ජේම්ස් අර්ල් කාටර් කණි. (උපත ඔක්තොම්බර් 1, 1924) යනු ඇමරිකානු දේශපාලනඥයෙක් සහ පරාර්ථකාමියෙක් වූ අතර, 1977 වසරෙහි සිට 1981 වසර දක්වා එක්සත් ජනපදයෙහි 39වන ජනාධිපතිවරයා ලෙසින් සේවය කළේය. ඩිමොක්‍රටික් පක්ෂයෙහි සාමාජිකයෙක් වන ඔහු, පෙරදී 1963 වසරෙහි සිට 1967 වසර දක්වා ජෝර්ජියා ජනපද සෙනෙට් මන්ත්‍රීවරයෙක් ලෙසින්ද, 1971 වසරෙහි සිට 1975 වසර දක්වා ජෝර්ජියාහී 76වන ආණ්ඩුකාරවරයා ලෙසින්ද සේවය කර තිබුණි. ජනාධිපති තනතුරෙන් ඉවත්ව ගිය පසුව, කාටර් පෞද්ගලික අංශයෙහි සක්‍රීයව සිටි අතර, 2002 වසරෙහිදී ඔහු වෙත නොබෙල් සාම ත්‍යාගය පිදුනේ කාටර් මධ්‍යස්ථානයෙහි සම-ස්ථාපක ලෙසින් ඔහුගේ කාර්ය භාරය වෙනුවෙනි.

ජීමී කාටර්
කාටර් සිනහසෙමින්
එක්සත් ජනපදයෙහි 39වන ජනාධිපතිවරයා
"https://si.wikipedia.org/w/index.php?title=ජීමී_කාටර්&oldid=441940" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි