තිත්පිය තිරාසිකයා

තිත්පිය තිරාසිකයා
ලැහැබක් අසල සිටින තිත්පිය තිරාසිකයෙක්
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
වංශය: Chordata
වර්ගය: Aves
ගෝත්‍රය: Passeriformes
කුලය: Turdidae
ගණය: 'Geokichla'
විශේෂය: G. spiloptera
ද්වීපද නාමය
Geokichla spiloptera
(බ්ලිත්, 1847)
පර්යාය නාම(ය)

Zoothera spiloptera

තිත්පිය තිරාසිකයා (Geokichla spiloptera) යනුවෙන් හඳුන්වන්නේ විශාල තිරාසික කුලය වන Turdidae කුලයට අයත්, ආසියානු තිරාසිකයෙකි.

මෙම පක්ෂියා ශ්‍රී ලංකාවආවේණික නේවාසික අභිජනන පක්ෂියෙකි. මෙම සුලබ නොවන පක්ෂියා සාමාන්‍යයෙන් කඳුකර වැසි වනාන්තර සහ අඩු වශයෙන් වියළි වන බිම්වල උන්නතාංශය 500 m සහ 2000 m අතර පෙදෙස්වල හමුවේ. සාමාන්‍යයෙන් තනිව වෙසෙන පක්ෂියකු වන අතර ඝන යටිවියනක් සහ උණ වදුලු සහිත ස්ථානවල සිටීමට ප්‍රියකරයි.

තිත්පිය තිරාසිකයින් සර්වභක්ෂක ය. නමුත් ඵලවලට වඩා වැඩියෙන් කෘමීන්ට ප්‍රිය කරයි. ආහාර ගන්නේ බිම සිට ය.

මෙම විශේෂයේ වැඩිහිටි පක්ෂීන් 27 cm පමණ දිගැති අතර, ඉහළ පෙදෙස ලා දුඹුරු අතර, ද්විත්ව පියා දණ්ඩේ සුදු තිත් දැකගත හැක. ලා පැහැ මුහුණේ අඳුරු ඉරි දෙකක් දැකගත හැක. හොටය කළු පැහැ අතර, පාද කහ පැහැති ය. නාදය ගීතමය ස්වභාවයක් ගන්නා අතර, විවිධ උරුවන් හඬවල් ශ්‍රවණය කළ හැක.

ලාබාල පක්ෂීන්ගේ උඩුකයෙහි අඳුරු කහ පැහැ වයිරම් දැකගත හැක. ඔවුන්ගේ මුහුණ සහ යටිකය ලා දුඹුරු පැහැ අතර, දැඩි වයිරම් රටා දැකගත හැක.

වනවැස්ම සහිත ස්ථානවල අතු දෙබලක් මත ලිහිල් කෝප්පාකාර කැදැල්ලක් තනයි. අඳුරු කහ පැහැ හෝ නිල්-කොළ පැහැ බිත්තර 2-3 පමණ දමයි. සෑම වසරකම මෙම විශේෂයේ අභිජනන වාර දෙකක් දැකගත හැක.

සංස්කෘතිය තුළ සංස්කරණය

ශ්‍රී ලංකාව තුළ සිංහල බසින් මෙම පක්ෂියා පුල්ලි වල් අවිච්චියා ලෙස ද හඳුන්වයි. ඉංග්‍රීසි බසින් මෙම පක්ෂියා Spot-winged Thrush නම් වේ

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Zoothera spiloptera". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2013.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. 2012. සම්ප්‍රවේශය 26 November 2013. {{cite web}}: Invalid |ref=harv (help)
"https://si.wikipedia.org/w/index.php?title=තිත්පිය_තිරාසිකයා&oldid=398833" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි