Round, RoundUp හා RoundDown

(RoundUp වෙතින් යළි-යොමු කරන ලදි)

ගණිතමය ශ්‍රිතවලට අයත් වන Round, RoundUp හා RoundDown යන ශ්‍රිත තේරුම් ගැනීම සඳහා 72815.3915 යන අගය සලකා බලමු.

RoundDown සංස්කරණය

RoundDown යන ශ්‍රිතයෙන් දී ඇති දශමස්ථාන ගණනට සමාන ප්‍රමාණයක් ඉතිරි වන සේ ඉතිරි කොටස ඉවත් කිරීමක් සිදු වේ.එනම් RoundDown යන ශ්‍රිතයෙන් කෙරෙන්නේ බිම් අගය (Floor Value) ගැනීමයි. ඒ සඳහා උදාහරණ කිහිපයක් පහත දැක්වේ.

=RoundDown(72815.3915,1) = 72815.3 - එක් දශමස්ථානයක් සඳහා =RoundDown(72815.3915,2) = 72815.39 - දශමස්ථාන දෙකක් සඳහා =RoundDown(72815.3915,0) = 72815 - පහළ පූර්ණ සංඛ්‍යාව සඳහා =RoundDown(72815.3915,-1) = 72810 - පහළ 10හි ගුණාකාරය සඳහා =RoundDown(72815.3915,-2) = 72800 - පහළ 100හි ගුණාකාරය සඳහා


RoundUp සංස්කරණය

RoundUp යන ශ්‍රිතයෙන් දී ඇති දශමස්ථාන ගණනට අවශ්‍ය ප්‍රමාණය එකතු කර ඉහළ අගයයට යාමක් සිදු වේ.එනම් RoundUp යන ශ්‍රිතයෙන් කෙරෙන්නේ පියසි අගය (Ceiling Value) ගැනීමයි. ඒ සඳහා උදාහරණ කිහිපයක් පහත දැක්වේ.

=RoundUp(72815.3915,1) = 72815.4 - එක් දශමස්ථානයක් සඳහා =RoundUp(72815.3915,2) = 72815.4 - දශමස්ථාන දෙකක් සඳහා =RoundUp(72815.3915,0) = 72816 - පහළ පූර්ණ සංඛ්‍යාව සඳහා =RoundUp(72815.3915,-1) = 72820 - පහළ 10හි ගුණාකාරය සඳහා =RoundUp(72815.3915,-2) = 72900 - පහළ 100හි ගුණාකාරය සඳහා


Round සංස්කරණය

Roundp යන ශ්‍රිතයෙන් දී ඇතිසංඛ්‍යාව වඩා කිට්ටු වන්නේ බිම් අගය (Floor Value) ට ද, පියසි අගය (Ceiling Value) ට දැයි බලා වඩා කිට්ටු අගයට ලබා දෙයි. එනම් මෙහිදී එක්කෝ RoundDown යන ශ්‍රිතයෙන් ලැබෙන ප්‍රතිඵලය ද එසේත් නැත්නම් RoundUp යන ශ්‍රිතයෙන් ලැබෙන ප්‍රතිඵලය ලැබේ.එනම් මෙහිදී සිදුවන්නේ අදාල දශමස්ථාන ගණනට වැටයීමයි.

=Round(72815.3915,1) = 72815.4 - එක් දශමස්ථානයක් සඳහා =Round(72815.3915,2) = 72815.39 - දශමස්ථාන දෙකක් සඳහා =Round(72815.3915,0) = 72815 - පහළ පූර්ණ සංඛ්‍යාව සඳහා =Round(72815.3915,-1) = 72820 - පහළ 10හි ගුණාකාරය සඳහා =RoundUp(72815.3915,-2) = 72900 - පහළ 100හි ගුණාකාරය සඳහා

"https://si.wikipedia.org/w/index.php?title=Round,_RoundUp_හා_RoundDown&oldid=89717" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි