ඩිටෙක්ටිව් ඩී ඇන්ඩ් ද මිස්ට්‍රි ඔෆ් ද ෆැන්ටම් ෆ්ලේම්

ඩිටෙක්ටිව් ඩී ඇන්ඩ් ද මිස්ට්‍රි ඔෆ් ද ෆැන්ටම් ෆ්ලේම් යනුවෙන් හැඳින්වෙන්නේ 2010දී විකාශය වූ චීන-හොංකොං ක්‍රියාදාම අභිරහස් චිත්‍රපටයකි. මෙය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය සිදු කරන ලද්දේ ට්සුයි හාර්ක් විසිනි. මෙහි කලා අධ්‍යක්ෂණය සහ වේදිකා නිර්මාණ රචනය සමෝ හුං විසින් සිදු කරන ලදී. මෙහි ප්‍රධාන චරිතය වන ඩි රෙන්ජියේගේ චරිතය නිරූපණය කරන්නේ ඇන්ඩි ලෞ විසිනි. මෙහි සාහයක චරිත නිරූපණය කරන්නන් අතර කරිනා ලෞ, ලි බිංබිං, ඩෙං චාඕ සහ ටෝනි ල්‍යුං කා-ෆයි ද වෙති.

මෙම ලිපියේ චීන පෙළ ඇතුළත් වෙයි. නිසි ප්‍රදර්ශන සහාය නොමැති වූ විට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු හෝ වෙනත් සලකුණු චීන අක්ෂර වෙනුවට ඔබට පෙනෙනු ඇත.
ඩිටෙක්ටිව් ඩී ඇන්ඩ් ද මිස්ට්‍රි ඔෆ් ද ෆැන්ටම් ෆ්ලේම්
චිත්‍රපටයේ ප්‍රවර්ධන පොස්ටරයක්
අධ්‍යක්‍ෂණයට්සුයි හාර්ක්
තිර රචනයචෙන් කුඕෆු
නිශ්පාදනය
රංගන ශිල්පීන්
සිනෙමාරූපණය
  • පාර්කී චෑන්
  • චෑන් චි-යිං
සංස්කරණයයෞ චි-වයි
සංගීතයපීටර් කම්
Production
companies
බෙදාහැරීම
නිකුත්වූ දින
  • 29 සැප්තැම්බර් 2010 (2010-09-29) (චීනය)
  • 30 සැප්තැම්බර් 2010 (2010-09-30) (හොං කොං)
තිර කාලය
මිනිත්තු 122
රටවල්
  • චීනය
  • හොං කොං
භාෂාවමැන්ඩරින්[1]
පිරිවැයඇ.‍ඩො. මිලියන 20
ආදායමඇ.ඩො. මිලියන 51.7[2]

මෙම චිත්‍රපටය මගින් නිරූපණය වන්නේ ටෑං රාජවංශයේ වඩාත් සුප්‍රකට නිලධාරීන් අතුරන් අයකු වන ඩි රෙන්ජියේ පිළිබඳ ප්‍රබන්ධ කථාවකි.

ඩිටෙක්ටිව් ඩී සඳහා ප්‍රධාන ඡායාරූපකරණය 2009 මැයි මස ඇරඹිණි. මෙම චිත්‍රපටය රූගත කෙරුණේ චීනයේ ෂේජියෑංහි හෙංඩියෑන් වර්ල්ඩ් ස්ටූඩියෝස් හිදී ය. 2010 සැප්තැම්බර් 29 දින චීනය තුළ ඩිටෙක්ටිව් ඩී මුදාහැරුණු අතර, හොං කොං තුළ එය 2010 සැප්තැම්බර් 30 දින මුදා හැරිණි. මෙම චිත්‍රපටය 2010 වැනිසි චිත්‍රපට උළෙලේ දී ස්වර්ණ සිංහ සම්මානය සඳහා ද යෝජනා විය.[3][4] මෙම චිත්‍රපටයේ උතුරු අමරිකාවේ මංගල දර්ශනය 2010 ටොරන්ටෝ අන්තර්ජතාකි සිනාම උළෙලේ දී ප්‍රදර්ශනය කෙරිණි.[1]

මෙහි පූර්ව කතාවක් වූ යන්ග් ඩිටෙක්ටිව් ඩී: රයිස් ඔෆ් ද සී ඩ්‍රැගන් නැමැති චිත්‍රපටය 2013 සැප්තැම්බර් 28 දින තිරගත වීම ඇරඹිණි. මෙහි ඩී රහස් පරීක්ෂකගේ යොවුන් විය මාක් චාඕ විසින් නිරූපණය කරන ලදී.[5][6][7][8][9]

කථා පුවත සංස්කරණය

689 වර්ෂයේ චීනයේ ටෑං රාජවංශයේ වු සේටියැන් අධිරාජිනිය ටෑං නිලධාරීන්ගේ විරෝධය හමුවේ චීනයේ ප්‍රථම අධිරාජිනිය ලෙස කිරුළු පළඳියි. ඇය ලුවෝයැංහි සිය මාලිගයට ඉහළින් බුද්ධ ප්‍රතිමාවක් ඉදිකොට ඇත. නමුත් එය අධීක්ෂණය කරන නිලධාරියා අභිරහස් ලෙස ගිනි දැල්වලට මැදි වේ. දණ්ඩන නිලධාරී පෙයි දොංග්ලායි සහ ඔහුගේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා මෙහි ඉදිකිරීම් නිලධාරියා වූ ෂටුවෝගෙන් ප්‍රශ්න කරයි. මීට පෙර කැරැල්ලකට සහභාගී වීම හේතවෙන් ෂටුවෝ සිරභාරයට පත්ව තිබිණි. ඔවුනට කිසිවක් හෙළි නොවන අතර, පෙයිගේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා අද්භූත ගිනි ජාලාවකට නිරාවරණය වීමෙන් පසු මියයයි.

රාජකීය ආශ්‍රමාධිපතිවරයා ගින්න පිළිබඳ අභිරහස විසඳය යුතු බව පැවසූ අවස්ථාවේ, අධිරාජිනිය හිටපු රහස් පරීක්ෂකයකු වූ කැරැලිකරුවකු ලෙස සිරගතව සිටි ඩි රෙන්ජියේව නිදහස් කිරීමට නියෝග කරයි. ඩිව සිරභාරයෙන් මුදවාගෙන ඒම පිණිස ඇය සිය සහායිකාවක වූ ෂංගුවාන් ජිංඅර්ව පිටත් කරයි. නමුත් එහිදී ඔවුනට ඝාතකයන් පිරිසක්ගේ ප්‍රහාරයකට මුහුණ දීමට සිදු වේ. වු අධිරාජිනිය නැවත ඩිව රාජකීය රහස් පරීක්ෂක තනතුරේ පිහිටුවන අතර, ජිංඅර් හට ඔහුගේ සහායිකාව සහ ඔත්තුකරුවා වන ලෙස පවසයි. ජිංඅර් විසින් ඩිව අයහපතට පොළඹවා ගැනීමට උත්සාහ දරන අතර, ඔවුනට නැවත ඝාතකයන් පිරිසක් මුණගැසේ. ඩි හට ලි කුමරුන්ව හමුවේ. කුමරු ඔහුව කැරැලි හමුදාවකට බඳවා ගැනීමට උත්සාහ දැරූව ද, එය අසාර්ථක වේ. පෙයි නිලධාරියා ඩි සහ ජිංඅර්ව දැවුණු මෘතදේහ විමර්ශනයට කැඳවාගෙන යයි. එහිදී ඩි නිගමනය කරන්නේ ඝාතකයන් විසින් විෂක් භාවිතා කර ඇති බවත්, එය හිරුඑළිය සමග ගැටුණු විට ගිනිගන්නා ද්‍රව්‍යයක් බවත් ය.

පෙයි, ඩිගේ රහස් පරීක්ෂණයට එකතු වේ. එහිදී ඩි හට සිය මිතුරකු වූ ෂටුවෝ මුණගැසේ. ෂටුවෝ සැක කරන්නේ මෙම විෂ "ගිනි කුරුමිණියන්"ගෙන් ලබාගත් විෂක් බවයි. ඔහු ඩිට පවසන්නේ මෙය මායා කඩපොළ යනුවෙන් හඳුන්වන ගුහා සංකීර්ණයේ සැඟව සිටින ඩොන්කී වංගේ ක්‍රියාවක් විය හැකි බවයි. මෙය මුලින් තමන්ට නොපැවසීම පිළිබඳ කෝප වන පෙයි ෂටුවෝව සිරභාරයට ගන්නට සැරසෙයි. නමුත් ඩි ඔහුව වළකයි. මායා කඩපොළේ දී, ඩි, පෙයි සහ ජිංඅර්හට රාජකීය ආශ්‍රමාධිපති වැනි පුද්ගලයකුගෙන් ප්‍රහාරයක් එල්ල වේ. ජිඅර් සහ පෙයි ජිංඅර් සහ පෙයි ඔහු සමඟ සටන් කරන අතර, පෙයි ඔහු පසුපස පූජකයාගේ රහස් නවාතැන වෙත ගමන් කරයි. ඩොන්කී වං තමන් මාලිගයේ වෙදැදුරුවරයකු වූ බවත්, තමන් ගිනි කුරුමිණියන් යොදා වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම අත්හදා බැලූ බවත් හෙළි කරයි. නමුත් ඒවායේ ඇති භයානක බව වටහාගත් පසු ඔහු නිල ස්ථාන භාවිතයෙන් පෙනුම වෙනස් කරගෙන පලාගිය බවත් පවසයි.

ලි කුමරු, ඩිගේ යගදාව නැවත ඔහුට භාර දෙයි. මෙය ඔහු සිරගතව සිටි සමයේ ඉවත් කෙරුණකි. ඩි සිය දේශපාලන මධ්‍යස්ථාභාවය පැහැදිළි කරයි. ඉන් මඳ වේලාවකට පසු ලි කුමරු ඝාතනය වෙයි. ඩි පූජකයා පිළිබඳ සැක කරයි. නමුත් වු අධිරාජිනිය ඔහුට ආරාමයට ඇතුළු වුවහොත් ඔහුව මරාදමනු ඇතැයි අනතුරු හඟවයි. මීට පෙර සිටි රහස් පරීක්ෂකයා විසින් ඔහුගේ පරීක්ෂණයේ දී යම් දෙයක් අනාවරණය කොට ඇති බව දැනගන්නා පෙයි එහි සටහන් පරීක්ෂා කරයි. නමුත් ඔහුව පැහැර ගැනෙයි. ආරාමය තුළ දී, රාජකීය ආශ්‍රමාධිපති අන් කිසිවකු නොව නිල ස්ථාන භාවිතා කොට වෙස්වලාගත් ජිංඅර්ම බව ඩි වටහා ගනියි. ඩි සැක කරන්නේ අධිරාජිනිය සිය කෲර පාලනය සාධාරණීකරණයට රාජකීය ආශ්‍රමාධිපතිව යොදා ගත් බවයි. ජිංඅර්, ඩි හට පහර දෙයි. නමුත් ඔහුව මරා දැමීමට අපොහොසත් වේ. ඇය ඝාතකයින් විසින් යෙදූ උපක්‍රම කිහිපයකටම හසු වන අතර, ඇයට මරණීය තුවාල සිදු වේ. නමුත් ඇගේ අවසන් සිහිනය ඉටු කරගැනීඹට උපකාර වන ඩි ඇයව මාලිගයට රැගෙන යයි. එහිදී ඇය අධිරාජිනියගේ දෑත් මත මියයයි.

ඩි පෙයිව සොයා ගන්නා නමුත් ඔහුව බේරා ගැනීමට අපොහොසත් වේ. ඔහු ඩි හට සටහන් කිහිපයක් ලබා දෙන අතර, ඒ අනුව මෙයට වගකිව යුතු වූයේ ෂටුවෝයි. ෂටුවෝ අධිරාජිනියව ඝාතනය කිරීමට සිතා බුද්ධ ප්‍රතිමාව ඇගේ මාලිගයට ඇද වැටීමට සලස්වන්නට අදහස් කොට තිබිණි. බුද්ධ ප්‍රතිමාවට ඔහු සිදුකොට තිබූ වෙනස්කම් පිළිබඳ දැනුවත් වූ නිලධාරීන්ව ඔහු මරාදමා ඇත. එසේම ඔහුට අපහාස කිරීම හේතුවෙන් ලි කුමරුන්ව ද ෂටුවෝ විසින් ඝාතනය කොට තිබේ. අනතුරුව වු අධිරාජිනිය තවමත් ජීවත්ව සිටී නම් ඇයව ආක්‍රමණය කිරීමට ඔහු ලි කුමරුගේ සේනාව ලබාගෙන තිබේ. ඩි සහ ෂටුවෝ සටන් කරන අතර, ඩි විෂවලින් තෙමී යයි. නමුත් ප්‍රතිමාව ඇදවැටෙන දිශාව වෙනත් පසකට හැරවීමට ඩි සමත් වේ. අනතුරුව ෂටුවෝ වු අධිරාජිනියට වස දීම සඳහා සිංහාසන ශාලාව වෙත යයි. ෂටුවෝව අල්ලාගන්නා ඩි, විෂ ෂටුවෝගේ සිරුර‍ටම ඉසිරීමට සලස්වයි. එහිදී ඔහු හිරුඑළියට නිරාවරණය වී මිය යයි.

ප්‍රතිමාවට යටවීමෙන් වු අධිරාජිනියව බේරා ගන්නා ඩි ඇයට ලි කුමරුගේ කැරැලි හමුදාව පිළිබඳ අනතුරු හඟවයි. අධිරාජිනිය තමන් ධාර්මික පාලකයකු වන බව පවසන අතර, ඇගේ රාජ්‍ය සමයෙන් පසු ටෑං රාජවංශයට බලය පැවරීමට ඇය තීරණය කරයි. සිය මාලිගයේ සේවය කරන මෙන් අධිරාජිනිය ඩි ගෙන් ඉල්ලා සිටිය ද, එය ප්‍රතික්ෂේප කරන ඩි රහස් පරීක්ෂක තනතුරනේ ඉල්ලා අස්වී මායා ‍කඩපොළ වෙත යයි. එහිදී ඔහු ඩොන්කී වං සහ උග්‍ර විෂ සමග දිවි ගෙවීමට තීරණය කරයි.

