හැඳින්වීම සංස්කරණය

පැතුරුම්පත් සඳහා වන මෘදුකාංගවල මෙන්ම දත්ත ගොනු සඳහා වන මෘදුකාංගවලත් පරිගණක භාෂාවලත් බොහෝ ගණිතමය ගණනය කිරීම් සඳහා ගණිතමය ශ්‍රිත සපයා ඇත. පහත දැක්වෙන්නේ වර්ගීනරණයන් යටතේ ඒවායින් කිහිපයකි.

එකම ශ්‍රිතය එක් එක් මෘදුකාංගවලදී වෙනස් ව ඉදිරිපත් වනු ද දක්නට ලැබෙයි. උදාහරණ වශයෙන් යම් සංඛ්‍යා පරාසයක සාමාන්‍යය සෙවීම සඳහා Lotus 1-2-3 වල AVG වශයෙන් ද MicroSoft Excel වල Average වශයෙන් ද යෙදීම දැක්විය හැකිය.


ගණිතමය ශ්‍රිත වර්ගීකරණය සංස්කරණය

ගණිතමය සුළු කිරීම් සඳහා සංස්කරණය

යම්කිසි අගයයන් පරාසයක ඇති අගයයන් සමූහයක එකතුව සෙවීම සඳහා Sum යන ශ්‍රිතය ද සාමාන්‍යය සෙවීම සඳහා යන Average ශ්‍රිතය ද ගුණිතය සෙවීම සඳහා Product යන ශ්‍රිතය ද වර්ගයන්ගේ එකතුව සඳහා SumSQ යන ශ්‍රිතය ද දක්නට ඇත.

එසේම යම් අගයක වර්ග මූලය සෙවීම සඳහා Sqrt යන ශ්‍රිතය ද යම් අගයකින් බෙදූ විට ලබ්ධිය හෙවත් උත්තරය හා ශේෂය සෙවීම සඳහා පිළිවෙලින් Quotient හා Mod යන ශ්‍රිත ද දී ඇත.

එසේම යම් පරාස දෙකක හෝ වැඩි ගණනක ඇති අගය සමූහයන් සඳහා ද ශ්‍රිත ගණනාවක් දක්නට ලැබේ. මෙවන් අගය සමූහයන් කිහිපයක ගුණිතයන්ගේ එකතුව සඳහා SumProduct යන ශ්‍රිතය ද, අගය සමූහයන් දෙකක වර්ගයන්ගේ එකතුවේ එකතූව සඳහා SumX2PY2 යන ශ්‍රිතය ද අගය සමූහයන් දෙකක වර්ගයන්ගේ වෙනසේ එකතූව සඳහා SumX2mY2 යන ශ්‍රිතය ද වෙනසේ වර්ගයන්ගේ එකතුව සඳහා SumXMY2 යන ශ්‍රිතය ද දක්නට ලැබේ.

මෙහිදී සඳහන් කළ යුතු වැදගත් දෙයක් නම් පැතුරුම් පතක දී පරාසයක් සඳහන් කරන අන්දමයි.Lotus 1-2-3 වලදී එකකට පසු එකක් වන තිති දෙකක් මේ සඳහා යොදන අතර MicroSoft Excel හා OpenOffice.org Calc වල දී ඒ සඳහා දෙතිත (Colon) යොදන බව සැලකිය යුතුය.

Lotus 1-2-3 වල දී A1 සිට A10 දක්වා වන පරාසයේ එකතුව සෙවීම සඳහා : = Sum(A1..A10)

MicroSoft Excel හෝ OpenOffice.org Calc වල දී A1 සිට A10 දක්වා වන පරාසයේ එකතුව සෙවීම සඳහා : = Sum(A1:A10)


වැටයීම සඳහා සංස්කරණය

දශම කොටසක් සහිත අගයක් වැටයීම සඳහා Round, RoundUp හා RoundDown යන ශ්‍රිත ද දශම කොටසක් සහිත අගයකට ඉහළින් හා පහළින් ඇති ඉතා කිට්ටු පූර්ණ සංඛ්‍යා ලබා ගැනීම සඳහා Int, Trunc, Ceiling හා Floor යන ශ්‍රිත ද බොහෝ මෘදුකාංග වල දක්නට ඇත.


දර්ශක හා ලඝු ගණක සඳහා සංස්කරණය

යම් අගයයක් තවත් අගයයක් බලයට නැංවීම සඳහා Power යන ශ්‍රිතය ද යම් අගයයක ඝාතීය අගය ලබා ගැනීම සඳහ EXP යන ශ්‍රිතය ද ඇත.

එසේම ඝාතීය පාදයේ ලඝු ගණක සෙවීම සඳහා LN යන ශ්‍රිතය ද දහයේ පාදයේ ලඝු ගණක සෙවීම සඳහා Log10 යන ශ්‍රිතය ද ඕනෑම පාදයක ලඝු ගණක සෙවීම සඳහා Log යන ශ්‍රිතය ද ඇත.

යම් අගයක ලක්ෂණ මත රඳා පවතින ශ්‍රිත සංස්කරණය

යම් අගයයක ලකුණ සෙවීම සඳහා Sign යන ශ්‍රිතය ද එම අගය ඔත්තේ හෝ ඉරත්තේ යන බව සෙවීම අඳහා පිළිවෙලින් Odd හා Even යන ශ්‍රිත ද යම් අගයයක් රෝමන් ක්‍රමයට හැරවීම සඳහා Roman යන ශ්‍රිතය ද දක්නට ඇත.


න්‍යාස සඳහා සංස්කරණය

යම්කිසි න්‍යාසයක අනුපූරකය සෙවීම සඳහා MInverse යන ශ්‍රිතය ද නිශ්චායකය (Determinant) සෙවීම සඳහා MDeterm යන ශ්‍රිතය ද න්‍යාස දෙකක් ගුණ හෙවත් න්‍යාස ගුණනය කිරීම සඳහා MMult යන ශ්‍රිතය ද දී ඇත. මෙහි විශේෂත්වය වනුයේ සමගාමී සමීකරණ දෙකක හෝ කිහිපයක මූල සෙවීම මෙම ශ්‍රිත භාවිතයෙන් කළ හැකි වීමයි.

"https://si.wikipedia.org/w/index.php?title=ගණිතමය_ශ්‍රිත&oldid=87539" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි