ලොකුපතිරගේ ජනක් ප්‍රේමලාල් (උපත 1959 මැයි 15), යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි.[3][4] රූපවාහිනි නාට්‍ය කලාවේ ආධිපත්‍යය දැරූ බහුවිධ නළුවෙකු වන ඔහු රූපවාහිනී කතාමාලා 250 කට වැඩි ගණනක රඟපා ඇත.[5]

ජනක් ප්‍රේමලාල්
Janak Premalal
උපත
ලොකුපතිරගේ ජනක් ප්‍රේමලාල්

මැයි 15, 1959 (1959-05-15) (වයස 64)
කරන්නාගොඩ, ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
අධ්‍යාපනයහොරණ ශ්‍රිපාලී විද්‍යාලය
විද්‍යාරත්න විද්‍යාලය, හොරණ
උගත් ශාස්ත්‍රාලයශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය[1]
රැකියාවනළුවෙක්, නාට්‍යකරුවෙක්, අධ්‍යක්ෂකවරයෙක්, ගුරුවරයෙක්
සක්‍රීය වසර1983–වර්තමාන
දේශපාලන පක්ෂයජාතික නිදහස් පෙරමුණ[2]
සම්මානහොඳම නළුවා

පෞද්ගලික ජීවිතය සංස්කරණය

ඔහු 1959 මැයි 15 වැනිදා කරන්නාගොඩදී උපත ලැබීය. ඔහුගේ පියා සිරිසේන ප්‍රේමලාල් පිටපත් රචකයෙකු වන අතර 1952 වසරේ සේවය කළ ගෝවින්න ජේෂ්ඨ විද්‍යාලයේ ගුරුවරයෙකි. මව දයා වීරක්කොඩි ද ගෝවින්න ප්‍රාථමික විද්‍යාලයේ සේවය කළ ගුරුවරියකි.[6] ඔහු මුලින්ම ගෝවින්න ප්‍රාථමික විද්‍යාලයටත් පසුව හොරණ ශ්‍රිපාලි විද්‍යාලයටත් අධ්‍යාපනය ලැබුවා. අනතුරුව 8 ශ්‍රේණියේ සිට අධ්‍යාපනය සඳහා ගියේ හොරණ විද්‍යාරතන විද්‍යාලයටය.[7] ඔහුට හමුදා නිලධාරියෙක් වන එක් සහෝදරයෙක් සිටී.

ප්‍රේමලාල් වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාණිජ පීඨයට තේරී පත් විය. ඔහු දේපල පරිපාලනය සහ තක්සේරු විද්‍යාවෙන් උපාධිය සම්පූර්ණ කළේය. 1982 දී ඔහු වරිපනම් සහ බදු දෙපාර්තමේන්තුවේ තක්සේරු නිලධාරියෙකු ලෙස පත් කරන ලදී. 1984 දී ඔහු හොරණ විද්‍යාරතන විද්‍යාලයේ ආර්ථික විද්‍යා ගුරුවරයකු ලෙස සම්බන්ධ විය. ඔහු 2014 දී විශ්‍රාම යන තෙක් වසර තිහක් එම වෘත්තියේ නිරත විය.[6]

ඔහු විවාහ වී සිටින්නේ ඔහුගේ දිගුකාලීන සහකරු ඥානෝත්‍රා සමඟයි. මෙම යුවළට සසිකලා නම් එක් දියණියක් සහ ගයන්ජිත් නම් පුතෙක් සිටී. ගයන්ජිත් මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ උපාධිධාරියෙකි.[7] සසිකලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා උපාධිධාරිනියකි.[6]

වෘත්තීය ජීවිතය සංස්කරණය

වයස අවුරුදු 18 දී පාසලේ සිටියදී ප්‍රේමලාල් නාට්‍ය ජීවිතය ආරම්භ කළේ ආරියපාල පතිරාජ නිෂ්පාදනය කළ ‘‘කතාවක් අතර හදක්’’ වේදිකා නාට්‍යයේ රඟපාමිනි.[8] 1976 දී සමස්ත ලංකා නාට්‍ය තරගයෙන් ද එම නාට්‍යයට ප්‍රථම ස්ථානය හිමි විය. ඔහුගේ රූපවාහිනී නාට්‍ය ජීවිතය ආරම්භ වූයේ "හත්පාන" කතාමාලාවේ සුළු චරිතයකින් පසුව "සිව් මංසල" සමඟිනි.[7] රූපවාහිනියේ ඔහුගේ ප්‍රථම ප්‍රධාන චරිතය පැමිණියේ 1993 වසරේ "සඳගිරි පව්ව" කතා මාලාව හරහාය. ඔහුගේ මංගල සිනමා රංගනය 1993 දී විජය දර්ම ශ්‍රී විසින් අධ්‍යක්ෂණය කරන ලද ගුරු ගෙදර චිත්‍රපටය හරහා සුළු නොසැලකිලිමත් භූමිකාවක් සමඟින් පැමිණියේය.[9]

තෝරාගත් වේදිකා නාට්‍ය සංස්කරණය

  • කතාවක් අතර හදක්
  • අඹු සැමියෝ
  • මහගිරි දඹය[8]
  • නුබ විතරක් තල එලලුයි[8]

රංගනයෙන් ඔබ්බට සංස්කරණය

1984 දී ඔහු සිය ප්‍රථම වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය කළ "අබුද්දස්ස කෝලම" යොවුන් නාට්‍ය උළෙලේදී සම්මාන රැසක් දිනා ගත්තේය.[10] 1984 වසරේ ජාතික තරුණ සේවා සභාව මගින් පවත්වන ලද සමස්ත ලංකා නාට්‍ය තරගයෙන් ‘‘අබුද්දස්ස කෝලම’’ සම්මාන හතක් දිනාගත්තා.[8] ඉන්පසුව 1988 දී “රාජ කපුරු” සහ 2000 වසරේ “රජගහේ නාඩගම” වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය කළේය.[11] රාජ කපුරු ජපානයේද වේදිකාගත විය.[8] ඒ වගේම 1988 දී ‘‘රාජ කපුරු’’ සමස්ත ලංකා නාට්‍ය තරගයෙන් සම්මාන තුනක් දිනාගත්තා.[12] 2004 දී ඔහු සක්වල කැළඹිලා නාට්‍යය අධ්‍යක්ෂණය කළේය.[7]

චිත්‍රපටකරණය සංස්කරණය

වසර චිත්‍රපටය භූමිකාව Ref.
1993 ගුරු ගෙදර අවමංගල්‍ය සහ මංගල උත්සවයට සහභාගි වන්නා
1999 බහු භාර්යා [13]
2000 ඉන්ද්‍රකීලය
2002 සලෙලු වරම සුරේන්ගේ අයියා [14]
2010 සුවඳ දැනුනා ජීවිතේ රවීගේ පියා
2012 වස්සානයේ සෙනෙහස සමරසේකර [15]
2017 ආලෝකෝ උදපාදි ප්‍රාදේශීය සිංහල රජතුමා [16]
2017 කාල හීන් කුරුට්ටාගේ අයියා [17]
2018 නිදහසේ පියා ඩී.එස් ඊ. ඩබ්ලිව් පෙරේරා [18]
2020 සුපර්ණා මාස්ටර් [19]
TBD තානාපතිලගේ ගෙදර [20]
TBD නිම් හිම් [21]

සම්මාන සංස්කරණය

ඔහු "ස්වයංජාත" රූපවාහිනී කතාමාලාවේ චරිතය වෙනුවෙන් හොඳම නළුවා සම්මානය දිනා ගත්තේය. 2006 දී, ඔහු රයිගම් ටෙලීස් සහ සුමති සම්මාන හිදී කටු ඉඹුල චරිතය වෙනුවෙන් හොඳම නළුවා සම්මාන දෙකක් දිනා ගත්තේය. ඉන්පසුව 2008 වසරේ සිග්නීස් සම්මාන උලෙළේදී සහ රයිගම් ටෙලීස් හිදී කළුවර ගෙදර චිත්‍රපටයේ හොඳම නළුවාට හිමි සම්මානය හිමිවිය.[22]

රයිගම් ටෙලීස් සංස්කරණය

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
201 ස්වයංජාත හොඳම ටෙලිනාට්‍ය නළුවා දිනාගති
2006 කටු ඉඹුල හොඳම ටෙලිනාට්‍ය නළුවා දිනාගති
2008 කරුවල ගෙදර හොඳම ටෙලිනාට්‍ය නළුවා[23] දිනාගති

සුමති සම්මාන සංස්කරණය

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2006 කටු ඉඹුල හොඳම ටෙලිනාට්‍ය නළුවා දිනාගති
2015 ගිරිකුල හොඳම ටෙලිනාට්‍ය නළුවා[24] දිනාගති

සිග්නීස් සම්මාන සංස්කරණය

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2008 කරුවල ගෙදර හොඳම නළුවා දිනාගති

රාජ්‍ය නාට්‍ය උළෙල සංස්කරණය

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2012 ස්වයංජාත හොඳම නළුවා දිනාගති

References සංස්කරණය

  1. "Wijeya shines at J'pura awards". Daily Mirror. සම්ප්‍රවේශය September 20, 2019.
  2. "National Freedom Front Appoints Electorate Organisers". Business Today. සම්ප්‍රවේශය September 20, 2019.
  3. "Janak Premalal films". IMDb. සම්ප්‍රවේශය September 20, 2019.
  4. "Janak Premalal – ජනක් ප්‍රේමලාල් films". Rate Your Music. සම්ප්‍රවේශය September 20, 2019.
  5. "Conversation with Janak Premalal". Sarasaviya. සම්ප්‍රවේශය September 20, 2019.
  6. 6.0 6.1 6.2 "Chat with Janak". Hiru FM. සම්ප්‍රවේශය September 20, 2019.
  7. 7.0 7.1 7.2 7.3 "Jubilant Janak". Daily Mirror. සම්ප්‍රවේශය September 20, 2019.
  8. 8.0 8.1 8.2 8.3 8.4 "Scriptwriter and actor – Father and son turn entertainers". Daily News. සම්ප්‍රවේශය September 20, 2019.
  9. "Janak Premalal – ජනක් ප්‍රේමලාල් filmography". Sinhala Cinema Database. සම්ප්‍රවේශය September 20, 2019.
  10. "Abuddassa Kolama". rangahala. සම්ප්‍රවේශය September 20, 2019.
  11. "Raja Kapuru". rangahala. සම්ප්‍රවේශය September 20, 2019.
  12. "Raja Kapura stage drama". Ridma. සම්ප්‍රවේශය September 20, 2019.
  13. ""Bahu Bhariya" cleared for adults". Sunday Times. සම්ප්‍රවේශය 30 November 2019.
  14. "Vasantha spins Web of Love". Daily News. සම්ප්‍රවේශය March 11, 2017.
  15. "Sri Lankan Screened Films". Sarasaviya. සම්ප්‍රවේශය March 11, 2017.
  16. "World premiere for 'Aloka Udapadi' at IFFI | The Sunday Times Sri Lanka". sundaytimes.lk.
  17. "Kaala". National Film Corporation of Sri Lanka. සම්ප්‍රවේශය March 3, 2017.
  18. "Father of the Nation, DS Senanayake's Legacy To Silver Screen". asianmirror. සම්ප්‍රවේශය April 3, 2018.
  19. "The girl from Bhima – plot of Suparna". Sarasaviya. සම්ප්‍රවේශය June 29, 2019.
  20. "Plot of Thanapathilage Gedara". Sarasaviya. සම්ප්‍රවේශය 29 October 2019.
  21. "The oscillation between love and hate – plot of Nim Him". Sarasaviya. සම්ප්‍රවේශය 31 October 2019.
  22. "Raigam rewards teledrama talents". Sunday Times. සම්ප්‍රවේශය September 20, 2019.
  23. "After curtains fell on Raigam Tele Awards 2008..." Daily News. සම්ප්‍රවේශය September 20, 2019.
  24. "Sumathi Awards 2015". Daily News. සම්ප්‍රවේශය September 20, 2019.

External links සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ජනක්_ප්‍රේමලාල්&oldid=592011" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි