ගාන්ධාර්පාලේ ලෙන්
මහාරාෂ්ට්‍රයේ පුරාතන බෞද්ධ ලෙන්
ගාන්ධාර්පාලේ ලෙන්, හෙවත් මහාඩ් ලෙන් හෝ පාණ්ඩව ලේණි, යනුවෙන් හැඳින්වෙන්නේ මුම්බායි සිට 105 km පමණ දකුණින් මුම්බායි-ගෝව අධිවේගී මාර්ගයේ මහාඩ් අසල පිහිටි ලෙන් 30කින් යුත් බෞද්ධ ලෙන් විහාර සංකීර්ණයකි.[1]
ගාන්ධාර්පාලේ ලෙන් | |
---|---|
ඛණ්ඩාංක | 18°05′12″N 73°24′15″E / 18.086802°N 73.404100°Eඛණ්ඩාංක: 18°05′12″N 73°24′15″E / 18.086802°N 73.404100°E |
පරිපාලන සංවිධානය | ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණායතනය |
මෙහි වූ වැදගත් ලෙන් කිහිපයක් පහත පරිදි වේ:[1]
- ලෙන් 1: මෙහි ඉදිරිපස බරාඳය අඩි 53ක් දිගැති අතර අඩි 8ක් පළල් ය. මෙහි බුද්ධ ප්‍රතිමාවක් සමඟ ධර්මචක්‍රයක් සහ මුවකුගේ රුවක් දැකගත හැක.
- ලෙන් 8: උසැති දාගැබක් ඇත.
- ලෙන් 15: දාගැබක් සහිත ය.
- ලෙන් 21: හිඳි බුද්ධ ප්‍රතිමාවක් සහ පරිවාර රූ සහිත ය.
මෙහි වූ අභිලේඛන අනුව, වානිජකරුවන් සහ ගොවියන් විසින් සංඝයාට සිදුකළ දානයන් පිළිබඳ සඳහන් වේ.[1]
-
සාමාන්‍ය දර්ශනය
-
ලෙන්
-
ලෙන් පිවිසුම
-
අභ්‍යන්තරය
-
දානමය අභිලේඛනයක්
ආශ්‍රේයයන්
සංස්කරණය- ^ a b c Ahir, D. C. (2003). Buddhist sites and shrines in India : history, art, and architecture (1. ed.). Delhi: Sri Satguru Publ. p. 198. ISBN 8170307740.