පග්ලිසම්, ඇන්ග්ලේස් බොක්සින් හා ඉංග්‍රීසි බොක්සින් වන විවිධ නම්වලින් හැඳින්වෙන මෙම ක්‍රීඩාව එකම බර සහිත ක්‍රීඩකයන් දෙදෙනෙකු අතර සිය අත්මිට භාවිතයෙන් කෙරෙන ප්‍රතිවාදී තරඟයකි. මිනිත්තු එකේ සිට තුන අතර විවේක කාලයක් ඇතුලත්ව නියමිත කාල සීමාවක් තුළ පවත්වන තරඟාවලියකි. තරඟාවලියේ වීරයා වනුයේ ප්‍රතිවාදියා බිම හෙලීමෙන්.(තරඟ විනිසුරු දහයට ගණන් කිරීමට පෙර ප්‍රතිවාදියා නැඟී සිටිය යුතුය) එය “Knockout, හෝ KO” ලෙස හඳුන්වන අතර, ප්‍රතිවාදියාට තුවාල සිදු කිරීමෙන් ද පරාජය කළ හැකිය. එය “Technical Knockout,හෝ TKO” ලෙස හඳුන්වයි. නියමිත රවුම් ගණන අවසානයේ දීත් ජයග්‍රහණය තීරණය නොවුව හොත් ජයග්‍රහණය තීරණය කිරීම තරඟ විනිසුරුවන් විසින් සිදු කරනු ලබයි. පැරණි ග්‍රීකයන් විසින් පළමු වරට හඳුන්වා දෙනු ලැබුව ද අත්මිට මොළවා පහර දීම සාමාන්‍ය ක්‍රියාවකි. නමුත් එය ක්‍රීඩාවක් ලෙස හඳුන්වා ‍දීමේ දී නීති රීති සමඟ ක්‍රීඩා වෘත්තිකයන් විසින් ක්‍රීඩා කරනු ලබයි. ක්‍රි.පූ.668 දී මුල් භාගයේ දී ඔලිම්පික් ක්‍රීඩාවක් ලෙස අවසරලත් මෙම ක්‍රීඩාව නවීන ඔලිම්පික් ක්‍රීඩාවක් ලෙස පැවතෙන්නේ බ්‍රිතාන්‍යයෙනි. එක් එක් රටෙහි ක්‍රීඩා ස්වරූපයට ආවේනිකව මෙම ක්‍රීඩාව නම් කිරීම ද සිදු කෙරේ. ඒ අනුව "English Boxing" “French boxing” ආදී විවිධාකාර නම්වලින් ලෝ පුරා මෙම ක්‍රීඩාව පැතිරී ඇත.

Boxing
Two Royal Navy men boxing for charity (1945). The modern sport was codified in England in the 19th and early 20th centuries.
මෙලෙසද හැඳින්වවෙයිWestern Boxing, Pugilism See note.[1]
එල්ලයPunching, striking
සම්භවය ඇතිවූ රටPrehistoric
පිතෘත්වයBare-knuckle boxing
ඔලිම්පික් ක්‍රීඩාව688 BC (Ancient Greece)
1904 (modern)
ගොනුව:00000000003.JPG

බොක්සිං ක්‍රීඩාවට ප්‍රබල, නැවත නැවත පහර දීම් ක්‍රම සම්බන්ධ වූ දා සිට එයින් අත්වල අස්ථිවලට සිදුවන අනතුරුවලින් වලක්වා ගැනීමට පෙර පරිස්සම විවිධ ක්‍රම, ක්‍රියාත්මක කළ යුතුය. බොහෝ බොක්සිං පුහුණු කරන්නන් බොක්සිං ක්‍රීඩකයන්ට මැනික් කටුව ආශ්‍රිත ආවරණයක් සහ බොක්සිං අත් ආවරණ අත්වල අස්ථිවල ආරක්ෂාව සඳහා පාවිච්චි කෙරේ. අත් වැසුම් අත් වල සිදු වන තුවාලවලින් ආරක්ෂා වීමට යොදා ගනී. බොක්සිං ක්‍රීඩකයන් ඒවා පැලද සිටීමෙන් ඔහුට ප්‍රබල ලෙස මිටින් පහර දීමට එමඟින් ඉඩ සැලසේ. පසුකාලීන 19 වන සියවසේ සිට තරඟවල දී අත් වැසුම් යොදා ගැනීමට උපදෙස් දෙන ලදීත නමුත් නවීන බොක්සිං ක්‍රීඩකයන් පලදින අත්වැසුම් 20 වන සියවසේ ක්‍රීඩකයන් පැලදි අත්වැසුම්වලට බරින් වැඩිය. ක්‍රීඩාව පටන්ගන්නට පෙර බොක්සිං ක්‍රීඩකයන් ක්‍රීඩාව තුළ දී බරින් වැඩි අත් වැසුම් යොදා ගැනීමට එකඟ වේ. එහිදී ඔවුන් සැහැල්ලු අත්වැසුම්වලින් දැඩි පහරදීම් මඟින් තුවාල සිදු කිරීමට ඇති හැකියාව තේරුම් ගනී. අත් වැසුම්වල වර්ග ද මෙහි දී පහර දීම්වල දී ගැටීමේ දී බලපෑම් ඇති කළ හැකිය. එම නිසා පොරයට පෙර බොහෝ විට එය ද පරීක්ෂාවලට ලක් කෙරේ.

බොක්සිං ක්‍රීඩාකයන් ඔවුන්ගේ නිපුනතාවයන් මූලික වර්ග 2කින් යුත් පහරදීම් ආවරණ යොදා ගෙන පුහුණු වීම් කරයි. කුඩා, කදුළු බිංදුවක හැඩැති (ස්පීඩ් බෑග්) ඇනීමේ දී නැවත ප්‍රතික්‍රියාවක් සහ පහරදීම් නිපුණතා සඳහා යොදා ගන්නා අතර,විශාල සිලින්ඩරාකාර හැඩැති හෙවි බෑගය වැලි හෝ රසායනික සංස්ලේෂිත ද්‍රව්‍ය පිරවූ බෑගය ප්‍රබල පහර දීම් සහ ශරීරයේ විවිධ චනයන් පුහුණු වීමට යොදා ගනී. මෙම විශේෂිත වූ උපකරණයන්ට අමතරව බොක්සිං ක්‍රීඩකයන් ශක්තිය, වේගය ගොඩනැගීම සඳහා සාමාන්‍ය පුහුණුවීම් උපකරණ යොදා ගනී. පොදු පුහුණු වීම් උපකරණයන්ට, නිදහස් බර, රොවින් උපකරණ, පැනීම සඳහා භාවිතා කරන කඹ සහ බෙහෙත් යෙදූ බෝල ඇතුළත් වේ.

හිසට පළඳින ආවරණය, අසම්පූර්ණ වූ ‍බොක්සිං ක්‍රීඩාවේ දී සහ වෘත්තිය වශයෙන් ‍බොක්සිං ක්‍රීඩාවලදී, පහරදීම්වලට සූදානම් වූ අවස්ථාවේ දී කැපීම්වලින්, සීරීම්වලින් හා ඉදිමීම්වලින් ආරක්ෂා වීමට යොදා ගනු ලැබේ. හිස ප්‍රබල ප්‍රහාරයකින් ගැටීමේ දී ඇති වන දෙ‍දරීම්වලින් ප්‍රමාණවත් ලෙස මොළය ආරක්ෂා නොකරන දා සිට එය හොඳින් හිස තදබල ගැටීමට එරෙහිව ආරක්ෂා නොකරයි. තවද බොහෝ බොක්සිං ක්‍රීඩකයන් පහර දීමේ දී ප්‍රතිමල්ලවයා‍ගේ නිකට ආශ්‍රිත ස්ථානයන් කේන්ද්‍ර කර ගනියි. බොහෝ විට නිකට ආශ්‍රිත ප්‍රදේශය ආවරණය නොකරයි. එමනිසා හිස් ආවරණ පැලඳ සිටිය ද ප්‍රබල පහර දීමක දී නිකටට පහර එල්ල කිරී‍මේ දී එමඟින් ප්‍රබල තුවාලයක් ඇති කිරීමට හැකියාව ඇත.

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ Note: The Encyclopædia Britannica Eleventh Edition notes as different pugilism and boxing. Vol. IV "Boxing" (p. 350)[1]; Vol. XXII "Pugilism" (p. 637)[2] Consulted April 17, 2017.
"https://si.wikipedia.org/w/index.php?title=බොක්සිං&oldid=457691" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි