ජගත් චමිල ප්‍රනාන්දු (උපත 1972 ජුනි 6) යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි.[1] ඔහු 1992 දී තිරගත වූ ගුරු ගෙදර චිත්‍රපටයේ ළමා චරිතයක් නිරූපණය කරමින් සිනමාවට පිවිසි චමිල, ඉන්පසු එල්මෝ ජයවර්ධනගේ "සෑම්ස් ස්ටෝරි" (2001) නවකතාව පදනම් කරගත් චිත්‍රපටයක් වන "සැමීගේ කතාව" චිත්‍රපටයේ සැමීගේ චරිතය නිරූපණය කිරීම නිසා 2013 දී නිව් යෝර්ක් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේය.[2] විචාරකයින් විසින් ශ්‍රී ලාංකේය වේදිකාවේ ආධිපත්‍යය දැරූ නළුවන් පස් දෙනාගෙන් කෙනෙකු ලෙස ඔහු සැලකේ.[3]

ජගත් චමිල
Jagath Chamila
උපත
ජගත් චමිල ප්‍රනාන්දු

ජුනි 6, 1972 (1972-06-06) (වයස 51)
ජාතිකත්වයශ්‍රී ලාංකික
අධ්‍යාපනයමොරටුව වේල්ස් කුමර විද්‍යාලය
රැකියාවනළුවා, නාට්‍යකරු
සක්‍රීය වසර1992–වර්තමාන
කලත්‍රයා(යන්)පියුමි උත්පලා ධර්මශ්‍රී
දරුවන්2
දෙමව්පියන්
  • ටිනිල් ප්‍රනාන්දු (පියා)
  • වීනාල් බියිට්‍රිස් (මව)
සම්මාන
  • 2013 නිව්යෝර්ක් අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම නළුවා
    2021 බොඩෙන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ හොඳම නළුවා සම්මානය

පෞද්ගලික ජීවිතය සංස්කරණය

චමිල උපත ලැබුවේ 1972 ජුනි 6 වැනිදාය. ඔහුගේ පියා ටිනිල් ප්‍රනාන්දු පාසලේ විදුහල්පතිවරයකු වූ අතර මව වීනාල් බියට්‍රිස් ගෘහණියකි. ඔහු මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහුට අජිත් ටිනිල් සහ ප්‍රසාද් සමන් යන සොහොයුරන් දෙදෙනකුද, නිරෝෂා ශ්‍යාමලී සහෝදරියක්ද සිටිති. චමිල විවාහ වී සිටින්නේ පියුමි උත්පලා ධර්මශ්‍රී සමඟ වන අතර ඔවුන්ට පන්සිළු පවන් නම් එක් පුතෙකු සහ වෙනුරි කිනාරා නම් දියණියක සිටී.[4] පියුමි චිත්‍රපට නිෂ්පාදක විජය ධර්මශ්‍රීගේ දියණියයි.[5]

වෘත්තීය ජීවිතය සංස්කරණය

චමිලගේ රංගන ජීවිතය ආරම්භ වූයේ වේල්ස් කුමර විද්‍යාලයෙහි ශිෂ්‍යයෙකුව සිටියදී පාසැලේදී වේදිකා නාට්‍ය වලිනි. 1986 වසරේ සමනල කන්ද පාසල් නාට්‍යයට සම්බන්ධ වීමෙන් පසු 1990 සිට 1992 දක්වා අන්තර් පාසල් නාට්‍ය තරගයේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට හැකි වූ ඔහු 1992 වසරේ විජය ධර්මශ්‍රී විසින් අධ්‍යක්ෂණය කල ගුරුගෙදර චිත්‍රපටයෙන් ප්‍රථම සිනමා රංගනයට පිවිසියේය.[6] 2005 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේදී සුනිල් චන්ද්‍රසිරිගේ ‘‘දොන් ජුවාන්’’ නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් ඔහු හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේය.[7] 2013 දී, නිව් යෝර්ක් සිටි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ඔහු සෑම්ගේ කතාව චිත්‍රපටයෙහි ප්‍රධාන චරිතය සඳහා හොඳම නළුවා සම්මානය දිනා ගත්තේය.[8]

රූපවාහිනී කතා මාලා සංස්කරණය

  • අපි අපේ
  • අපි අපි වගේ I සහ II[9]
  • අස්වැන්න[10]
  • අවුල් හරය[11]
  • බස් එකේ ඉස්කෝලේ
  • ගිරිකුල[12]
  • ගොවි තාත්තා [13]
  • හේලංකඩ
  • ජයතුරු සංකය[14]
  • ජීවිතය ලස්සනයි[15]
  • ජෝඩු ගෙදර
  • කොට උඩ මන්දිර
  • මහ පොළව [16]
  • මාමා හා මා
  • මම නෙමෙයි මම [17]
  • මානික්කාවත [18]
  • මිරිඟු සයුර[19]
  • නැගෙනහිර වෙරළින් ඇසේන[20]
  • නෝ පාකින්[21]
  • පාරාදීසය [22]
  • පවනි[23]
  • රෝද හතරෙ මනමාලයා [24]
  • රුවන් මාලිගා[25]
  • සකුරා මල්[26]
  • සමනලකන්ද[27]
  • සඳගිර [28]
  • සඳ පිනිබිදක
  • සිහින ගෙනෙන කුමාරියේ
  • සුදුයි උසයි
  • තරු කුමාරි[29]
  • තෙත් සහ වියලි [30]
  • උඩු සුළඟ
  • වෙරෝනා[31]
  • විසුවියස් කඳු පාමුල’’
  • යස ඉසුරු [32]

චිත්‍රපටකරණය සංස්කරණය

වසර චිත්‍රපටය භූමිකාව සටහන්
1992 ගුරුගෙදර
1995 මාරුතය
2000 මේ මගේ සඳයි අනාගත සොල්දාදුවා
2002 තනි තටුවෙන් පියාඹන්න පාපන්දු ක්‍රීඩකයා
2005 අසනි වර්ෂා ප්‍රදීප් ගොඩකුඹුර
2005 සුළඟ ත්‍රිරෝද රථ රියදුරු
2007 උප්පලවන්නා රත්නපාල
2008 හතර දෙනම සූරයෝ ප්‍රතිනිර්මාණය ඩගී
2011 ගාමනි සුනිමල්
2012 ප්‍රතිරූ සුරේෂ්
2013 සැමීගේ කතාව සෑම්
  • හොඳම නළුවා - නිව් යෝර්ක් ජාත්‍යන්තර සිනමා උළෙල (2013)
  • නිර්මාණාත්මක කාර්ය සාධනය (පිරිමි) රන් සම්මානය - සිග්නීස් සම්මාන උළෙල [33]
2015 හෝ ගානා පොකුණ මධුවන්ත කටහඬ විතරයි
2017 හිම තාරකා
TBD හිතුමතේ ජීවිතේ විමලේ [34]
TBD වීර්යා [35]
TBD පාස්පෝට් [36]
TBD කදිර දිව්‍යරාජ [37]
TBD ශ්‍රී සිද්ධා [38]
TBD තට්‍ටු දෙකේ ඉස්කෝලේ [39]

සම්මාන සංස්කරණය

  • 1988, 1989, 1990 අන්තර් පාසල් නාට්‍ය තරගයේ හොඳම නළුවා සම්මානය
  • 2005 රාජ්‍ය නාට්‍ය හොඳම නළුවා සම්මානය - දොන් ජුවාන්
  • 2005 හොඳම සහය නළුවා ජනාධිපති සම්මානය - අසනි වර්ෂා [40]
  • 2005 හොඳම සහය නළුවා රයිගම් ටෙලි සම්මානය - රෝද හතරේ මනමාලයා
  • 2005 හොඳම සහය නළුවා සිග්නීස් ටෙලිසිනමා සම්මානය - රෝද හතරේ මනමාලයා
  • 2005 සරසවිය විශේෂ ජූරි සම්මානය - අසනි වර්ෂා
  • 2011 සුමති හොඳම ටෙලිනාට්‍ය නළුවා සම්මානය - ස්වයංජාත
  • 2012 නිව් යෝර්ක් සිටි ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම නළුවා - සැමීගේ කතාව
  • 2021 බෝඩන් ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම නළුවා - ගොවි තාත්තා

References සංස්කරණය

  1. "Jagath Chamila". National Film Corporation Of Sri Lanka. සම්ප්‍රවේශය 25 January 2017.
  2. Pethiyagoda, Nanda (22 March 2014). "Samige Kathawa". The Island. Sri Lanka. 2 February 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 January 2017.
    - Jayawardena, Elmo (10 July 2013). "Was Jagath Chamila that good?". Daily News. Sri Lanka. සම්ප්‍රවේශය 25 January 2017.
  3. "Five Actors who have dominated the Sri Lankan Stage". Munchee Daily. 31 January 2020 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 September 2016.
  4. "Best Actor Jagath Chamila teaches invaluable lesson". The Nation. සම්ප්‍රවේශය 11 March 2017.
  5. "Jagath Chamila with Waasi Godai". Sarasaviya. සම්ප්‍රවේශය 5 September 2019.
  6. Wimalasinghe, Vasantha (20 May 2013). "Jagath in jubilant form". The Daily Mirror. Sri Lanka. 28 December 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 January 2017.
  7. Fernando, Susitha R (10 April 2005). "Jagath Chamila has made a name". The Sunday Times. Sri Lanka. සම්ප්‍රවේශය 25 January 2017.
  8. Uvais, Ramesh (21 June 2013). "Jagath Chamila wins best actor award in New York". Daily News. Sri Lanka. සම්ප්‍රවේශය 25 January 2017.
    - "Sri Lankan President congratulates award winning actor Jagath Chamila". Colombo Page. 25 June 2013. 2 February 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 January 2017.
  9. "A dramatic conflict of family, friends and lovers". Sunday Times. Sri Lanka. සම්ප්‍රවේශය 25 July 2019.
  10. "Story of Bunjappu". Sarasaviya. සම්ප්‍රවේශය 7 June 2018.
  11. "'Avul Haraya' highlights cultural ethos". Sunday Times. Sri Lanka. සම්ප්‍රවේශය 2 September 2019.
  12. "Girikula now in editing process". The Daily Mirror. Sri Lanka. සම්ප්‍රවේශය 30 July 2019.
  13. "Govi Thaththa". Govi Thaththa. සම්ප්‍රවේශය 13 July 2020.
  14. "'Jayathuru Sankaya': Miniplay for a worthy cause". Sunday Times. Sri Lanka. සම්ප්‍රවේශය 29 September 2019.
  15. "'Jeewithaya Lassanai' scores triple century". Sunday Times. Sri Lanka. සම්ප්‍රවේශය 2 September 2019.
  16. "Art does not need interference - Award winning actor Jagath Chamila". Silumina. සම්ප්‍රවේශය 13 June 2021. {{cite web}}: |archive-date= requires |archive-url= (help)
  17. "'Mama Nowei Mama': An unusual film". Sunday Times. Sri Lanka. සම්ප්‍රවේශය 17 July 2019.
  18. ""Manikkawatha": The television is ready for a turning point in the art of teledrama - ITN News රස බර". ITN News. 2021-12-10. සම්ප්‍රවේශය 2021-12-16.
  19. "Miringu Sayura". Lankaflix. සම්ප්‍රවේශය 20 November 2019.
  20. "The East is Calling". Sunday Times. Sri Lanka. සම්ප්‍රවේශය 17 July 2019.
  21. "Story of Lives that stopped in the wrong places". Sarasaviya. සම්ප්‍රවේශය 8 August 2018.
  22. "Depicts social differences". Sunday Times. සම්ප්‍රවේශය 11 September 2019.
  23. "'Pawani': Fight against the power of politics". Sunday Times. Sri Lanka. සම්ප්‍රවේශය 30 July 2019.
  24. "'Roda Hatara Manamalaya' has out-of-ordinary plot". Sunday Times. Sri Lanka. සම්ප්‍රවේශය 29 November 2019.
  25. "Ruwan Maliga coming 26th on Sirasa TV". Sarasaviya. 31 May 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 November 2017.
  26. "'Sakura Mal' blooms on small screen". Sunday Times. Sri Lanka. සම්ප්‍රවේශය 15 August 2019.
  27. "ITN fetes award winning actor Jagath Chamila". ITN News. Sri Lanka. 1 December 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 November 2017.
  28. "'Sandagira' portrays changing phase of society". Sunday Times. Sri Lanka. සම්ප්‍රවේශය 15 August 2019.
  29. "'Tharu Kumari' on Rupavahin". Daily News. සම්ප්‍රවේශය 25 July 2019.
  30. "'Wet and Dry': An emotional tale". Sunday Times. Sri Lanka. සම්ප්‍රවේශය 4 December 2019.
  31. "Sriyani starts "Verona"". Sarasaviya. සම්ප්‍රවේශය 15 August 2019.
  32. "'Yasa Isuru' tackles avarice of man". Sunday Times. Sri Lanka. සම්ප්‍රවේශය 16 December 2019.
  33. "SIGNIS Salutes". Sunday Times. Sri Lanka. 13 December 2015. සම්ප්‍රවේශය 25 January 2017.
  34. "The supreme brotherly love of society". Sarasaviya. සම්ප්‍රවේශය 11 July 2019.
  35. "Weerya shooting ends". Daily Mirror. Sri Lanka. සම්ප්‍රවේශය 25 July 2019 – via Press Reader.
  36. "Passport' flies to India and Europe". Daily News. සම්ප්‍රවේශය 25 July 2019.
  37. "Kadira Divyaraja who appears all deities". Dinamina. සම්ප්‍රවේශය 25 July 2019.
  38. "Great Vijayaba Tale - Guerrilla martial arts coming soon". Sarasaviya. සම්ප්‍රවේශය 31 May 2020.
  39. ""Thattu Deke Iskole" to Australia and New Zealand". Sarasaviya. සම්ප්‍රවේශය 18 July 2021.
  40. "President honours Lankan Cinema". Sunday Times. Sri Lanka. සම්ප්‍රවේශය 10 December 2019.

External links සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ජගත්_චමිල&oldid=596635" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි