චක්‍රේශ්වරී ශිව දේවාලය

ශිව දෙවියන්ට කැපකළ භුබනේස්වර්හි හින්දු දේවාලය

චක්‍රේස්වර ශිව දේවාලය යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ ඔරිස්සාවේ භුබනේස්වර්හි රාජාරාණි ජනපදයේ හාටියාසුනි මාවතේ පිහිටි ජීවමාන හින්දු දේවාලයකි. ක්‍රි.ව. 10-11 සියවසේ නිර්මාණය වූ මෙය ශිව දෙවියන් උදසා කැපකොට ඇත.[1][2] මෙහි ගර්භගෘහයේ වන්දනාවට ලක්වන ශිව ලිංගය වෘත්තාකාර යෝනිපීඨයක් මත ඇත. නැගෙනහිර සහ උතුරු දිශාවලින් දේවාලය වටා නිවාස ගොඩනැගිලි පිහිටි අතර, බටහිරින් චක්‍රේස්වර ජලාශය දැකගත හැක. මෙම දේවාලයට වැදගත් ස්ථානයක් හිමිව ඇත්තේ ශිවරාත්‍රී, දිවාලි, සහ සංක්‍රාන්ති වැනි උත්සව මෙහි සැමරෙන නිසායි. එසේම මෙම දේවාලය නූල් උත්සවය, රුද්‍රාභිෂේක, චන්ද්‍රාභිෂේක වැනි උත්සව සඳහා ද යොදා ගැනේ.[3]

චක්‍රේස්වර ශිව දේවාලය
චක්‍රේශ්වරී ශිව දේවාලය is located in ඔඩිස්සා
චක්‍රේශ්වරී ශිව දේවාලය
ඔරිස්සා තුළ පිහිටීම
මූලික තොරතුරු
පිහිටීමභුබනේස්වර්
භූගෝලීය ඛණ්ඩාංක20°14′27″N 85°50′12″E / 20.24083°N 85.83667°E / 20.24083; 85.83667ඛණ්ඩාංක: 20°14′27″N 85°50′12″E / 20.24083°N 85.83667°E / 20.24083; 85.83667
අනුබැඳියාවහින්දු ආගම
දේවතාවාශිව
ජනපදයඔරිස්සා
රටඉන්දියාව
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයකාලිංග ශෛලිය (කාලිංග ගෘහනිර්මාණ ශිල්පය)
සම්පූර්ණ කෙරුණේක්‍රි.ව.10-11වන සියවස

ගෘහනිර්මාණ ලක්ෂණ සංස්කරණය

මෙම දේවාලය පිහිටියේ පහත් වේදිකාව්ක මත ය. සැලැස්ම අනුව, මෙම දේවාලයේ විමානා ලක්ෂණ ඇති අතර, නවිකරණය කළ ඉදිරි ද්වාර මණ්ඩපයක් ද ඇත. විමාන (පූජාශ්‍රමය) පංචරථ සැලැස්මෙන් යුක්ත ය. උච්චත්වය අනුව රේඛා සම්ප්‍රදායයෙන් යුත් විමාන පභාගයේ සිට කලස තෙක් විහිදේ. පහළ සිට ඉහළට දේවාලයේ බාදා, ගන්දි සහ මස්තක යන අංග දැකගත හැක. බාදාවේ කොටස් තුනක් ඇති බැවින් මෙය ත්‍රියංග බාදාවකි. පහළ පභාග කොටසේ බොරදම් සතරක් ඇති අතර ඒවා ඛුර, කුම්භ, පට සහ බසන්ත පරිදි වේ.

විශේෂ ලක්ෂණ සංස්කරණය

ලලාටබිම්බ කොටසෙහි සාමාන්‍යයෙන් දක්නට ලැබෙන ගජලක්ෂ්මී රුව වෙනුවට මෙහි ඇත්තේ අත් සතරක් සහිත ගනේෂ රුවකි. මෙය භුබනේස්වර්හි අනෙක් දේවාලවල දක්නට නොලැබෙන්නකි. තවත් එවන් ලක්ෂණයක් කලාරහංග නම් කොටසේ දක්නට ලැබෙන අතර එහි ලලාටබිම්බ කොටසේ ගනේෂ සහ සරස්වතී යන රූ දෙකම දැකගත හැක. දේවාලය ඉදිරිපස, පාර්වතී සහ කාර්තිකේය රූ දැකගත හැකි අතර, දේවාලයේ දකුණු පැත්තේ ආම්ලක පාෂාණයක් ද ඇත.

මෝස්තර අංග සංස්කරණය

උළුවහු කණු ලියවැල් සහිත සිරස් තීරු තුනකින් විසිතුරු කොට ඇත. මෙම ලියවැල් මෝස්තර අතර පිටත සිට ඇතුළට පුෂ්ප සාඛ, නර සාඛ සහ පත්‍ර සාඛ යන සැරසිලි දැකගත හැක. ලලාටබිම්බයෙහි වූ අවකාශයෙහි සිය වාහනය වන මීයා මත හිඳගත් ගනේෂ රුවක් ඇත. දොරබාවේ පාදමේ, දෙපස ද්වාරපාල රූ දැකගත හැක. මෙම ද්වාරපාල රූ දකුණතින් ත්‍රිශූලයක් සහ වමතින් වරද මුද්‍රාව දරාසිටින ශෛවීය දොරටුපාල රූ වේ. උළවහු කණුවලට ඉහළින් වූ ස්තරය නවග්‍රහයන් සහිතව අලංකාරව කැටයම් කොට ඇත. මෙහි දෑතේ නෙළුම් මල් දරා සිටින සූර්ය, අඩ සඳක් දරා සිටින රාහු සහ සර්ප වලිගයක් සහිත කේතු රුවක් දැකගත හැක.

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. http://ignca.nic.in/asi_reports/orkhurda039.pdf
  2. Lesser Known Monuments of Bhubaneswar by Dr. Sadasiba Pradhan, date of documentation 19.09.2006, ISBN 81-7375-164-1
  3. Dr.Sadasiba Pradhan [1]