කෙන්ගල්ල අම්බලම
කෙන්ගල්ල අම්බලම ශ්‍රී ලංකාවේ දැකගත හැකි ඉපැරණි අම්බලම් අතුරින් එකකි. එය මහනුවර පල්ලෙකැලේ හරහා දිගන වෙත ගමන් කිරීමේදී හමුවන කෙන්ගල්ල කුඩා නගරයේ බස් නැවතුම්පල අසල පිහිටා තිබෙයි.
ඉදිකිරීම
සංස්කරණය1739 සිය 1815 දක්වා මහනුවර රාජධානිය පාලනය කල නායක්කාර රාජ වංශිකයන්ට සම්බන්ධ, ඉන්දීය, තමිල්නාඩුවේ තන්ජූර් හී සිට පැමිණි දමිල වගාකරුවෙකු විසින් 1907 වර්ෂයේදී මෙම අම්බලම ඉදිකරනු ලැබූ බව සඳහන් වෙයි.[1]
අකෘතිය
සංස්කරණයගල් බිමක් සහ ගල් කුළුණු ආධාරයෙන් ඉදිකොට ඇති මෙම අම්බලමේ වහලය උළු සෙවිලි කොට තනා තිබෙයි. අම්බලම කාමර දෙකකින් සමන්විත වන අතර, එක් කාමරයක් පුරුෂ පාර්ශවය උදෙසාත්, අනෙක් කාමරය කාන්තා පාර්ශවය උදෙසාත් ඉදිකොට තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. නමුත් එම කාමර ද්විත්වය උසස් පැළැන්තියේ අය සහ පහත් කුලයන්ගේ පිරිස වෙත වෙන් කර තබන ලද්දක් බව තවත් මතයකින් ප්‍රකාශ කෙරේ.