කුර්සුස් ඔනෝරුම් (ලතින්: "නිල අනුක්‍රමය") රෝමානු ජනරජයෙහි සහ මුල්-කාලීන රෝමානු අධිරාජ්‍යයෙහි නැගී ආ දේශපාලනඥයන් විසින් දැරූ රජයේ නිලතල පිළිබඳ අන්‍රප්‍රාප්තික පිළිවෙල විය. එය සැලසුම් කර තිබුණේ සෙනෙට් මන්ත්‍රීමය තරාතිරම දැරූ පිරිමින් සඳහාය. කුර්සුස් ඔනෝරුම් සමන්විත වී තිබුණේ හමුදාමය සහ දේශපාලනමය පරිපාලන තනතුරු මිශුණයක් වෙතිනි. සෑම නිලයක් සඳහාම තෝරා පත් කර ගැනීම සඳහා අවම වයසක් කිබුණි. අනුක්‍රමික නිලයන් දැරීම අතර ගත විය යුතු අවම කාල පරාසයන්ද යම් නිලයක් කිහිපවිටක් දැරීම තහනම් කෙරුණු නීතිද තිබුණි.[උපහරණ ඇවැසිය]

"https://si.wikipedia.org/w/index.php?title=කුර්සුස්_ඔනෝරුම්&oldid=325496" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි