ජාතිකවාදය
ජාතිකවාදය යනු යම් පුද්ගලයෙකුගේ ජාතිය හා ඇති බඳීම හෝ ජාතික අනන්‍යතාවය මත පදනම් වූ දේශපාලන දෘෂ්ටිවාදයයි.
මෙය ජාතිවාදය තුලින් හට ගැනීමට ඉඩ ඇත.[තහවුරු කර නොමැත]
ජාතිකවාදය දේශපාලන මත වාද අතර 19 සහ 20 සියවස් අතර වර්ධනය වූ ප්‍රමුඛතම දේශපාලන මතවාදයකි දේශපාලන මතවාදයක් මෙන්ම සමාජ ව්‍යාපාර සඳහා ද බලපෑ මතවාදයකි නූතන ලෝකයේ රාජ්‍යය,ජනවාර්ගික අර්බුද ,අන්තර් රාජ්‍ය සම්බන්ධතා,දේශාභිමානී හැගීම් ආදී දෑ නිර්මාණය කිරීමට දායකත්වය සපයන ලදී .ජාතිකවාදය යන්නට දිය හැකි අර්ථකථනයක් නම් "ජාතියක් යනුවෙන් තමා ගැනම යම් අවබෝධයක් ඇති පුජාවක් නිශ්චිත දේශපාලන අමුණක් සඳහා මෙහෙයවන ජාතිය පිළිබඳ අදහස "ලෙස හැඳින්විය හැකිය . දේශපාලන මතවාදයක් ලෙස ජාතිකවාදය තුල දැකිය හැකි විශේෂ ලක්ෂණ නම් 1ප්‍රථම දේශපාලන මතවාදයක් වුවත් ඒකාග්ර චින්තනයක් නැත .එනම් ජාතික ජාතිකවාදය තනි පුද්ගලයෙක් ගේ දේශපාලන මතවාදයක් නොවේ එනම්( සමාජ වාදය වැනි =කාල් මාක්ස් ෆෙඩ්රික් එංගල්ස් ) පිරිසක් විසින් එකතුවී ගනු ලැබූ දේශපාලන මතවාදයක් නොවේ (ස්ත්‍රී වාදය වැනි )මෙය හුදෙක් ම සමාජය සිදුවූ විවිධ පරිණාමයන් ගේ ප්‍රතිඵලයක් ලෙස වර්ධනය වූවකි .පිළිබඳව අදහස් දක්වන දේශපාලන න්‍යාය වේදියෙකු වන බෙනඩික් ඇන්ඩර්සන් පරිකල්පිත ප්‍රජාවන් ප්‍රජාව නම් වූ ග්‍රන්ථය තුළින් ප්‍රකාශ කරන්නේ 'ජාතිකවාදය සඳහා හොබ්ස් කෙනෙකු හෝ තොක්විල් කෙනෙකු හෝ මාර්ක්ස් කෙනෙකු තබා මැක්ස් වෙබෙර් කෙනෙකු වත් නැත' මගින් අපට මේ චින්තකයෙකු මත පදනම්ව නිර්මාණය වූ දේශපාලන මතවාදයක් බව අවබෝධ වේ . 2විවිධ සමාජ වලින් බිහිවී ඇතත් ව්‍යුහාත්මක සමාන තා තිබීම .එනම් සියලුම දෙනාම අප රටේ ජාතික ගීය ,ජාතික කොඩිය ,ජාතික දිනයට ගරු කරනු ලබයි (සරල උදාහරණයක් ලෙස සලකන්න )
ජාතිකවාදය යන වදන ගැන ඇති ගැටළු
සංස්කරණයජාතිකවාදය සිංහල බෞද්ධ සංස්කෘතිය හා සහ සම්බන්ධ වූ සංකල්පයකි. මෙහිදී, සිංහල බෞද්ධ චින්තනයට අනුව ‘ජාතිය’ නමින් හදුන්වන්නේ ඉංගිසි භාෂාවෙන් "නේෂන්" ලෙස හදුන්වන සංකල්පයම නොවන බව කියවේ. ජාතිය යනු , " එකම" ," පොදු වූ" , "සමාන වූ " යන අරුතින් ගැනෙයි. සිංහල භාෂාවේ ජාතිය යන වචනය හැගවෙන්නේ ‘සිංහල ජාතිය’, ‘ඉංගිරිසි ජාතිය’ යන අර්ථයෙන්ම නොවේ. ‘එක ජාතියේ පළතුරු’, ‘එක ජාතියේ මල්’ වැනි යෙදුම් සිංහල භාෂාවේ භාවිත කරනු ලැබේ. ‘ඒ දෙන්නාම එක ජාතියේ’ වැනි යෙදුම් සිංහල භාෂාවේ යෙදෙයි.. එහෙත් ඉංගිරිසියෙන් Nation of flowers වැනි කීමක් අසන්නට නැත.[1]
ඒ නයින් ගත් විට ජාතිකවාදය යනු , අත්‍යාවශ්‍යයෙන්ම සිංහල බෞද්ධ සංස්කෘතික සංකල්පයක් වෙයි . එය බටහිර සංස්කෘතික සංකල්පයක් වන "නැෂනලිසිම් ( Nationalism) හා සම්පුර්ණයෙන් සහසම්බන්ධ නොවේ.