කික් බොක්සිං

අත්වැසුම් පැළඳ සිටින තරඟකරුවන්ට හිස් පාදවලින් පහර දීමට සහ පයින් ගැසීමට හැකි පූර්ණ-සම්බන්ධතා සට

මෙය මාර්ෂල් ආර්ට් ආකාරයේ පා පහරවල් හා බටහිර බොක්සිං ආකාරයේ අත් පහරවල් යොදා ගෙන සම්මත බොක්සිං ක්‍රීඩාවට සමාන ආකාරයකින් ප්‍රතිවාදීන් පරදන ක්‍රීඩාවකි. සම්මත ක්‍රීඩාවක් වන මෙය එක් ක්‍රීඩකයකු හෝ බිම පතිත වූ විට තව දුරටත් ක්‍රීඩා කිරීමට ඉඩ ලබා නො‍දේ.

කික් බොක්සිං
එල්ලයපහරදීම
සම්භවය ඇතිවූ රට ජපානය
නිර්මාතෘඔසාමු නොගුචි
තත්සුඕ යමාඩා[තහවුරු කර නොමැත]
පිතෘත්වයබොක්සිං මෙන්ම, මුවායි තායි, කියෝකුෂින් සහ බුරුම බොක්සිං ඇතුළු විවිධ ආසියානු සටන් කලාවන් වෙතින් ව්‍යුත්පන්න කරගත් පහරදීම්.
පසිඳු නියුක්තකයන්Legend : ටොෂියෝ ෆුජිවාරා (ජපානය), ෆ්‍රෙඩ් රොයර්ස් (නවසී), රොබ් කාමන් (නවසී), පීට් කනිංහැම් (කැන), පිටර් එයර්ට්ස් (නවසී), අර්නස්ටෝ හූස්ට් (නවසී), රෙමී බොන්ජස්කි (නවසී), රාමොන් ඩෙකර්ස් (නවසී)

කික් බොක්සිං සාමාන්‍යයෙන් සාමාන්‍ය ‍ශාරීරික යෝග්‍යතාව සඳහා හෝ පූර්ණ ‍ස්පර්ශ ක්‍රීඩාවක් ලෙස පුරුදු වේ. පූර්ණ ස්පර්ශ ක්‍රීඩාවක් ලෙස භාවිතයේ දී පිරිමි තරඟකරුවන් කික් බොක්සිං කලිසමකින් මුව ආවරණයක් අත් වෙළුම් 10oz බොක්සිං අත් වැසුම්, ඉකිලි ආවරණයක් , පපු ආවරණ, කික් සපත්තු ඇතුළත් ආරක්ෂාකාරී අංගවලින් ද අතිරේක ආරක්ෂාකාරී හෙල්මටයකින් ද (සාමාන්‍යයෙන් 18ට අඩු ක්‍රීඩකයන් සඳහා) සැරසී සිටී. ගැහැණු තරඟකරුවන්, පිරිමි තරඟකරුවන්ගේ ඇඟලුම් හා ආරක්ෂාකාරී අංගවලට අමතරව ආරක්ෂාකාරී උඩු කය ආවරණයකින් යුක්ත වේ.

කික් බොක්සිං සාමාන්‍යයෙන් තායි බොක්සිං ලෙස හඳුන්වන මාව් තායි මඟින් ව්‍යාකූල වේ. ක්‍රීඩා දෙක සමාන වන නමුත් තායි බොක්සිං හිදී බඳ පටියට පහළින් වූ පා පහරවල්වලට ඉඩ ලබා දෙන අතර දණහිස හා වැලමිටිවලින් කෙරෙන පහර දීමවලට ද ඉඩ ලබා දේ.

කික් බොක්සිං ලෙස හඳුන්වන බොහෝ ක්‍රම ශිල්ප ඇත. ඒවාට ජපාන, ඇමරිකානු, ඉන්දියානු, බුරුම කික් බොක්සිං ඇතුළත් වන අතර ප්‍රංශ සැවේට් ද ඇතුළත් වේ. වර්තමානයේ දී කික් බොක්සිං යන වදන විකෘති වී ඇති අතර බොහෝ විට ජපාන හෝ ඇමරිකානු ආකාර සමඟ යෙදේ. අනෙකුත් ආකාර බොහෝමයක් ඒවා කික් බොක්සිං ලෙස නොසලකන නමුත් මහජනයා සියලු මාර්ෂල් ආර්ට්ස් හැඳින්වීමට ‍එම වදන යොදා ගනු ලැබේ. කික් බොක්සිං යන වදන ජපාන ජාතික බොක්සිං වර්ධනය කරන්නෙකු වූ ඔසාමු ‍නොගුජි විසින් ඔහු විසින් නිර්මාණය කරන ලද මාව් තායි හා කරාතේවල වෙනස් ආකාරයක් හැඳින්වීමට 1950 දී නිර්මාණය කරන ලදී. එම වදන පසුව ඇමරිකානු ආකාරවල දී යොදා ගනු ලැබීය. එම ආකාර දෙකේ පුහුණුවන්නන් විසින් භාවිතා කරන අතර එය වෙන වෙනම එම ආකාරවලට යෙදේ.

"https://si.wikipedia.org/w/index.php?title=කික්_බොක්සිං&oldid=378400" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි