ඩොගලන්ඩ් යනු, වර්තමානයෙහි දකුණු උතුරු මුහුදෙහි පහත ගිලී ඇති, අතීතයෙහිදී මහා බ්‍රිතාන්‍යය සහ මහාද්වීපික යුරෝපය එකිනෙකට සම්බන්ධ කල, භූමි ප්‍රදේශයකි. ක්‍රිපූ 6500–6200 අතරතුර කාලය තුල මුහුදු ජල මට්ටමෙහි ඉහළ යෑම නිසා එය ජලයෙන් යට විය. භූවිද්‍යාත්මක සමීක්ෂණ වල ප්‍රතිඵල වෙතින් ඉඟිකරනුයේ, දැනට මහා බ්‍රිතාන්‍යයෙහි නැගෙනහිර වෙරළෙහි සිට වර්තමාන නෙදර්ලන්තය, ජර්මනියෙහි බටහිර වෙරළ, සහ ජට්ලන්ත අර්ධද්වීපය දක්වා එය විහිදී පැවති බවයි.[1] මධ්‍යශිලා යුගයෙහිදී, මානව ජනාවාසයෙන් සපිරි දියුණු ජනාවාසයක් වන්නට ඇති නමුදු, [2] ස්ටොරේගා සර්පණය හේතුවෙන් ජනිතවූ සුනාමියක් නිසා අවසානයේදී ගිලාබැසීමට පෙර, ඉහළ නැගි මුහුදු ජල මට්ටම විසින් එය මුහුදු මට්මෙන් පහත පිහිටි දිවයින් රැසක් බවට ක්‍රමයෙන් පෙරලන්නට ඇත.[3]

මහා බ්‍රිතාන්‍යය සහ මහාද්වීපික යුරෝපය සම්බන්ධ කල ඩොගලන්ඩ් (ක්‍රිපූ 10,000 පමණ) භූමියෙහි උපකල්පිත භූමිප්‍රමාණය දැක්වෙන සිතියමක්

ප්‍රදේශයෙහි පුරාවිද්‍යාත්මක වැදගත්බව පළමුවෙන් වටහාගනු ලැබුවේ 20වන ශත වර්ෂයෙහි මුල් භාගයෙහිදී වන අතර, මේ පිළිබඳ උනන්දුව තීව්‍රණය වූයේ, 1931 වසරෙහිදී ද වොෂ් ප්‍රදේශයට නැගෙනහිර දෙසින් ක්‍රියාත්මකව සිටි මසුන් මරන ට්‍රෝලර් යාත්‍රාවක ඇමිණී පැමිණි තුඩු සහිත අං තට්ටුවක කෙළවරක්, මෙම ප්‍රදේශය තුන්ද්‍රා බිමක්ව පැවැති යුගයක් දක්වා කාලනිර්ණය කල විටදීය. යාත්‍රාවන් විසින් මැමත්වරුන්, සිංහයන් සහ අනෙකුත් සතුන්ගේ අවශේෂයන් සහ ප්‍රාග්ඓතිහාසික මෙවලම් සහ ආයුධ කිහිපයක් ඇදගෙන එන ලදි.[4]

1990 ගණන් වලදී ඩොගලන්ඩ් සඳහා, ඩොග වැටිය අනුව යමින්, එම නම තබන ලද අතර, ඩොග වැටියට එම නම ලැබුනේ ඩොග නමැති 17වන ශත වර්ෂයෙහි ඩෙන්මාර්ක මාළු බෝට්ටු අනුව යමිනි.

  1. "ද ඩොගලන්ඩ් ප්‍රොජේක්ට්", එක්සෙටර් විශ්වවිද්‍යාලයෙහි පුරාවිද්‍යා අධ්‍යයනාංශය
  2. Patterson, W, "කෝස්ටල් කටෑස්ට්‍රෆි" (පුරාදේශගුණ පර්යේෂණ ලිපිය), සස්කෑචුවන් විශ්වවිද්‍යාලයය සංරක්ෂණය කළ පිටපත 2008-04-09 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 2008-04-09 at the Wayback Machine
  3. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; bbc010514 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  4. වයිට්, මාක් ජේ. (නොවැම්බර් 24, 2006). "තිංස් ටු ඩූ ඉන් ඩොගලන්ඩ් යෙන් යුආ ඩෙඩ්: සර්වයිවිං OIS3(ඔක්සිජන් අයිසොටෝප් ස්ටේජ් 3) ඇට් ද නෝර්ත්වෙස්ටර්න්මෝස්ට් ෆ්‍රින්ජ් ඔෆ් මිඩ්ල් පේලියොලිතික් යුරප්" (PDF). වර්ල්ඩ් ආකියොලොජි. 38 (4): 547–575. doi:10.1080/00438240600963031. S2CID 51729868.
"https://si.wikipedia.org/w/index.php?title=ඩොගලන්ඩ්&oldid=592150" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි