කැබිතිගොල්ලෑව සමූලඝාතනය

කැබිතිගොල්ලෑව සමූලඝාතනය යනු 2006 වර්ෂයේදී, දෙමළ කොටි ත්‍රස්ථවාදීන් විසින් ශ්‍රී ලංකාවේ සිදු කරන ලද තවත් එක් දරුණු ගණයේ මිනිස් සංහාරයකි.

කැබිතිගොල්ලෑව සමූලඝාතනය
Kebithigollewa massacre
ස්ථානයකැබිතිගොල්ලෑව
දිනය2006 ජුනි 15 (UTC+5:30)
ප්‍රහාර මාදිලියබස් බෝම්බ ප්‍රහාර
මරණ68
තුවාලකරුවන්සිංහල ගම් වැසියන්
අපරාධකරුවෝදෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE)

සිදුවීම සංස්කරණය

2006 ජුනි 15 වන දිනදී, දෙමළ කොටි ත්‍රස්ථ සංවිධානයේ සාමාජිකයෝ පිරිසක් කැබිතිගොල්ලෑව රජයේ බස් රථයකට ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයක් එල්ල කල අතර, ප්‍රහාරයෙන් කුඩා දරුවන්ද ඇතුලත්ව බස් රථයේ ගමන් ගත් සිංහල සිවිල් වැසියා් 68 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. ප්‍රහාරයේ වගකීම භාරගැනීම, සුපුරුදු ලෙසම දෙමළ කොටි ත්‍රස්ථ සංවිධානය විසින් ප්‍රතික්ෂේප කල නමුදු, එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකා නිරික්ෂක මෙහෙයුම (Sri Lanka Monitoring Mission) කණ්ඩායම විසින්, මෙම ත්‍රස්ථ ප්‍රහාරය කොටි සංවිධානය විසින් සිදුකරන ලද්දක් බවට තහවුරු කරන ලදී.[1][2]

ප්‍රහාරය හෙලා දකිමින් එක්සත් ජනපදය විසින් මේ සම්බන්ධව ප්‍රකාශයක්ද නිකුත් කරන ලදී.[3]

මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. "Military 'killed Lanka aid staff'". BBC News. 30 August 2006. සම්ප්‍රවේශය 2006-08-30.
  2. 2007 Annual Report – Sri Lanka, http://www.amnestyusa.org/annualreport.php?id=ar&yr=2007&c=LKA, ප්‍රතිෂ්ඨාපනය 2014-03-02 
  3. "United States Condemns Terrorist Attack on Sri Lankan Bus". U.S. Department of State. 2009-02-02 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2006-06-15.

වැඩිදුර කියවීම් සංස්කරණය