තත්පරය
තත්පරය (SI සංකේතය: s) යනු අන්තර්ජාතික ඒකක පද්ධතිය (SI) අනුව කාලයෙහි පාදක ඒකකය සහ [1] අනෙකුත් මිනුම් පද්ධති වල කාලය සඳහා ඒකකයක්ද වන අතර (කෙටි කර දැක්වීම s හෝ sec;[2]) පැයක් හැටෙන් බෙදීම දෙවරක් සිදු කළ විටද, විනාඩියක් හැටෙන් බෙදීම එක්වරක් සිදු කළ විටද ලැබෙන්න වෙයි. [3] 1000 (අල්-බිරුනි විසින් තත්පරය භාවිතා කළ කාලයේදී) සහ 1960 අතරතුර, තත්පරය අර්ථදැක්වුනේ මධ්‍යන්‍යය සූර්ය දවසකින් 1/86,400 ලෙසින් විය (මෙම අර්ථදැක්වීම, සමහරක් තාරකාවිද්‍යාත්මක සහ නීතිමය සන්දර්භයන්හී තවමත් භාවිතා වෙයි). [4][5] 1960 සහ 1967 අතරතුර, එය අර්ථදැක්වුනේ, 1900 දී සූර්යයා වටා පෘථිවියෙහි කක්ෂ කාලාවර්තය අනුසාරයෙන් වන අතර,[6] වර්තමානයේ එය වඩාත් නිරවද්‍ය ලෙසින් අර්ථදැක්වෙන්නේ පරමාණුක කරුණු ඇසුරෙනි. යාන්ත්‍රික, විදුලි හෝ පරමාණුක ඔරලෝසු භාවිතයෙන් තත්පර මැන ගත හැක.
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f5/Flashingsecond.gif/20px-Flashingsecond.gif)
මධ්‍යන්‍යය සූර්ය දවස සෙමින් නමුත් මිනිය හැකි ප්‍රමාණ වලින් දිගු වන බවත්, ඒ අතරම නිවර්තන වසරක දිග පිළිබඳ කිසිසේත් අනාවැකි කිව නොහැකි බවද 19වන සහ 20වන සියවස්හී තාරතාවිද්‍යාත්මක නිරික්ෂණ තුලින් එළිදරවු වී ඇත; එබැවින්, අර්ථ දැක්වීම සඳහා සුදුසු පදනමක් ලෙසින් සූර්ය–පෘථිවි චලනය තව දුරටත් නොසැලකෙයි.
මූලාශ්‍ර
සංස්කරණය- ^ "යුනිට් ඔෆ් ටයිම් (සෙකන්ඩ්)". එස්අයි බ්‍රෝචර්. BIPM. සම්ප්‍රවේශය 2012-03-24.
- ^ සෙක්, මෙරියම් වෙබ්ස්ටර් ඩික්ෂනරි, සම්ප්‍රවේශය 2012-03-24
- ^ ඔන්ලයින් එටිමොලොජ් ඩික්ෂනරි
- ^ International System of Units from NIST සම්ප්‍රවේශය 25 මාර්තු 2012.
- ^ al-Biruni (1879). The chronology of ancient nations: an English version of the Arabic text of the Athâr-ul-Bâkiya of Albîrûnî, or "Vestiges of the Past". Sachau C Edward. pp. 147–149.
- ^ "ලීප් සෙකන්ඩ්ස්". වේලා සේවා දෙපාර්තමේන්තුව, එක්සත් ජනපද නාවුක නිරික්ෂණාගාරය. සම්ප්‍රවේශය 2012-03-24.