ජාතික කාර්යෝපාය දිනය (ශ්‍රී ලංකාව)

ශ්‍රී ලංකාවේ ජාතික කාර්යෝපාය දිනය 2021 වසරේ සිට සෑම වසරක ම අගෝස්තු මස 16 වන දින ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.[1]

කාර්යෝපාය දිනයක් ප්‍රකාශයට පත් කිරීමේ අරමුණ වන්නේ කාර්යෝපායට අදාළ ක්‍රියාවලිය පිළිබඳ ව මහජනතාව දැනුවත් කිරීමයි.[1]

රටක සියලුම සැපයුම් කාර්යක්ෂම ව සහ ඵලදායී ව මෙහෙයවීම කාර්යෝපාය වශයෙන් හැඳින්වේ. එම ක්‍රියාවලිය නිසි පරිදි පවත්වා නොගැනීම මඟින් භාණ්ඩ මිළ ඉහළ යාම හා එතුළින් ජීවන වියදම පාලනය අපහසු වීම වැනි ගැටළු රැසක් පැන නැගීමට ඉඩකඩ පවතී.[1]

  1. 1.0 1.1 1.2 https://www.news.lk/cabinet-decusions/item/32674-cabinet-decisions-02-08-2021