චරිත නිරූපණය සංස්කරණය

ටෑං රාජවංශයේ පිටුවහල් කළ රහස් පරීක්ෂකයෙකි.[10] ඔහුගේ වැදගත්ම ලක්ෂණය ඔහුගේ අධ්‍යාත්මික හැකියාව බව ලෞ මෙසේ පැවසී ය: "ඔහු අධිකරණ ම‍නෝවෛද්‍යවේදියකු වන අතර, ඔබේ ඇස්වලින්, ඔබ හුස්ම ගන්නා ආකාරයෙන්, ඔබගේ කථාව නවත්වන ස්වරූපය අනුව ඔහුට ඔබ සිතන දෑ පැවසිය හැකියි. ඔබ සඟවන දෑ පවා කිව හැකි දක්ෂ රහස් පරීක්ෂකයෙකි." චිත්‍රපටයේ සිය චරිතයට සූදානම් වීම සඳහා ලෞ අපරාධ මානසික වේදය අධ්‍යයනය කළේ ය.[11] චිත්‍රපටය සඳහා ලෞ අසුන් පැදවීම පුහුණු වූ අතර, ඒ සඳහා වෘත්තීය අසුන් පදවන්නකුගේ සහාය ලබාගෙන ඇත: "මා හැමවිටම අසුන් පැදවීමට බියවූවා, එවැනි විශාල සතකුට බිය වූවා; නමුත් දැන් මා මේ මානසික බාධාව ජයගෙන පාඩම් ඉතා සුමටව හදාරනවා."[11] "ඔහු ඉතා සුවිශේෂී, එසේම මෝඩයන් යටත් කරගන්නාසුලු, හොඳ කාර්යාංශයක සාමාජිකයෙකි. ඔහුගේ මානසිකත්වය සහ දර්ශනය අතින් ෂර්ලොක් හෝම්ස් හෝ ජේම්ස් බොන්ඩ්ට වඩා බෙහෙවින් වෙනස් ය. ඔහුට මගේ හදේ සදහටම ලැගුම්ගත හැකියි. මේ නිසා මට ඔහු කෙරෙහි ඇත්තේ ප්‍රේමණීය හැඟීමකි."
ඩි රෙන්ජියේ නිරූපණය පිළිබඳ ට්සුයි හාර්ක්ගේ අදහසයි, ඒ.[12]
චීනයේ ටෑං රාජවංශයේ අධිරාජිනියයි. වසර සතරක් තුළ මෙය ලෞගේ පළමු වි‍ශේෂාංග චිත්‍රපටය විය. මෙම චිත්‍රපටයේ ඇගේ චරිතය තුළ ඇය අධිරාජිනියගේ ශක්තිමත්භාවය පිළිබඳ මෙසේ අදහස් දක්වයි: "මට හැ‍ඟෙන්නේ වු සේටියැන් යනු අතිශ්‍රේෂ්ඨයකු බවයි. ඇගේ දෛවය ඉතා ශෝකජනකයි. නමුත් සිය දෛවය පැරදවීමට, සිය සිහිනය කරා මඳින් මඳ ළං වීමට ඇය බොහෝ අවස්ථා ලබන්නී ය. මා මෙන් නොව ඇයට ඉතා සවිමත් චින්තන ශක්තියක් තිබූ අතර ඉතා බුද්ධිමත් තැනැත්තියක විය."[12]
සටන් කලාවෙහි ප්‍රවීණයකු වන ඇය වු සේටියැන් අධිරාජිනියගේ සේවිකාව සහ දකුණු අත ලෙස ක්‍රියාකරයි. මෙම චරිතය දළ වශයෙන් ටෑං රාජවංශයේ සිටි කවියකු, ලේඛකයකු සහ දේශපාලනඥයකු වූ ෂංගුවාන් වැන්අර් ඇසුරෙන් නිමැවුණකි.[12] අධ්‍යක්ෂක ට්සුයි හාර්ක් මෙම චරිතය වෙනස් කොට වඩා ප්‍රබන්ධ චරිතයක් යෙදීමෙන් මෙය වඩා නිර්මාණශීලී වෙතැයි සිතා ඇත: "මෙහි වැන්-අර්ට සිදුකළ නොහැකි කාර්යයන් කිහිපයක් තිබේ. ඉන් එකක් නම් දක්ෂතම සටන් කලා ශිල්පිණියක වීමයි."[12]

නිෂ්පාදනය සංස්කරණය

ඩිටෙක්ටිව් ඩී ඇන්ඩ් ද මිස්ට්‍රි ඔෆ් ද ෆැන්ටම් ෆ්ලේම් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ට්සුයි හාර්ක් විසිනි. එසේම ඔහු, ඔහුගේ බිරිඳ,[12] චීන නිෂ්පාදන සමාගමක් වූ හුවායි බ්‍රදර්ස් (එසේම චිත්‍රපටයේ බෙදා හරින්නා ද වේ) සහ ෆිල්ම් වර්ක්ෂොප් (මෙම සමාගමේ 50වන විශේෂාංග චිත්‍රපටයයි) යන සමාගම විසින් මෙහි සම-නිෂ්පාදනය සිදුකරන ලදී.

මෙහි තිර රචනය චෙන් කුඔෆු විසින් සිදුකරන ලදී. ඔහු 2008දී තිරගත වූ චීන චිත්‍රපට වන Forever Enthralled සහ If You Are the Oneහි රචකයා ද වේ. අධ්‍යක්ෂණය කිරීමට පවරන විට ට්සුයි පැවසූයේ තමන් මෙම ව්‍යාපෘතිය භාරගන්නේ එහි පිටත අවශ්‍ය පරිදි සංශෝධන කිරීමට ඉඩ දෙන්නේ නම් පමණක් බවයි. මුල් පිටපතට තමන් සිදුකළ බොහෝ සංශෝධන ට්සුයි කිසිදින හෙළි කළේ නැත. ඔහු වරක් පැවසූයේ මුලින් ෂංගුවාන් ජිංඅර් චරිතය මුලින් පිරිමියකු ලෙස දක්වා තිබූ බවයි. මෙහි සටන් කලා අධ්‍යක්ෂණය සහ කලා අධ්‍යක්ෂණය සිදු කරන ලද්දේ සමෝ හුං විසිනි.

පූර්ව-නිෂ්පාදන කටයුතු සංස්කරණය

ඩිටෙක්ටිව් ඩී රූගත කිරීමට ප්‍රථම ට්සුයි වසර ගණනාවක් ගතකළේ ටෑං රාජවංශයේ සැබෑ නිලධාරියකු ඩි රෙන්ජියේගේ චරිතය පිළිබඳ තොරතුරු අධ්‍යයනය කරමිනි. චෙන් කුඔෆු මුලින්ම ඩි රෙන්ජියේගේ චරිතය පාදක කරගත් තිර රචනයක් ට්සුයි වෙත ඉදිරිපත් කළේ ය.[13]

2008දී ට්සුයි නිෂ්පාදන සැලසුම් නිවේදනය කළේ 13වන පුසන් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ දී සිය පෙර චිත්‍රපටය වූ All About Women ප්‍රවර්ධනය කරන අතරතුර ය. මේ කාලයේ ට්සුයි ඩිටෙක්ටිව් ඩී නිර්මාණය කරන්නේ ද, නැතහොත් 1966 චිත්‍රපටයක් වූ Dragon Gate Inn ප්‍රතිනිර්මාණය කරන්නේ ද යන්න පිළිබඳ තීරණයක් ගෙන නොතිබිණි.[14]

නළුවරණය සංස්කරණය

මෙහි ප්‍රධාන චරිතය වූ ඩි රෙන්ජියේගේ චරිතයට ට්සුයි මුලින් සිතා තිබුණේ ටෝනි ල්‍යුං කා-ෆයි, සමග ටෝනි ල්‍යුං චියු-වයි සහ ජෙට් ලිව තෝරා ගැනීමටයි. ට්සුයිගේ අනෙක් චිත්‍රපටය වූ Flying Swords of Dragon Gate ප්‍රවර්ධනය කරන අතරතුර ලි පැවසූයේ ඇතැම් හේතූන් මත තමන්ට මෙම ව්‍යාපෘතියට දායක වීමට අවස්ථාව නොලැබුණ ද, තමන් පිටපත කියවා බැලූ බවයි. ඩි රෙන්ජියේගේ චරිතය නිරූපණයට නළුවකු තේරීම පිළිබඳ ට්සුයි අදහස් දැක්වූයේ මෙලෙසයි: "කවුරුන් ද පවසුවේ ඩි රෙන්ජියේ තරබාරු වියපත් පුද්ගලයකු කියා? ඔහු ඉතා කඩවසම් විය හැකියි. එය පෙනුම සහ බුද්ධිය සමබරව පවතින චරිතයකි."[15] 2009 ජනවාරි 5 දින, ද හොලිවුඩ් රිපෝටර් නිවේදනය කළේ ඇන්ඩි ලෞ මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන බවයි.[16] 2009 අප්‍රේල් 29දින, කරිනා ලෞ, ලි බිංබිං, ඩෙං චාඕ සහ ටෝනි ල්‍යුං කා-ෆයි යන නළු නිළි පිරිස මෙහි සහාය චරිත නිරූපණය කරන බව නිවේදනය විය.

රූගත කිරීම් සංස්කරණය

2009 මැයි මස ඇමරිකානු ඩොලර් මිලියන 20ක අයවැයක් සමග, ඩිටෙක්ටිව් ඩීහි ප්‍රධාන ඡායාරූපකරණය ඇරඹිණි.[13][16] මෙම චිත්‍රපටය රූගත කිරීම සඳහා රෙඩ් වන් ඩිජිටල් කැමරා භාවිත වූ අතර[17] චීනයේ ෂේජියෑංහි පිහිට ලොව විශාපතම චිත්‍රපට කලාගාරවලින් එකක් වූ හෙංඩියන් වර්ල්ඩ් ස්ටූඩියෝස් තුළ රූගත කිරීම් සිදු විය.[18] ඩිටෙක්ටිව් ඩී චිත්‍රපටය ට්සුයි විසින් වඩාත්ම පෞද්ගලික දායකත්වයක් දැක්වූ චිත්‍රපටය ලෙස සැලකේ. මෙකල ඔහු චිත්‍රපට කණ්ඩායම සමග බොහෝ වේලාවක් ගතකළ අතර, ප්‍රමාණවත් නින්දක් පවා ලබාගත්තේ අල්ප වශයෙනි.[19]

ක්‍රියාදාම අධ්‍යක්ෂණය සංස්කරණය

සමෝ හුං මෙම චිත්‍රපටයේ ක්‍රියාදාම අධ්‍යක්ෂකයකු ලෙස කටයුතු කළේ ය. ඔහුගේ කණ්ඩායම ගුහාව තුළ දින තුනක කම්බි සම්බන්ධ කිරීමකින් පසු වේදිකා අටක් (මීටර 12ක් උසැති) ඉදිකළහ. මෙහිදී එක් දර්ශනයක් සඳහා කම්බි 70කට වඩා අවශ්‍ය වූ බව වාර්තා වේ.[11] මෙහි වූ ප්‍රතිමා අතුරින් එකක් මීටර 80ක් උසැති වු සේටියැන් අධිරාජිනියගේ උඩුකය ප්‍රතිමාවක් විය. චිත්‍රපටයේ වියදම් අධික වූ එක් අංගයක් වූ එය සඳහා ඩොලර් මිලියන 12ක් වැය විය. නිෂ්පාදනයේ දී, වාර්තාකරුවන්ට ප්‍රතිමාවේ අභ්‍යන්තරයට පිවිසීමට ආරාධනා කෙරිණි. මෙහි ඇතුළත මීටර 12ක් උසැති වෘත්තාකාර වේදිකාවක් විය. මේ වේදිකාවට පිටතින් අක්ෂරවලින් අලංකාර කළ රතු සහ සුදු පැහැ තිර එල්ලන ලදී.[20]

සටන් කලා අධ්‍යක්ෂණය සංස්කරණය

ඩිටෙක්ටිව් ඩී චිත්‍රපටයේ සටන් කලා දර්ශන නිර්මාණය කරන ලද්දේ සමෝ හුං විසිනි. ඔහු ඇන්ඩි ලෞ සහ ලි බිංබිං සමග පුළුල් ලෙස කටයුතු කළේ ය. ට්සුයි විසින් හුං ව සටන් කලා අධ්‍යක්ෂක ලෙස තෝරාගන්නා ලදී. ඔහු සිතූයේ හුං ගේ නිර්මාණ සතුව බෲස් ලීගේ ආභාසය ඇති බවයි. චිත්‍රපටයේ සටන් දර්ශන පිළිබඳ ට්සුයි පවසා ඇත්තේ ඒවා ඉප් මෑන් චිත්‍රපටයේ සටන් දර්ශනවලට සමාන බවයි. මේවා සැබෑ මුෂ්ටි පහර සහ පා පහරවල් වලට සමානව පවතින බව පැවසේ. නමුත් මෙය මීට පෙර සටන් කලා අත්දැකීමක් නොමැති නළුවන් හට තරමක් අපහසු වන්නට ඇත.[21] මෙහි නළුනිළි දෙපළගෙන්, ලි හට මින්පෙර සටන් කලාවේ අත්දැකීඹ් නොතිබිණි. ඇගේ චරිතය සඳහා ඇයට කසයක් හෝ කඩුවක් වැනි ආයුධයක් හැසිරවීමට පුහුණුවිය යුතු විය.[21]

පිළිගැනීම සංස්කරණය

චයිනා ඩේලි සඟරාව විසින් මෙම චිත්‍රපටය 2010 හොඳම චීන චිත්‍රපට දහය අතරට ඇතුළත් කොට ඇත.[22] ටයිම් සඟරාව මෙය 2011 වසරේ තෙවන හොඳම චිත්‍රපටය ලෙස දක්වා ඇත. එනම් එය ද ආටිස්ට් සහ හියුගෝ චිත්‍රපටවලට පසු හොඳම චිත්‍රපටයයි.[23] විචාරක රොට්න් ටොමැටෝස් දර්ශකය වාර්තා කොට ඇත්තේ විචාර 47ක් මත පදනම්ව 81%ක් විචාරකයින් මෙම චිත්‍රපටයට ධනාත්සක ප්‍රතිචාර දක්වා ඇති බවයි. ඒ අනුව 6.9/10ක සාමාන්‍ය ඇගයුමක් ලැබේ.[24]

සම්මාන සහ නිර්දේශ සංස්කරණය

සම්මාන සහ නිර්දේශ
උළෙල ප්‍රවර්ගය යෝජිතයා ප්‍රතිඵලය
30වන හොං කොං චිත්‍රපට සම්මාන[25][26] හොඳම චිත්‍රපටය ඩිටෙක්ටිව් ඩී ඇන්ඩ් ද මිස්ට්‍රි ඔෆ් ද ෆැන්ටම් ෆ්ලේම් නිර්දේශිත
හොඳම අධ්‍යක්ෂක ට්සුයි හාර්ක් දිනාගති
හොඳම නිළිය කරිනා ලෞ දිනාගති
හොඳම සහාය නළුවා ටෝනි ල්‍යුං නිර්දේශිත
ඩෙං චාඕ නිර්දේශිත
හොඳම සිනෙමාරූපණය චන් චි-යිං, පාකී චෑන් නිර්දේශිත
හොඳම චිත්‍රපට සංස්කරණය යෞ චි-වයි නිර්දේශිත
හොඳම කලා අධ්‍යක්ෂණය ජේම්ස් චූ දිනාගති
හොඳම ඇඳුම් අංග රචනා නිර්මාණය බෲස් යු දිනාගති
හොඳම ක්‍රියාදාම සටන් අධ්‍යක්ෂණය සමෝ හුං නිර්දේශිත
හොඳම මුල් සංගීතය පීටර් කම් නිර්දේශිත
හොඳම ශබ්ද සැලසුම වං දැංරොං, ෂාඕ නන් දිනාගති
හොඳම දෘශ්‍ය ප්‍රයෝග ලී යොං-ගි, නම් සං-වූ දිනාගති
47වන ගෝල්ඩන් හෝර්ස් සම්මාන හොඳම කලා අධ්‍යක්ෂණය ජේම්ස් චූ නිර්දේශිත
හොඳම ඇඳුම් අංග රචනා නිමැවුම බෲස් යු නිර්දේශිත
හොඳම ක්‍රියාදාම සටන් අධ්‍යක්ෂණය සමෝ හුං නිර්දේශිත
හොඳම ශබ්ද සැලසුම වං දැංරොං, ෂාඕ නන් නිර්දේශිත
හොඳම දෘශ්‍ය ප්‍රයෝග ලී යොං-ගි, නම් සං-වූ දිනාගති
5වන ආසියානු චිත්‍රපට සම්මාන[27] හොඳම නිෂ්පාදන සැලසුම චූ සුං-බොං නිර්දේශිත
හොඳම දෘශ්‍ය ප්‍රයෝග ෆිල් ජෝන්ස් නිර්දේශිත
හොඳම ඇඳුම් නිර්මාණය බෲස් යු නිර්දේශිත

මේවාත් බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. 1.0 1.1 "ඩිටෙක්ටිව් ඩී ඇන්ඩ් ද මිස්ට්‍රි ඔෆ් ද ෆැන්ටම් ෆ්ලේම්". ටොරන්ටෝ අන්තර්ජාතික චිත්‍රපට උළෙල 2010. 2010-09-12 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  2. "ඩිටෙක්ටිව් ඩී ඇන්ඩ් ද මිස්ට්‍රි ඔෆ් ද ෆැන්ටම් ෆ්ලේම් ඇට් බොක්ස් ඔෆීස් මෝජෝ".
  3. "වෙනීෂියා 67". labiennale.org. 2010-07-29. සම්ප්‍රවේශය 2010-07-29.
  4. "වෙනිස් අන්වේල්ස් 2010 කම්පෙටිෂන් ලයිනප්". ද හොලිවුඩ් රිපෝටර්. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  5. ස්ටාර්, කොරියා (2012-08-17). "ඇක්ටර් කිම් බුම් ටු ස්ටාර් ඉන් ට්සුයි හාර්ක්'ස් මූවී 'ඩිටෙක්ටිව් ඩී: ද ප්‍රීක්වල්' - යාහූ! OMG! ෆිලිපීන්ස්". Ph.omg.yahoo.com. සම්ප්‍රවේශය 2013-07-08.
  6. හොං ගිල්-දොං (2012-08-17). "ඇක්ටර් කිම් බුම් බැක් ඉන් හාර්ක් ට්සුයි'ස් නිව් ෆිල්ම්". ද කොරියා හෙරල්ඩ්. සම්ප්‍රවේශය 2013-07-08.
  7. "කිම් බුම් කාස්ට් ඉන් අප්කමිං හොං කොං ඇක්ෂන් ත්‍රිලර් ෆිල්ම්". සූම්පි. 2012-08-16. සම්ප්‍රවේශය 2013-07-08.
  8. 安蔚 (2012-08-03). "කාස්ට් ලිස්ට් ඔෆ් ට්සුයි හාර්ක්'ස් 'ඩි රෙන්ජියේ' රිවීල්ඩ්". China.org.cn. සම්ප්‍රවේශය 2013-07-08.
  9. "කිම් බුම් ටු මේක් චයිනීස් ෆිල්ම් ඩිබට් විත් ඩිරෙක්ටර් ට්සුයි හාර්ක් - යාහූ! OMG! ෆිලිපීන්ස්". Ph.omg.yahoo.com. 2012-08-17. සම්ප්‍රවේශය 2013-07-08.
  10. ඩිටෙක්ටිව් ඩී කාස්ට් අනවුන්ස්ඩ් - Wu-Jing.org, http://www.wu-jing.org/happenings/archives/639-Detective-Dee-Cast-Announced.html, ප්‍රතිෂ්ඨාපනය 2016-11-30 
  11. 11.0 11.1 11.2 HKSAR ෆිල්ම් නෝ ටොප් 10 බොක්ස් ඔෆීස්: [2009.06.12] ඇන්ඩි ලෞ ස්ටඩීස් ක්‍රිමිනල් සයිකොලොජි
  12. 12.0 12.1 12.2 12.3 12.4 "ඩිටෙක්ටිව් ඩී ප්‍රෙස් කන්ෆරන්ස් ඉන් හෙංඩියෑන් - Wu-Jing.org". Sina.com, බයිදු, සෝහු. 13 ජූනි 2009. සම්ප්‍රවේශය 7 මැයි 2010. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "Hengdian Press Conference" defined multiple times with different content
  13. 13.0 13.1 ට්සුයි හාර්ක් ටු ඩිරෙක්ට් ජජ් ඩී ඉන් මේ 2009 - Wu-Jing.org, http://www.wu-jing.org/happenings/archives/579-Tsui-Hark-to-Direct-Judge-Dee-in-May-2009.html, ප්‍රතිෂ්ඨාපනය 2016-11-30 
  14. ට්සුයි හාර්ක් පොන්ඩර්ස් ඕවර් ඩුයිං නිව් ඩ්‍රැගන් ඉන් ‍ඕ ඩි රෙන් ජියේ ෆස්ට් - Wu-Jing.org, http://www.wu-jing.org/happenings/archives/565-Tsui-Hark-Ponders-Over-Doing-New-Dragon-Inn-or-Di-Ren-Jie-First.html, ප්‍රතිෂ්ඨාපනය 2016-11-30 
  15. ට්සුයි හාර්ක්: ඩි රෙන් ජියේ ඊස් "ඉන්ටර්නැෂනලි නෝව්න්" | ඇන්ඩිලෞ සවුන්ඩ්ස්
  16. 16.0 16.1 ඩිටෙක්ටිව් ඩී ඉන්වෙස්ටිගේට්ස් මිස්ට්‍රියස් ඩෙත්ස් ඉන් ට්සුයි හාර්ක්'ස් අප්කමිං ෆිල්ම් - Wu-Jing.org, http://www.wu-jing.org/happenings/archives/615-Detective-Dee-Investigates-Mysterious-Deaths-in-Tsui-Harks-Upcoming-Film.html, ප්‍රතිෂ්ඨාපනය 2016-11-30 
  17. තොම්සන්, ඈන් (6 සැප්තැම්බර් 2011). "ට්සුයි හාර්ක් ටෝක්ස ඩිටෙක්ටිව් ඩී ඇන්ඩ් ද මිස්ට්‍රි ඔෆ් ද ෆැන්ටම් ‍ෆ්ලේම්, ගෝස් 3-D". Indiewire. සම්ප්‍රවේශය 20 මාර්තු 2015.
  18. ඩි රෙන් ජියේ ස්ටාටඩ් ෂූටිං ඉන් හෙංඩියන් | ඇන්ඩිලෞසවුන්ඩ්ස්
  19. ඩිටෙක්ටිව් ඩී කන්සෙප්ට් ආට් - Wu-Jing.org, http://www.wu-jing.org/happenings/archives/649-Detective-Dee-Concept-Art.html, ප්‍රතිෂ්ඨාපනය 2016-11-30 
  20. HKSAR ෆිල්ම් නෝ ටොප් 10 බොක්ස් ඔෆීස්: [2006.06.13] සමෝ හුං හෝප්ස් ටු ප්‍රොවයිඩ් ද බෙස්ට් විෂුවල් එන්ටර්ටේන්මන්ට්
  21. 21.0 21.1 HKSAR ෆිල්ම් නෝ ටොප් 10 බොක්ස් ඔෆීස්: [2009.06.04] ඩිටෙක්ටිව් ඩී කාස්ට් හෑස් ටු ටේක් අ බීටිං බිෆෝ ගිවිං අ බීටිං
  22. ෂෞ, රේමන්ඩ් (30 දෙසැම්බර් 2010). "ටොප් 10 මූවීස් ඔෆ් 2010 ඉන් චයිනා". චයිනා ඩේලි. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2010.
  23. කොර්ලිස්, රිචඩ් (7 දෙසැම්බර් 2011). "ටොප් 10 බෙස්ට් මූවීස්". ටයිම් සඟරාව. 2013-08-24 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 මාර්තු 2012.
  24. "ඩිටෙක්ටිව් ඩී ඇන්ඩ් ද මිස්ට්‍රි ඔෆ් ද ෆැන්ටම් ෆ්ලේම් (2011)". රොට්න් ටොමැටෝස්. ෆ්ලික්ස්ටර්. සම්ප්‍රවේශය 5 ජූලි 2012.
  25. "ඩිටෙක්ටිව් ඩී ලීඩ්ස් හොං කොං ෆිල්ම් අවෝඩ්ස්". චයිනා ඩේලි. 10 පෙබරවාරි 2011. සම්ප්‍රවේශය 20 මාර්තු 2015.
  26. චු, කැරන් (18 අප්‍රේල් 2011). "'ග්ලන්ට්ස්,' 'ඩිටෙක්ටිව් ඩී' ද බිග් විනර්ස් ඇට් හොං කොං ෆිල්ම් අවෝඩ්ස්". ද හොලිවුඩ් රිපෝටර්. සම්ප්‍රවේශය 20 මාර්තු 2015.
  27. නැපොලිටානෝ, ඩීන් (21 ජනවාරි 2011). "'කන්ෆෙෂන්ස්' ලීඩ්ස් AFA නොමිනේෂන්ස්". ද වෝල් ස්ට්‍රීට් ජර්නල්. සම්ප්‍රවේශය 20 මාර්තු 2015.

බාහිර සබැඳි සංස්කරණය