්මාන එමාමි ස්වර්ණමය සම දිනාගති[27]
2008 සී ස්වර්ණ සම්මාන හොඳම ආධුනික නිළිය දිනාගති[28]
නිව් ටැලන්ට් අවෝඩ්ස් සහරා වන් වසරේ රූපවාහිනී සලකුණ - කාන්තා (සාරා ඛාන් සමග) දිනාගති
ස්ටාර් ගිල්ඩ් සම්මාන මාලා නාට්‍යයක හොඳම නිළිය නිර්දේශිත
2012 ඉන්දියානු ටෙල්ලි සම්මාන හාස්‍යමය චරිතයක හොඳම නිළිය චින්ටු චින්කි ඕර් ඒක් බාඩි සි ලව් ස්ටෝරි නිර්දේශිත
2014 ස්ටාර් පරිවාර් සම්මාන ප්‍රියතම ජෝඩි
(කරන් පටෙල් සමග)
යේ හේ මොහබ්බතයින් දිනාගති [29]
ප්‍රියතම අන්තර්ජාතික ජෝඩි
(කරන් පටෙල් සමග)
ප්‍රියතම උණුසුම් ජෝඩි
(කරන් පටෙල් සමග)
ප්‍රියතම නායා සදස්‍යා - කාන්තා
ප්‍රියතම රිෂ්තා නායි සොච් කා
(රුහානිකා ධවන් සමග)
ප්‍රියතම බේටි නිර්දේශිත
ප්‍රියතම පෙහෙල් නායී සෝච් කි
ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන GR8! වසරේ තිරයේ යුවළ නිර්දේශිත
13වන ඉන්දියානු ටෙල්ලි සම්මාන ප්‍රධාන චරිතයක හොඳම නිළිය දිනාගති[30]
හොඳම තිරයේ යුවළ
(කරන් පටෙල් සමග)
දිනාගති[30]
7වන සී ස්වර්ණ සම්මාන වසරේ මුහුණ දිනාගති[31]
බිග් ස්ටාර් එන්ටර්ටේන්මන්ට් අවෝඩ්ස් ප්‍රධාන චරිතයක වඩාත් වින්දනීය නිළිය (ප්‍රබන්ධ) දිනාගති[32]
2015 21වන ලයන්ස් ස්වර්ණ සම්මාන ප්‍රධාන චරිතයක හොඳම නිළිය දිනාගති[33]
ස්ටාර් පරිවාර් සම්මාන ප්‍රියතම ජෝඩි
(කරන් පටෙල් සමග)
දිනාගති
ප්‍රියතම අන්තර්ජාතික ජෝඩි
(කරන් පටෙල් සමග)
ප්‍රියතම ඩිජිටල් සදස්‍යා - කාන්තා
(කරන් පටෙල් සමග)
8වන සී ස්වර්ණ සම්මාන වසරේ මුහුණ දිනාගති[34]
ප්‍රධාන චරිතයක හොඳම නිළිය දිනාගති[34]
14වන ඉන්දියානු ටෙල්ලි සම්මාන ප්‍රියතම ජෝඩි(කරන් පටෙල් සමග) දිනාගති[35]
ප්‍රධාන චරිතයක හොඳම නිළිය නිර්දේශිත
බිග් ස්ටාර් එන්ටර්ටේන්මන්ට් අවෝඩ්ස් ප්‍රධාන චරිතයක වඩාත් වින්දනීය නිළිය (ප්‍රබන්ධ) නිර්දේශිත
2016 ස්ටාර් පරිවාර් සම්මාන ප්‍රියතම බාහු දිනාගති[19]
ප්‍රියතම මා
ප්‍රියතම පතිනි
ප්‍රියතම ඩිජිටල් සදස්‍යා (කාන්තා)
ප්‍රියතම ජෝඩි
ප්‍රියතම අන්තර්ජාතික ජෝඩි
9වන සී ස්වර්ණ සම්මාන වසරේ මුහුණ දිනාගති[20]
ප්‍රධාන චරිතයක හොඳම නිළිය
හොඳම ජෝඩි
(කරන් පටෙල් සමග)
නිර්දේශිත[20]

ආශ්‍රේයයන් සංස්කරණය

  1. 1.0 1.1 IANS (14 December 2015). "Divyanka Tripathi gifts herself a holiday on birthday". The Indian Express. සම්ප්‍රවේශය 31 March 2016.
  2. Bhandari, Jhanvi (20 July 2016). "Divyanka Tripathi changes name to Divyanka Tripathi Dahiya". The Times of India. සම්ප්‍රවේශය 21 July 2016.
  3. "'Yeh Hai Mohabbatein' Actress Divyanka Tripathi Hits Milestone, Gets Pampered in Unique Way". ibtimes.co.in. සම්ප්‍රවේශය 12 July 2015.
  4. "Divyanka Tripathi: Since I'm from Bhopal, I know how to prepare Iftaar". The Times of India. සම්ප්‍රවේශය 18 July 2015.
  5. "'Yeh Hai Mohabbatein' Actress Divyanka Tripathi Bags Top Award at Prestigious Theatre Festival". ibtimes.co.in. සම්ප්‍රවේශය 13 July 2015.
  6. 6.0 6.1 "From being a tomboy to having three boyfriends, TV's queen Divyanka Tripathi opens up". intoday.in.
  7. 7.0 7.1 "Know Lesser Known Facts About Divyanka Tripathi aka Ishita Bhalla". India Opines. 22 March 2015.
  8. ""Dulhan" found in the City – Divyanka Tripathi". nagpurtoday.in.
  9. "Not getting older: Divyanka Tripathi". The Times of India.
  10. 10.0 10.1 "The Idea ITA Awards, 2007". indiantelevisionacademy.com. 6 October 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  11. 11.0 11.1 "Indian Telly Awards, 2007". indiantelevision.com.
  12. "Divyanka is back with Shh Phir Koi Hai". www.filmibeat.com.
  13. "Comedy on full swing with 'Mrs.& Mr.Sharma Allahabad wale'". Sify news. Sify Technologies Ltd. 16 May 2010. සම්ප්‍රවේශය 28 October 2010.
  14. "Divyanka Tripathi harassed on sets of 'Yeh Hai Mohabbatein'". mid-day. 31 July 2014.
  15. "Divyanka: I can't show skin". The Times of India.
  16. "Indian Telly Awards 2014 – Popular". indiantelevision.com.
  17. "Star Parivaar Awards 2014: And the winners are... (see pics)". India TV News.
  18. "City girl Divyanka Tripathi honoured at Bharat Bhavan in Bhopal". India Times.
  19. 19.0 19.1 "Star Parivaar Awards 2016: Here's the complete list of winners". Daily News and Analysis. 28 April 2016. සම්ප්‍රවේශය 5 May 2016.
  20. 20.0 20.1 20.2 "Zee Gold Awards 2016: Divyanka, Karan, Mouni and others walk away with trophies; check out winners' list". International Business Times.
  21. "Divyanka Tripathi-Vivek Dahiya get engaged". India Today. 19 January 2016. සම්ප්‍රවේශය 15 March 2016.
  22. "Divyanka Tripathi-Vivek Dahiya engaged: Yeh Hai Mohabbatein actors reveal their love story".
  23. PTI (9 July 2016). "Divyanka Tripathi, Vivek Dahika get married". The Hindu. සම්ප්‍රවේශය 21 July 2016.
  24. "Divyanka tripathis princess diaries". tellychakkar.com.
  25. Divyanka Tripathi Mukesh Tak on film Lala Hardol Lala Hardaul Basal News. YouTube. 31 July 2012.
  26. Tellychakkar Team (11 July 2013). "Sharad Malhotra and Divyanka Tripathi are all set to work together... again..." tellychakkar.com.
  27. "Zee Rishtey Awards". awardsinindia.com.
  28. "Zee Gold Awards 2008 Results". My Indian Television and Indian Soaps Blog.
  29. "2014 Star Parivaar Awards". awardsandwinners.com. සම්ප්‍රවේශය 11 May 2016.
  30. 30.0 30.1 Tellychakkar Team (18 October 2014). "13th Indian Telly Awards: Complete List of Winners". tellychakkar.com.
  31. "Zee Gold Awards 2014 Complete List Of Winners". www.filmibeat.com.
  32. "Yeh Hai Mohabbatein's Divyanka Tripathi Wins Big Star Entertainment Award 2014!". www.filmibeat.com.
  33. "Lions Gold Awards 2015: Priyanka, Abhishek, Varun, Lisa shimmer at the event (see pics)". India TV News.
  34. 34.0 34.1 "Zee Gold Awards 2015 Highlights, Complete Winners' List: 'Yeh Hai Mohabbatein' Bags Most Honours; Karan-Divyanka's Romance Steals the Show". International Business Times.
  35. "Indian Telly Awards 2015: Karan Patel, Sriti Jha, Kapil Sharma winners". The Indian Express. 30 November 2015. සම්ප්‍රවේශය 31 March 2016.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=දිව්‍යංකා_ත්‍රීපති&oldid=606117" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි