ජීවයේ ඉතිහාසය
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. (2023 සැප්තැම්බර්) |
ව්‍යාකරණ, ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. (2023 සැප්තැම්බර්) |
ජීවයේ සම්භවය
සංස්කරණයජීවයේ සම්භවය පරිණාමය සඳහා අත්‍යවශ්‍ය මුල් පුරුකක් වන්නට ඇත. නමුදු ජීවින් ඇන්ජිමත් සමග පරිණාමය ඇතිවූවා යන්න තේරුම් ගිය පසු හා පරිණාමය සඳහා පරීක්ෂණ කළ තොරතුරු ලබාගත් පසු ජීවයේ සම්භවය පරිණාමයට සරල ඇති වීම මත නොයැපුනි. දැනට පවතින විද්‍යාඥයින්ගේ ඒකමතික තීරණයට අනුව ජීවය, රසායන ක්‍රියාවල සිට සංකිර්ණ ජීව රසායනික ක්‍රියාවලීන් නිසා ඇති වූවක් බව එය ඒසේ වූයේ කෙසේ ද යන්න පැහැදිලි නැති නමුත් පිළිගැනේ. ජීවයේ වර්ධනය මුල් ජීවීන්ගේ ව්‍යුහය, විශ්වයේ ඇදීම, මීමුතු ජීවියාගේ හැඳින්වීම හා ස්වභාවය, ආදී ජාන එකතුව / පොකුණ පිළිබඳ ස්ථිරත්වයක් නොමැත. තනිව බෙදන RNA අණු, සරල සෛලවල එකතුව ආදී ලෙසට ඇත. යෝජනා මිස ජීවයේ සම්භවය පිළිබඳ විද්‍යඥයින්ගේ ඒකමතිකත්වයක් නොමැත.
ජීවයේ පැවතී ඒම
සංස්කරණයඑකම ආදී මී මුත්තෙක්ගෙන් මිනිසාට සමානකම් ඇති ජීවීන් පැවත ඒ. පෘථිවියේ සියලු ජීව සංවිධාන ආදි මී මුත්තෙක්ගෙන් හෝ ආදි ජාන පොකුණකින් පැවත ඒ. අද පවතින විශේෂඥ පරිණාමයේ යම් අවස්ථාවක සිටින අතර විශේෂ තැනීමේ හා විශේෂ නෂ්ඨ වීමේ දිගු කාර්යබාරයක නිරත වෙමින් සිටී.එනම ආදියෙක්ගෙන් පැවත ඒම, ජීවීන් පිළිබඳ සරල කරුණු 4 ක් නිසා නිගමනය කළේය.
1. “තැනට අවශ්‍ය පරිදි හැඩ ගැනීම” මගින් පැහැදිලි කළ නොහැකි භූගෝලීය වශයෙන් පැතිරීමක සිටීම |
2. සර්ව සම්පූර්ණ ලෙස එක හා සමාන ජීවීන් නිසා නොව බාහිර රූපී සමානකම් බෙදාගන්නා ජීවීන් නිසා ජීව විවිධත්වය ඇති වීම |
3. පැහැදිලි අරමුණක් නොමැති නමුත් ආදි ක්‍රියාකාරී වූ සමහර ලක්ෂණ අදත් සමහර ජීවීන් තුළ තිබීම |
4. මෙම සමානකම් මත ජීවීන් යම්කිසි මණ්ඩලයකට අනුව කාණ්ඩ කළ හැකි වීම. |
ආදී විශේෂ ඔවුන්ගේ පරිණාමික ඉතිහාසයේ සමහර වාර්තා තබා ගොස් ඇත. පොසිල, අද ජීවත්වන ජීවීන්ගේ ශරීර ස්ථානය සමග ගත් කළ රූපානුආකාර හෝ ශරීර ස්ථාන වාර්තා අඩංගු වේ. අද ජීවත්වන ජීවීන් හා නෂ්ඨ විශේෂවල ශරීර ස්ථානය, කායිච්චේද විද්‍යාව සංසන්දනය කළවිට පාශාන විද්‍යාඥ - පාෂාණීය ධාතු විද්‍යාව හට එම විශේෂ කාගෙන් විකරණය වූවේද යන්න පිළිබඳ කිව හැක. නමුත් මෙම ආකාරයෙන් සාර්ථක විග්‍රහයක් කළ හැක්කේ කවච, කටු, දත්, අස්ථි වැනි තද කොටස් අඩංගු ජීවීන්ටය.
තව දුරටත් කියනවානම් ප්‍රොකැරියෝටාවන් (බැක්ටීරියා හා ඇකයා වැනි) සමාන රූපාකාර සීමාකාර සංඛ්‍යාවක බෙදා හදා ගෙන ඇති නමුදු ඔවුන්ගේ පොසිල මගින් ඔවුන්ගේ ආදිතමයා පිළිබඳ තොරතුරු ලබා නොදෙයි. නවතම සාක්ෂි, ජීවීන්ගේ ජීව රසායනයන්ගේ සමානකම් නිසා සැපයේ. උදාහරණ ලෙස සෑම ජීවී සෛලයක්ම නියුක්ලික් අම්ල හා ඇපනේ අම්ල භාවිතා කිරීම, ජීවීන්ගේ ජානවල ඉතිරි වූ පරිණාමික වාර්තා, අණුක ජාන විද්‍යාවෙහි වර්ධනය සමග හෙළි විය. විකෘති නිසා ඇති වූ අණූක ඔරලෝසුව, වෙලාව අනුව ජීවීන් විශේෂ 2 ක් ආදිතමයන්ගෙන් වෙන් වී දෙපැත්තකට ගමන් කිරීමට ඇරඹූ කාලය නිගමනය කළ හැකි වීම. උදාහරණ ලෙස මිනිසාගේ හා චිම්පන්සියාගේ DNA වල ඇති සමීප ජානමය සමානතා එක් ආදිතමයෙක්ගෙන් මේ දෙදෙනාම පැවත එන බව ආලෝකමත් කළේය.
ජීවයේ පරිණාමය
සංස්කරණයඑකම ආදිතමයෙක්ගෙන් (මැද සිටින) අද පවතින විශේෂ පැවත එන බව පරිණාමික ගස පෙන්වා දෙයි. රාජධානි 3 ක් වර්ණවලින් දක්වා ඇත. බැක්ටීරියාවන් නිල් පාටින්ද ආරකීඩාවන් කොළපාටින්ද ඉයුකැරියෝටාවන් රතු වර්ණයෙන් ද යනුවෙනි.
ජීවයේ සම්භවය කෙසේ වූයේද යන්න අවිනිශ්චිත වුවද ප්‍රෝකැරියෝටාවන් පෘථිවියේ ප්‍රථම ජීවීන් බව පැහැදිලිය. මෙය වසර බිලියන 3 , 4 කට පෙරය. සෛලික සංවිධානයේ හෝ බාහිර රූපාකාරයේ පෙනිය හැකි වෙනසක් මෙම ජීවීන්ගේ මී ළඟ වසර බිලියන කිහිපය තුළ සිදු වී නැත.
පරිණාමයේ මී ළඟ නවතමයා ඉයුකැරියෝටාවන් විය. ආදි ඉයුකැරියෝටාවන් විසින් ආදි බැක්ටීරියාවන් භක්ෂණය කර අන්තර් සහජීවනය පවත්වා ගැනීම නිසා මෙය ඇති විය. මෙම භක්ෂණය වූ බැක්ටීරියාවත් ධාරක සෛලයත් යන දෙකම පරිණාමය විය. එනම්, එම බැක්ටීරියාව මයිට්‍රොකොණ්ඩ්‍රියමක් හෝ හයිඩ්‍රොජනෝසෝමයක් බවට පරිවර්තනය වීමෙන්ය. ආදි ශාක හා ඇල්ගීවල දෙවැනි භක්ෂණයක් සිදු විය. එනම්, සයනොබැක්ටීරියාවක් වැනි ජීවියෙක් භක්ෂණය කිරීම තුළින් හරිතලව ඇති වීමය.
ඉසියකැරන් සාගරවල බහුසෛලික ජීවීන්ගේ උපත සිදුවන තෙක් ඒක සෛලික ඉයුකැරියෝටාවන් , ප්‍රොකායෝටාවන් ඒකියාවන් තුළ ජීවයේ අතීතය පැවතුනි. ස්පොන්ජින්, දුඹුරු ඇල්ගී, සයනොබැක්ටීරියා, පුස් හා මික්සොබැක්ටීරියාවන් ලෙසට බහු සෛලිකයන්ගේ පරිණාමය සිදු විය.
කේම්බ්‍රියන් පුපුරායෑම ලෙස හඳුන්වනු ලබන සිද්ධිය නිසා ආසන්න ලෙස වසර මිලියන 10 ක් තුළදී මුල්ම බහුසෛලික ජීවියාගේ උපතත් සමගම ජීව විවිධත්වයේ විශිෂ්ඨ ප්‍රමාණයක් සිදු විය. අද පවතින බොහෝ ජීවින්, පොසිල වාර්තාවල ද ඇතුළත්වන අතර කෙමෙන් නෂ්ඨ වී ගිය එක් පෙළපතක සිට පැවත එන්නක් විය. ප්‍රභාසංස්ලේෂණය නිසා වායුගෝලයේ O2 තැන්පත්වීම වැනි නොයෙකුත් ජීවයට මූලික වූ කරුණු කේම්බ්‍රියන් පිපිරීමෙන් යෝජනා විය. වසර මිලියන 500 කට ප්‍රථම ශාක හා දිලීර පොළව ආක්‍රමණය කර කොළණි සෑදූ අතර එය ඉක්මණින්ම ආත්‍රපෝඩාවන් හා අනෙකුත් සත්වයන් ද කළේය. උභය ජීවීන් වසර මිලියන 300 කට ප්‍රථම ඇති විය.ඉන්පසු ආදි ඇමිනියෝටාවන් ද වසර මිලියන 200 කට පෙර ක්ෂීරපායීන්ද මිලියන 100 කට පෙර පක්ෂීන්ද (දෙදෙනාම උරග වැනි සම්භවයකින් පැවතේ) පැමිණියහ. මහා ජීවීන් මෙන්ම කුඩා ජීවීන්ද ( පරිණාමික ක්‍රියාවලියේ ආදි කාලයේ විකසනය වූ අයට සමාන ක්ෂුද්‍ර ජීවීන් ) පරිණාමයේ ඉතා සාර්ථක ලෙස යෙදී පෘථිවියේ වැදගත් තැනක් ගෙන ඇත. එනම්, බොහෝ ජීව ස්කන්ධ හා විශේෂ යන දෙකම ප්‍රොකැරයෝටාවන් වීමයි.
ආශ්‍රිත ලිපි
සංස්කරණයපාද සටහන්
සංස්කරණයමූලාශ්ර
සංස්කරණයභාහිර සබැඳි
සංස්කරණය- van Wyhe, John (ed.). "The Complete Work of Charles Darwin Online". සම්ප්‍රවේශය 2015-02-23.
- Price, R. G. "Understanding Evolution: History, Theory, Evidence, and Implications". rationalrevolution.net. සම්ප්‍රවේශය 2015-02-23.
- "Evolution". The Virtual Fossil Museum. සම්ප්‍රවේශය 2015-02-22. General information on evolution compiled by Roger Perkins.
- "Understanding Evolution". University of California, Berkeley. සම්ප්‍රවේශය 2020-12-25.
- "Evolution Resources". Washington, D.C.: National Academies. සම්ප්‍රවේශය 2020-12-25.
- "Tree of Life". 2020-12-15 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2020-12-25. Tree of life diagram by Neal Olander.
- "Evolution". New Scientist. සම්ප්‍රවේශය 2020-12-25.
- Brain, Marshall. How Evolution Works at HowStuffWorks
- "Modern Theories of Evolution: An Introduction to the Concepts and Theories That Led to Our Current Understanding of Evolution". Palomar College. සම්ප්‍රවේශය 2020-12-25. Tutorial created by Dennis O'Neil.