ජනිත් ඉද්දමල්ගොඩ යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නවක යොවුන් ගායකයෙකි. ඔහු දෙරණ නාලිකාවේ විකාශණය වූ රියැලටි ටීවී ගායන තරඟාවලියක් වන දෙරණ ඩ්‍රීම් ස්ටාර් සයවන අදියරේ ප්‍රථම ස්තානය දිනාගත්තේය.[1][2] එම ජයග්‍රහණය ඔහු සතු අතිමහත් ජනප්‍රියත්වයේ මූලාරම්භය විය.

ජනිත් ඉද්දමල්ගොඩ
උපත29 අගෝස්තු 1997 (1997-08-29) (වයස 26)
ජාතිකත්වයශ්‍රී ලාංකික
අධ්‍යාපනයමාගල්ලේගම ජයබිම විද්‍යාලය
ශ්‍රී රාහුල විද්‍යාලය, කටුගස්තොට
නාලන්දා විද්‍යාලය, කොළඹ

කුඩාකල ජීවිතය හා පසුබිම සංස්කරණය

ජනිත් ඉද්දමල්ගොඩ 1997 අගෝස්තු 29වන දින තිලක් ඉද්දමල්ගොඩ සහ මාලා ජයන්ති ඉද්දමල්ගොඩ යන අයට දාව උපත ලැබීය. ඔහුගේ උපන්ගම නිකවැරටිය(ශ්‍රී ලංකාවේ වයඹ පළාතේකුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි) වේ. ජනිත් සොහොයුරන් දෙදෙනෙකු සහ එක් සොහොයුරියක සිටින පවුලක බාලයා විය. ජනිත්ගේ දෙමාපියන්හට ස්ථිර රැකියාවක් නොතිබුණු අතර ඔවුන් ගඩොල් කැපීමෙන් ලද ඉතා සුළු ආදායමෙන් ජීවිතය ගෙනයන්නවුන් විය.[3]

අධ්‍යාපනය සංස්කරණය

ජනිත් ප්‍රාථමික අධ්‍යාපනය හදාරන ලද්දේ මාගල්ලේගම ජයබිම විද්‍යාලයේදීය. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්වීමෙන් පසු ඔහු කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයට ඇතුළත් විය. ඉන්පසු ඔහුගේ විශිෂ්ට ගායන කෞශල්‍යය නිසාවෙන් ඔහුට කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුල් වීමට වරම් හිමිවිය.නාලන්දා විද්‍යාලයේ නේවාසිකාගාරායේ සිට අධ්‍යාපනය හදාරමින් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග විශිෂ්ට ලෙස සමත්ව සෞන්දර්ය විශ්වවිද්‍යාලයට යාමට ඔහු සමත් විය.

මූලාශ්‍ර සංස්කරණය

  1. "adaderana.lk [English]: Janith Iddamalgoda from Nikaweratiya became the Derana Dream Star of Season 6". adaderana.lk [English]. සම්ප්‍රවේශය 6 December 2015.
  2. "sundaytimes.lk [English]: Talented Janith Iddamalgoda won the recently concluded grand finale of the Derana Dream Star Season 6". sundaytimes.lk [English]. සම්ප්‍රවේශය 13 December 2015.
  3. "gossiplankanews [English]: The crown at the finale of the Derana Dream Star Season 6 Competition was clinched by Janith Iddamalgoda". gossiplankanews.com [English]. සම්ප්‍රවේශය 7 December 2015.

භාහිර සබැඳි සංස්කරණය

https://www.facebook.com/Janith-Iddamalgoda-1456430987987287

"https://si.wikipedia.org/w/index.php?title=ජනිත්_ඉද්දමල්ගොඩ&oldid=485202" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි