ගුරුකුල විද්‍යාලය

ගුරුකුල විද්‍යාලය වර්ෂය  1948 දී පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනෙන් ආරම්භ විය. ඒ ගිහි පැවිදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහතර දෙනෙකුගෙන් ආරම්භ  කළ සුප්‍රකට අධ්‍යාපන පීඨයක් වශයෙනි.

ගුරුකුල විද්‍යාලය
Location
Map

ඛණ්ඩාංක6°57′31″N 79°53′39″E / 6.95861°N 79.89417°E / 6.95861; 79.89417ඛණ්ඩාංක: 6°57′31″N 79°53′39″E / 6.95861°N 79.89417°E / 6.95861; 79.89417
තොරතුරු
ආදර්ශ පාඨය පඤ්ඤා උදපාදී
ආරම්භ කලේ1948
පාසල් අංකය01300
විදුහල්පතිආචාර්ය කුසල ප්‍රනාන්දු
වර්ණ(ය)නිල් සහ කහ         
අනුබැඳියබෞද්ධ
වෙබ් අඩවියhttps://www.gurukulacollege.lk/

මුලින්ම ඉංග්‍රීසි පාසලක් ලෙස ගුරුකුලය ආරම්භ වූවත් පසුව ජාතික සංස්කෘතිය අනුව හා සිංහල භාෂාව පෝෂණය කිරීමයි විදුහලේ ඉලක්කය වූයේ. එදා මෙදා තුළ ගුරුකුලයෙන් ශිල්ප ලබා ජාතික හා ජාත්‍යන්තර  තලයට නැගී බුද්ධිමතුන්, උගතුන් ,දේශපාලනඥයන්, කලාකරුවන් සිටින බව ආඩම්බරයෙන් පැවසිය හැක.

වර්තමානය වනවිට ජාතික පාසලක් වන ගුරුකුලය ප්‍රාථමික හා ද්වීතීක යන අංශ දෙකෙන්ම අධ්‍යාපන කටයුතු පැවැත්වේ.

  • විද්‍යාලීය ආදර්ශ පාඨය :

පඤ්ඤා උදපාදී

  • දර්ශනය :

2025 දී ශ්‍රි ලංකාවේ විශිෂ්ටතම මිශ්‍ර පාසල බවට පත් වීම.

  • මෙහෙවර :

සිසුන්ගේ දැනුම කුසලතා ආකල්ප සංවර්ධනය තුළින් විශිෂ්ටත්වය ලඟාකර ගැනීම් සඳහා පහසුකම් සැලසීම


ඉතිහාසය සංස්කරණය

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනින් වර්ෂ 1948 ගුරුකුල විද්‍යාලය ආරම්භ විය ඒ මහාචාර්ය යක්කඩුවේ ශ්‍රී පඤ්ඤාරාම හිමියන් ඊට පුරෝගාමි විය.

ඉංග්‍රීසී පාසලක් ලෙස ආරම්භ වූ ගුරුකුලය මූල අවධියේ සිටම දේශීය සංස්කෘතියට හා සිංහල සාහිත්‍යයට මූලිකත්වය ගෙන කරයුතු කලේය.

විද්‍යාලය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වූයේ " අධිරාජ්‍යවාදී ආකල්පවලට වහල් නොවී බෞද්ධ  සාරධර්ම හා ආචාර ධර්ම ප්‍රවර්ධනය කරන විද්වත් පරපුරක් බිහි කිරීමයි "

ගුරුකුලය වර්ෂ 1961 දී රජයේ පාසලක් බවට පත් වූ අතර 1954 අගෝස්තු 27 වන දින විද්‍යාලංකාර සභාවේ කළමණාකාරීත්වයෙන් පාසල නිදහස් කර රාජ්‍ය අනුග්‍රහය ඇතිව ජේෂ්ඨ දිවීතීයික පාසලක් ලෙස ස්ථාපිත කරන ලදී.

පසුව 1960 නොවැම්බර් 15 දින පාසල රජයේ පාසලක් ලෙස ප්‍රකාශ කරන ලදී. ඉන් පසු 1964 මැයි මස 04 වන දින පාසල කෑළණිය් ස්ටේෂන් පාරේ පිහිටි පත්තායම් වත්තේ ( වර්තමාන ස්ථානය ) වෙත ගෙන යන ලදී.

පසුව විද්‍යාලය වර්ෂ 1996 ජූලි 26 වැනිදා ජාතික පාසලක් ලෙස නම් කරනු ලැබීය. එදා සිට මේ දක්වා විද්‍යාලීය අභිමානවත් ගමන්මගෙහි කීර්තිමත් විද්වතුන් , කලාකරුවන් , ලේඛකයින් , වෛද්‍යවරුන්, විධායක නිළධාරීන් , ක්‍රිකට් ක්‍රීඩකයින් , දේශපාලඥයන් වැනි විශිෂ්ට පුද්ගලයන් රැසක් ගුරුකුල මෑණියන් තුලින් බිහි විය.

ක්‍රීඩා හා සමිති සංස්කරණය

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාසලක් වන  ගුරුකුලය තුල සිසු දරුවන්ට තම දක්ෂතා ඔප් නංවාගැනීමට පාසල තුල

•  ක්‍රිකට්

•  පිහිනුම්

•  වොලිබෝල්

•  කරාතේ

•  බැඩ්මින්ටන්

•  වූෂූ

•  චෙස්

•  නෙට්බෝල්

•  පරිසරභට

•  කැඩෙක්ට්

වැනි ක්‍රීඩා සහ තවත් බොහෝ ක්‍රීඩා වර්තමාන තුල පාසල තුල පැවැත්වේ.


පාසල් ශිෂ්‍යන්ට තම පෞරුෂය ගොඩනගා ගැනීමට විද්‍යාලය විසින් විවිධ සමිතීන් ක්‍රියාත්මක වේ.

• බෞද්ධ සමිතිය

• සිංහල සාහිත්‍ය සමිතිය

• ඉංග්‍රීසී සාහිත්‍ය සමිතිය

• ශිෂ්‍යභට බලකාය

• බාලදක්ෂ සංගමය

• නර්තන කවය

• සංගීත කවය

• කථික සංගමය

• ළමා මිතුරු සංගමය

• ජීව විද්‍යා සංගමය

• සාන්ත ජෝන් ගිලන් ඒකකය

• මාධ්‍ය ඒකකය

• නව නිපැයුම් සංගමය

විද්‍යාලීය නිවාස සංස්කරණය

• මයුරපාද ( රතු වර්ණය )     

• විජයබා ( කොළ වර්ණය )     

• සුනේත්‍රා දේවී ( කහ වර්ණය )     

• ප්‍රතිරාජ ( නිල් වර්ණය )     

නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවය සදහා සිසුන් මෙම නිවාස නියෝජන කරමින් ක්‍රීඩා සදහා ඉදිරිපත් වේ, සෑම වසරකම මුල් වාරයේදි පැවැත්වේ.

විද්‍යාලීය විදුහල්පතිවරුන් සංස්කරණය

1. බර්ටි ප්‍රනාන්දු මහතා  ( 1948 - 1949 )

2. ටි.ජී පියදාස මහතා ( 1949 - 1959 )

3. අමරදාස වීරසිංහ මහතා ( 1960 - 1962 )

4. එස්.එන්.ඩී.ජේ.පී මායාදුන්න මහතා ( 1963 - 1964 )

5. එච් ධර්මවර්ධන මහතා ( 1964 - 1965 )

6. ඩබ්. ජේ මැන්දිස් මහතා ( 1965 - 1966 )

7. ඊ.එම්.බී ද සේරම් මහතා ( 1966 - 1969 )

8. උඩුවාවල චන්දානන්ද ස්ථවිර ( 1970 - 1977 )

9. ඩී.ඒ රාමනායක මහතා ( 1978 - 1989 )

10. එච්. ඤාණතිලක මහතා ( 1990 - 1991 )

11. ආර්.පී.එම්.එම් රාජපක්ෂ මහතා (1991 - 2004 )

12. විමල් ගුණරත්න මහතා ( 2004 - 2007 )

13. අනිල් ගීතලාල් අබේගුණවර්ධන මහතා ( 2007 - 2021 )

14. ආචාර්ය කුසල ප්‍රනාන්දු මහතා ( 2021 සිට මේ දක්වා )

වර්තමාන විදුහල්පතිවරයාගේ පණිවිඩය සංස්කරණය

 
Principle Of Gurukula College


ප්‍රෞඩ අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන කැළණිය ගුරුකුල විදුහල් මාතාව ඇයගේ 75 වන ජන්ම දිනය සමරන මේ මොහොතේ එහි විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කිරීමට ලැබීම මා ලද භාග්‍යයක් කොට සලකමි.

ඉතිහාසය තුළ අපගේ මාතෘ භූමියට ඉමහත් ගෞරවයක් ලබා දුන් විශිෂ්ටයින් රැසක් බිහිකළ උදාර පාසලක් ලෙස කැලණිය ගුරුකුල විද්‍යාලය හැඳින්විය හැකිය. 2025 දී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මිශ්‍ර පාසල වීමේ ද  දැක්ම පෙරදැරි කොටගෙන වර්තමානයේදී විද්‍යාලයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය විද්‍යාලීය පාසල් සංවර්ධන සමිතිය හා ආදී ශිෂ්‍ය සංගම් සහ එක්ව කටයුතු කරනු ලැබේ.


විදුහල්පති

ආචාර්ය කුසල ප්‍රනාන්දු

පාසල් ගීතය සංස්කරණය

ගුරුකුල විදුහල් මාතා සැරදේ

බැති නී ගයමු ඔබේ ගුණ නිබදේ //

විකසිත පියුමාකරයක බිඟු කෑළ

වැනි පිබිදී එන ඔබේ සිසු දරු කැළ

ඇකයට ගෙන විදු රැස් දහරාවෙන්

සරසා රට දැය නගන වඩනු මැන


ගුරුකුල විදුහල්............


කීර්ති යශෝ ගුණ රාශිනිකේතන

විදුහල් මාතා වන අභිනන්දන

අප හදවත රජ දහන පුබුදුවා

යහ මග පෙර මග පෙන්වා දෙනු මැන


ගුරුකුල විදුහල්............


ධීර වීර හෙළ ගුණ මිණි බරණින්

අප ජීවනයේ මංපෙත පහදා

ගුරුකුල රන්දද කොඩි නංවන්නට

අපට සවිය බල වර දෙනු මැනවි


ගුරුකුල විදුහල්............


පද රචනය : වැලමිටියාවේ ධම්මරක්ඛිත නාහිමි

තනු නිර්මාණය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

විද්‍යාලීය බාහිර සබැඳි සංස්කරණය

https://gurukulatalents.blogspot.com/

"https://si.wikipedia.org/w/index.php?title=ගුරුකුල_විද්‍යාලය&oldid=623401" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි