කෝතොකු-ඉන්

ජපානයේ කනගාවා ප්‍රාන්තයේ කමාකුරා හි පිහිටි ගොඩනැගිල්ල

කෝතොකු-ඉන් (高徳院) යනුවෙන් හැඳින්නේනේ ජපානයේ කනගාවා ප්‍රාන්තයේ කාමකුරා නගරයේ පිහිටි ජෝදො-ෂූ නිකායයට අයත් බෞද්ධ විහාරස්ථානයකි.

අමිද බුද්ධ ප්‍රතිමාව, කෝතොකු-ඉන්
ප්‍රතිමාවේ සමීප දසුනක්.
කාමකුරා දයිබුත්සු ප්‍රතිමාවේ සමීප දසුනක්.

මෙම විහාරය ප්‍රකට වී ඇත්තේ එහි පිහිටි "මහා බුද්ධ ප්‍රතිමාව" (大仏; දායිබුත්සු) හේතුවෙනි. අමිද බුදුන් වහන්සේ නිරූපිත මෙම එළිමහන් ලෝකඩ ප්‍රතිමාව ජපානයේ වඩාත් සුප්‍රකට සංකේත අතුරින් එකක් ලෙස ද සැලකේ.

මහා බුද්ධ ප්‍රතිමාව

සංස්කරණය
 
1930 දශකයේ සංචාරක පෝස්ටරයක්

කාමකුරාහි මහා බුද්ධ ප්‍රතිමාව ජපානයේ කනගාවා ප්‍රාන්තයේ කාමකුරා නගරයේ කෝතොකු-ඉන් විහාරයේ පිහිටි එළිමහන් ලෝකඩ බුද්ධ ප්‍රතිමාවකි. මෙම බුද්ධ ප්‍රතිමාව මගින් අමිතාභය බුදුන් වහන්සේ නිරූපණය වේ. විහාරයේ වාර්තා අනුව ලෝකඩ බුද්ධ ප්‍රතිමාව ක්‍රි.ව. 1252 කාමකුරා යුගයට අයත් යැයි සැලකේ. මෙම ලෝකඩ ප්‍රතිමාව ඉදි කිරීමට ප්‍රථම එතැන දැවැන්ත දැවමය බුද්ධ ප්‍රතිමාවක් පැවතී ඇත. එම දැමය ප්‍රතිමාව 1243දී නිමකෙරුණේ වසර දහයක අඛණ්ඩ කම්කරු දායකත්වය යටතේ ය. ඒ සඳහා අනුග්‍රහය සපයන ලද්දේ ඉනාඩා ආර්යාව (ඉනාඩා-නෝ-ට්සුබොනේ) සහ ටෝටෝමිහි ජෝකෝ නම් බෞද්ධ භික්ෂුව විසිනි. 1248 කුණාටුවක් හේතුවෙන් එම දැව බුද්ධ ප්‍රතිමාවට හානි සිදු විය. ප්‍රතිමාව වැඩ හිඳි ශාලාව ද විනාශ විය. මේ නිසා ජෝකෝ විසින් ලෝකඩයෙන් තවත් බුද්ධ ප්‍රතිමාවක් තැනීමට යෝජනා කරන ලදී. මේ සඳහා අතිවිශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වූ අතර, ව්‍යාපෘතිය වෙනුවෙන් නව ශාලාවක් ද ඉදිකෙරිණි.[1] මෙම ලෝකඩ ප්‍රතිමාව එකල ප්‍රමුඛ පෙ‍ළේ ලෝකඩ නිර්මාණකරුවන් වූ[2] ඕනො ගොරෝඉමොන්[3] හෝ ටන්ජි හිසටොමෝ[4] විසින් නිර්මාණය කරන්නට ඇතැයි සිතිය හැක. එක්තරා කාලයක දී ප්‍රතිමාවේ රන් ආලේපිත කොට තිබිණි. ප්‍රතිමාවේ දෙකන් අසල තවමත් රන් පත්‍රවල සලකුණු දැකගත හැක.[5]

1334 කුණාටුවක් හේතුවෙන් ශාලාව විනාශ විය. එය නැවත ඉදිකළ ද, 1369දී කුණාටුවක් හේතුවෙන් යළි එය විනාශ විය. අනතුරුව එය නැවත ඉදිකෙරිණි.[1] මෙම ප්‍රතිමාව වටා අවසන් වරට ඉදිකොට තිබූ ගොඩනැගිල්ල මුරොමචි යුගයේ 1498 සැප්තැම්බර් 20 දින ඇතිවූ සුනාමිය හේතුවෙන් විනාශයට පත් විය.[6] එතැන් සිට මහා බුද්ධ ප්‍රතිමාව විවෘත එළිමහනේ වැඩහිඳියි.[6]

පාදම ද ඇතුළුව මෙම ප්‍රතිමාව ආසන්න වශයෙන් මීටර 13.35 (අඩි 43.8) පමණ උසින් යුක්ත ය.[7] ප්‍රතිමාවේ බර ටොන් 93ක් පමණ වේ. ප්‍රතිමාව කුහරමය ආකාරයෙන් තනා ඇති අතර, නරඹන්නන් හට ප්‍රතිමාවේ ඇතුළත දසුන ද නැරඹිය හැක. වසර ගණනාවක් පුරා පැමිණි සංචාරකයින් විසින් ප්‍රතිමාවේ ඇතුළත කුරුටු ලේඛන සටහන් කොට ඇත.[8] එක්තරා කාලයක දී, ප්‍රතිමාවේ පාදමේ ලෝකඩ නෙළුම් පෙති තිස් දෙකක් විය. නමුත් වර්තමානය වන විට ශේෂව ඇත්තේ ඉන් සතරක් පමණක් වන අතර, සෙසු කොටස් දක්නට නැත.[9] භූමිය වෙත පිවිසෙන ස්ථානයෙහි අන්තර්ගත දැන්වීමෙහි මෙසේ සඳහන්ව ඇත: "ආගන්තුකය, නුඹගේ ශිල්පය කුමක් වුවත්, කුමන ඇදහිල්ලකට අයත් වුවත්, මෙම අභයභූමියට පිවිසෙන නුඹ යුග ගණනාවක් පුරා වන්දනාමානයට පාත්‍ර වූ භූමියක පය තබන බව අමතක නොකරන්න. මෙය බුදුන්ගේ විහාරයක් වන අතර, සදාතනිකත්වයේ ද්වාරය ද වේ. මේ නිසා ඇතුළු විය යුත්තේ ඉමහත් ගෞරවයෙන් යුතුව ය."[10]

1923 මහා කැන්ටෝ භූමිකම්පාව හේතුවෙන් ප්‍රතිමාව වැඩහිඳින පාදමට හානි සිදු විය. නමුත් 1925දී පාදම ප්‍රතිසංස්කරණය කෙරිණි.[1] භූමිකම්පාවලින් ප්‍රතිමාවට සිදුවිය හැකි හානි වළක්වා ගැනීම සඳහා 1960-61 අතර කාලයේ ප්‍රතිමායේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවූ අතර, ගෙළ ප්‍රදේශය ශක්තිමත් කිරීම ද සිදු විය.[1]

2016 මුල් කාලයේ, ප්‍රතිමාව පිළිබඳ වැඩිදුර පර්යේෂණ, ප්‍රතිසංස්කරණ සහ සංරක්ෂණ වැඩ කටයුතු ක්‍රියාත්මක විය.[11]

  • බර: ටොන් 121 (රාත්තල් 267,000)[12]
  • උස: මීටර 13.35 (අඩි 43.8)
  • මුහුණේ දිග: මීටර 2.35 (අඩි 7 අඟල් 9)
  • ඇසෙහි දිග: මීටර 1.0 (අඩි 3 අඟල් 3)
  • මුඛයේ දිග: මීටර 0.82 (අඩි 2 අඟල් 8)
  • කනෙහි දිග: මීටර 1.90 (අඩි 6 අඟල් 3)
  • එක් දණක සිට අනෙක් දණට දිග: මීටර 9.10 (අඩි 29.9)
  • මහපටැඟිල්ලෙහි පරිධිය: මීටර 0.85 (අඩි 2 අඟල් 9)

රඩ්යාර්ඩ් කිප්ලිංගේ කාව්‍යය

සංස්කරණය

රඩ්යාර්ඩ් කිප්ලිංගේ කිම් (1901) නවකථාවේ පූර්විකාවේ ආරම්භක පරිච්ඡේදයන්හි "කාමකුරා බුද්ධ ප්‍රතිමාව" පිළිබඳ පැදි කිහිපයක් ඇතුළත් ය. මෙම පැදි උපුටාගන්නා ලද්දේ 1892දී කතුවරයා විසින් කාමකුරා නැරඹීමෙන් පසු එම නාමයෙන්ම රචිත පැදි පෙළකිනි.[13] මෙම කවිය 1903 "The Five Nations" තුළ සම්පූර්ණයෙන්ම ඇතුළත් කොට ඇත.[13]

ගැලරිය

සංස්කරණය

මේවාත් බලන්න

සංස්කරණය

ආශ්‍රේයයන්

සංස්කරණය
  1. ^ a b c d Takao Sato (ed.). Daibutsu: The Great Buddha of Kamakura. Hobundo. p. 7.
  2. ^ The New Official Guide, Japan Japan Travel Bureau (1975) p.404
  3. ^ Frédéric, Louis. Japan Encyclopedia Harvard University Press (2005). p.755
  4. ^ Kate Tsubata (May 25, 2008). "The Great Buddha at Kamakura". The Washington Times. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help) Retrieved 2011-09-20.
  5. ^ "Kotoku-in (The Great Buddha)". Kamakura Today. 2002. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help) Accessed 2011-09-20.
  6. ^ a b Tsuji, Yoshinobu (1983). "Study on the Earthquake and the Tsunami of September 20, 1498". In Iida, Kumiji; Iwasaki, Toshio (eds.). Tsunamis: Their Science and Engineering, Proceedings of the International Tsunami Symposium, 1981. Tokyo: Terra Scientific Publishing (Terrapub). pp. 185–204. ISBN 90-277-1611-0.
  7. ^ "An Overview of the Great Buddha" Kotoku-in Official Website. Accessed 2011-09-20.
  8. ^ Takao Sato (ed.). Daibutsu: The Great Buddha of Kamakura. Hobundo. p. 14.
  9. ^ Takao Sato (ed.). Daibutsu: The Great Buddha of Kamakura. Hobundo. p. 16.
  10. ^ Takao Sato (ed.). Daibutsu: The Great Buddha of Kamakura. Hobundo. p. 18.
  11. ^ Waku Miller (March 11, 2016). "A Clean Bill of Health for Kamakura's Great Buddha". Nippon.com. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help) Retrieved 2016-11-10.
  12. ^ Information about Daibutsu onsite, http://no.spam.ee/~tonu/gallery/index.php/Japan-2012/Kamakura-february-2012/Kamakura-Daibutsu-21-February-2012/P2191231, ප්‍රතිෂ්ඨාපනය 2017-11-12 
  13. ^ a b Rudyard Kipling, "The Buddha at Kamakura". Retrieved 2011-09-20.

බාහිර සබැඳි

සංස්කරණය

සැකිල්ල:Daibutsu

සැකිල්ල:Buddhist temples in Japan ඛණ්ඩාංක: 35°19′01″N 139°32′09″E / 35.31684°N 139.53573°E / 35.31684; 139.53573

"https://si.wikipedia.org/w/index.php?title=කෝතොකු-ඉන්&oldid=591850" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි