තලේස්වර ශිව දේවාලය
තලේස්වර ශිව දේවාලය යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ ඔරිස්සාවේ භුබනේස්වර්හි පිහිටි හින්දු දේවාලයකි.[1][2][3]
තලේස්වර ශිව දේවාලය - I | |
---|---|
මූලික තොරතුරු | |
පිහිටීම | භුබනේස්වර් |
භූගෝලීය ඛණ්ඩාංක | 20°15′2″N 85°50′29″E / 20.25056°N 85.84139°Eඛණ්ඩාංක: 20°15′2″N 85°50′29″E / 20.25056°N 85.84139°E |
අනුබැඳියාව | හින්දු ආගම |
දේවතාවා | ශිව |
ජනපදය | ඔරිස්සා |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | කාලිංග ශෛලිය (කාලිංග ගෘහනිර්මාණ ශිල්පය) |
සම්පූර්ණ කෙරුණේ | ක්‍රි.ව. 8වන සියවස |
සම්පූර්ණ විස්තර | |
උන්නතාංශය | 22 m (72 ft) |
මෙය ජීවමාන දේවාලයකි. එනම් ජනයා එය විවිධ වන්දනා කටයුතු සඳහා භාවිතා කරන්නකි. මෙහි ඉතිහාසය පිළිබඳ නිශ්චිතව යමක් ප්‍රකාශ කළ නොහැක්කේ මෑතක දී පිළිසකර කරන තෙක්ම එය නටබුන්ව තිබූ හෙයිනි. ශිවරාත්‍රී, කාර්තික පූර්ණිම, සහ සංක්‍රාන්ති වැනි උත්සව මෙම දේවාලය තුළ සමරනු ලබයි.
පිහිටීම
සංස්කරණයතලේස්වර ශිව දේවාලය පිහිටියේ පරසුරාමේස්වර දේවාලයේ සිට වෛතාල් දේවාලය වෙත දිවෙන කේදාර්-ගෞරි මාවතේ මීටර 60ක් පමණ දුරින් වම්පසිනි. මෙය භුබනේස්වර් පැරණි නගරයේ පරසුරාමේස්වර දේවාලයට ඊසානදිගින් පිහිටා ඇත. කේදාර්ගෞරි දේවාලයේ සිට මීටර 90ක් දුරින් පිහිටි මෙය අනන්තවසුදේව දේවාලයට මීටර 200ක් දකුණින් පිහිටා ඇත. උත්තරේස්වර දේවාලයේ සිට මෙයට ඇති දුර මීටර 50කි. නැගෙනහිරට මුහුණලා පිහිටි මෙම දේවාලයේ වන්දනාවට ලක්වන ප්‍රධාන දේව ප්‍රතිමාව වන්නේ ගර්භගෘහයේ වෘත්තාකාර යෝනි පීඨයක් මත පිහිටි ශිව ලිංගයයි. මෙය ප්‍රවේශ ද්වාරයේ චන්ද්‍රසිලාවට මීටර 0.20ක් පහලින් පිහිටා ඇත. වර්තමානයේ දක්නට ඇති දේවාලය පසුගිය කාලයේ මුළුමණින්ම නවීකරණය කොට ඇත. එහි උපරිව්‍යූහය දක්නට නොලැබේ.
ඉතිහාසය
සංස්කරණයමෙම දේවාලයේ හිමිකාරීත්වය තනි පුද්ගලයකු යටතේ වේ. වර්තමානයේ එම දේවාලය පවත්වාගෙන යන්නේ ශ්‍රී සුදර්සන පාණ්ඩ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් විසිනි. මොවුන් භුබනේස්වර් පැරණි නගරයේ කේදාර් ගෞරි චෞක්හි ජීවත් වේ.
මෙහි ග්‍රහ කැටයම් ස්තරයේ ග්‍රහයන් අටදෙනකු කැටයම් කොට ඇති නිසාත්, පභාගය ඛුර, කුම්භ සහ පට යන බොරදම් තුනෙන් පමණක් යුක්ත වන නිසාත් මෙය ක්‍රි.ව. 8වන සියවසේ ස්ථාපිත කරන්නට ඇතැයි විශ්වාස කෙරේ.
ගෘහනිර්මාණ ශිල්පය
සංස්කරණයමෙම දේවාලය රේඛා දියුල් ලක්ෂණවලින් යුක්ත ය. දේවාලය තනා ඇත්තේ ලැටරයිට් පාෂාණයෙන් තැනූ ප්‍රාකාරය මධ්‍යයේ ය. එය දිගින් මීටර 32.00ක් ද, පළලින් මීටර 16.60ක් ද උසින් මීටර 2.00398ක් ද වේ. එහි සාමාන්‍ය ඝනකම මීටර 0.30කි. නැගෙනහිරින් සහ දකුණින් ප්‍රාකාරය නිවාස ගොඩනැගිලිවලින් සීමා වේ. බටහිරින් සහ උතුරින් මාර්ගයක් දිවෙයි. මෙහි ගිනිකොන දිග කෙළවරෙහි ලැටරයිට් පාෂාණයෙන් තැනූ පුරාතන ළිඳක් වේ. එය විමානයේ සිට මීටර 6.00ක් දුරින් ඇත. දේවාලය නැගෙනහිරට මුහුණලා පිහිටා ඇත.
වර්තමානයේ දේවාලය වර්ග මීටර 3.50ක ක්ෂේත්‍රඵලයකින් යුත් මීටර 0.45ක් උසැති පහත් සතරැස් වේදිකාවක් මත දක්නට ලැබේ. වර්ග මීටර 1.90ක් වන ගර්භගෘහය වර්තමාන වේදිකාවෙන් මීටර 0.20ක් පහළින් පිහිටයි. ත්‍රීරථ ස්වභාවයෙන් යුත් විමානය මධ්‍ය රාහ නම් අංගයක් සහ එය සතරු පැත්තේ වූ කණික පාග යුගල බැගින් සමන්විත ය. පහළ සිට ඩහළට දේවාලයේ බාදා නම් අංගය දක්නට ලැබෙන නමුත්, මස්තකය දක්නට නැත. උච්චත්වය අනුව බාදාව මීටර 2.20ක් උසැති අතර, එහි පභාග (මීටර 0.65), ජංඝා (මීටර 1.30), බරන්ද (මීටර 0.25) ලෙස බෙදීම් තුනක් පවතියි. පභාගයේ පාදමේ ඛුර, කුම්භ සහ පට ලෙස බොරදම් තුනක් පවතියි. මෙය එතරම් සංවර්ධිත ලක්ෂණයක් නොවේ. ප්‍රතිනිර්මාණිත උපරිව්‍යූහයේ ඉතිරි කොටසේ උස මීටර 3කි.
උළුවහු කුළුණුවලට ඉහළින් වූ ස්තරය මීටර 1.65ක් දිගින් යුත් අතර, එය පද්මාසනයෙන් හිඳගත් ග්‍රහයන් අටදෙනකුගේ කැටයම්වලින් අලංකාර කොට ඇත. මෙහි කේතු දක්නට නොලැබේ. ලා අළු පැහැ වැලිගලෙන් නිර්මිත මෙම දෙවොල වියලි පෙදරේරු ක්‍රමය අනුව නිර්මාණය කොට ඇත. එහි කාලිංග ගෘහනිර්මාණ ලක්ෂණ දැකිය හැක.[4] ගෘහනිර්මාණ අංගවල දක්නට ලැබෙන විවිධ මෝස්තරවල රේඛා සටහන් අනුව පෙනෙන්නේ මෙම දේවාලය තනා නිමකොට නොමැති බවයි.
සංරක්ෂණය
සංස්කරණයඅලුත්වැඩියා කිරීම්වලින් පසුව දේවාලය හොඳ සංරක්ෂණ තත්ත්වයකින් පවතින නමුත්, පියස්සේ ඇති පිපිරීම් තුළින් වැසි ජලය ගර්භගෘහය තුළට කාන්දු වේ. දේවාලය වටා වෘක්ෂලතා ගහනය වැඩිවෙමින් පවතියි. එසේම බාදා කොටසට ඉහළින් පිහිටි උපරිව්‍යූහය මනාව මුද්‍රා තැබීම අවශ්‍ය වේ. X සහ XI මූල්‍ය කොමිසමේ ප්‍රදාය මත ඔරිම්මා ප්‍රාන්ත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකොට ඇත.
මෙහි ප්‍රතිමා ලිහිල් වීම සහ ගැලවී යාම ද ප්‍රධාන ප්‍රශ්නයකි. එසේ ගැලවුණු ප්‍රතිමා තුනක් විමානයේ වම්පස තබා ඇත. මේවා නම් කැඩීගිය ආම්ලකයක්, දෝ-පිච්ඡ සිංහ රුවක් සහ අත් සතරක් සහිත ශිව ප්‍රතිමාවකි. ශිව ප්‍රතිමාව පහළ වමිත්න දඹරු භාණ්ඩයක් ද, පහළ දකුණතින් ත්‍රිශූලයක් ද දරා පද්මාසනයෙන් හිඳගෙන සිටින අතර, අනෙක් අත් දෙක කැඩීගොස් ඇත.
මේවාත් බලන්න
සංස්කරණයආශ්රේයයන්
සංස්කරණයග්රන්ථාවලිය
සංස්කරණය- L. S.S. O’ Malley, Bengal District Gazetteer Puri, Calcutta 1908, P. 240.
- R.P. Mohapatra, ‘Archaeology in Orissa’. Vol. I, Delhi, 1986. P. 57.
- R.L. Mitra. The Antiauities of Orissa, Vol.II, Calcutta, 1963, PP. 160–161.
- T.E. Donaldson, ‘Hindu Temple Art of Orissa’. Vol. I, Leiden, 1985, P. 76.
බාහිර සබැඳි
සංස්කරණය- ඔරිස්සාවේ දේවාල
- ඔරිස්සා සංචාරක කර්මාන්තය සංරක්ෂණය කළ පිටපත 2012-03-24 at the Wayback Machine