ගාමිණී ලොකුගේ
ගාමිණී කුලවංශ ලොකුගේ (උපත 1943 මැයි 8 පිළියන්දල ) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක් සහ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකි. [1]
Gamini Lokuge | |
---|---|
ගාමිණී ලොකුගේ காமினி லோகுகே | |
Minister of Energy | |
In office 3 March 2022 – 18 April 2022 | |
ජනාධිපතිවරයා | Gotabaya Rajapaksa |
අග්‍රාමාත්‍යවරයා | Mahinda Rajapaksa |
පූර්වප්‍රාප්තිකයා | Dullas Alahapperuma |
අනුප්‍රාප්තිකයා | Kanchana Wijesekera[N 1] |
Minister of Labour & Productivity Improvement | |
In office 23 April 2010 – 12 January 2015 | |
ජනාධිපතිවරයා | Mahinda Rajapaksa |
අග්‍රාමාත්‍යවරයා | D. M. Jayaratne |
පූර්වප්‍රාප්තිකයා | Athauda Seneviratne |
Minister for Sports and Public Recreation | |
In office 28 January 2007 – 23 April 2010 | |
ජනාධිපතිවරයා | Mahinda Rajapaksa |
අග්‍රාමාත්‍යවරයා | Ratnasiri Wickremanayake |
පූර්වප්‍රාප්තිකයා | Jeewan Kumaranatunga |
අනුප්‍රාප්තිකයා | C. B. Rathnayake |
Minister of Tourism | |
In office 2001 – 8 April 2004 | |
ජනාධිපතිවරයා | Chandrika Kumaratunga |
අග්‍රාමාත්‍යවරයා | Ranil Wickremesinghe |
පාර්ලිමේන්තු මන්ත්‍රී Colombo සඳහා | |
In office 1983 | |
Personal details | |
උපත | මැයි 8, 1943 |
ජාතිකත්වය | Sri Lankan |
දේශපාලන පක්ෂය | United People's Freedom Alliance (2007 – present) |
වෙනත් දේශපාලන සම්බන්ධකම් | United National Front (2000 – 2007) |
Alma mater | Piliyandala Central College |
රැකියාව | Politician |
වෘත්තිය | Businessman |
වෙබ් අඩවිය | http://www.manthri.lk/en/politicians/gamini-lokuge |
ළමා අවධිය
සංස්කරණයලොකුගේ 1943 මැයි 8 වැනිදා පිළියන්දලදී මධ්‍යම පාන්තික දෙමාපියන්ට දාව උපත ලැබීය. ප්‍රාථමික අධ්‍යාපනය පිළියන්දල දී ලැබූ ඔහු උසස් අධ්‍යාපනය හැදෑරුවේ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයෙනි .
දේශපාලන ජීවිතය
සංස්කරණයලොකුගේ දේශපාලනයට පිවිසියේ 1960 දී එක්සත් ජාතික පක්ෂයේ (එජාප) සාමාජිකයෙකු ලෙසය. ඔහුගේ ප්‍රථම ජාතික ව්‍යාපාරය වූයේ 1983 දී ඔහු කැස්බෑව මැතිවරණ දිස්ත්‍රික්කය නියෝජනය කිරීම සඳහා පැහැදිලි වැඩි ඡන්දයෙන් තේරී පත්වීමයි.
ඔහු 1989 සහ 2002 එක්සත් ජාතික පක්ෂ රජයන්හි සංචාරක අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. 2006 දී ඔහු රනිල් වික්‍රමසිංහ සමඟ පෞද්ගලික ප්‍රශ්න ඇතිකරගෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට එක්විය.
2007 ජනවාරි මාසයේදී ලොකුගේ ක්‍රීඩා හා පොදු විනෝදාස්වාද අමාත්‍යාංශයට පත් කරන ලදී. ඔහු 2010 සහ 2015 දී නැවත තේරී පත් විය.
2019 නොවැම්බර් 27 වන දින ඔහු නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී. [2]
2020 අගෝස්තු 12 වන දින ඔහු ප්‍රවාහන කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී [3]
ලොකුගේ 2020 පෙබරවාරි මාසයේදී ව්‍යවස්ථාදායක ස්ථාවර කමිටුවට පත් කරන ලදී [4]
සටහන්
සංස්කරණය- ^ "Hon. Gamini Lokuge, M.P." Directory of Members. Parliament of Sri Lanka. සම්ප්‍රවේශය 30 July 2020.
- ^ "New State and Deputy Ministers sworn in". ColomboPage. 27 November 2019. 28 January 2020 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 July 2020.
- ^ "New Cabinet sworn in". Daily News (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2021-01-03.
- ^ "Legislative Standing Committee members nominated". The Daily News. 6 February 2020. සම්ප්‍රවේශය 30 July 2020.
යොමු කිරීම්
සංස්කරණය
උපුටාදැක්වීම් දෝෂය: "N" නම් කණ්ඩායම සඳහා <ref>
ටැග පැවතුණත්, ඊට අදාළ <references group="N"/>
ටැග සොයාගත නොහැකි විය.