ක්‍රිස්ටල් ඩි'සූසා

ඉන්දියානු නිළිය

ක්‍රිස්ටල් ඩි'සූසා යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඉන්දියානු රූපවාහිනී නිළියකි.[5] ඇය විසින් ඒක් හසාරොන් මේන් මේරි බෙහ්නා හේ රූපවාහිනී කතාමාලාවේ ජීවිකා විරේන් සිං වධේරා නැමැති ප්‍රධාන චරිතය නිරූපණය කරන ලදී. පසුව ඇය ඒක් නායි පෙහ්චාන් නම් කතාමාලාවේ සාක්ෂිගේ චරිතය නිරූපණය කළා ය.[6][7] වඩාත් මෑතක දී ඇය සී ටීවී නාළිකාවේ රූපවාහිනී කතාමාලාවක් වූ බ්‍රහ්මරාක්ෂස් කතාමාලාවේ රායිනා නැමැති ප්‍රධාන චරිතය නිරූපණය කරමින් සිටියා ය.

ක්‍රිස්ටල් ඩි'සූසා
ඩි'සූසා බොක්ස් ක්‍රිකට් ලීගය දියත් කළ දිනයේ
උපත1 මාර්තු 1990 (1990-03-01) (වයස 34)[1][2]
නිවහනමුම්බායි, මාහාරාෂ්ට්‍ර, ඉන්දියාව
ජාතිකත්වයඉන්දියානු
රැකියාවරූපවාහිනී නිළියක
සක්‍රීය වසර2007 – වර්තමානය
ආගමක්‍රිස්තියානි[4]

Eastern Eye පුවත්පත විසින් සරාගීම ආසියානු කාන්තාවන් 50 දෙනාගේ ලැයිස්තුවේ ඩි'සූසාගේ නාමය අංක 1ට සඳහන් කොට ඇත.[8] ඇය විශ්වාස කරන්නේ තමන් ආගම ධර්මය කෙරෙහි අතිශයින් නැඹුරුතාවක් දක්වන බව ය.[9]

වෘත්තිය සංස්කරණය

ඩි'සූසා ඇගේ රංගන වෘත්තිය ආරම්භ කළේ 2007දී බාලාජි ටෙලිෆිල්ම්ස් සමාගමේ රූපවාහිනී කතාමාලාවක් වූ කහේ නා කහේ කතාමාලාව තුළිනි. එහි දී ඇය විසින් කින්ජල් නැමැති චරිතය නිරූපණය කරන ලදී.[3] 2007දී ඇය තවත් බාලාජි වැඩසටහනක පෙනී සිටි අතර ක්‍යා දිල් මේන් හේ නැමැති එම කතාමාලාව තුළ ඇය විසින් තමන්නා නැමැති චරිතය නිරූපණය කරන ලදී. මෙම තමන්නා නම් චරිතය කථාවේ ප්‍රධාන නළුවාගේ සොහොයුරිගේ චරිතයයි. 2008දී ඩි'සූසා ස්ටාර් ප්ලස් නාළිකාවේ රූපවාහිනී කතාමාලා‍ දෙකකට සිය රංගන දායකත්වය සැපයූවා ය. මින් කස්තුරි නම් කතාමාලාවේ නන්වීත් චරිතයත්, කිස් දේශ් මේන් හේ මේරා දිල් කතාමාලාවේ වීරාගේ චරිතයත් ඇය නිරූපණය කළා ය. 2009දී ඇය (ඉහත අවසානයට සඳහන්) කතාමාලාව හැර ගියා ය.

2010දී, ඩි'සූසා සෝනි ටීවී නාළිකාවේ බාට් හමාරි පක්කි හේ කතාමාලාව සමග සම්බන්ධ වූවා ය. මෙම කතාමාලාව ප්‍රධාන චරිත නිරූපණය කරන ලද්දේ අංකිතා ෂර්මා සහ බරුන් සොබ්ති විසිනි. මෙම කතාමාලාවේ ඇය විසින් නිරූපණය කළේ ශ්‍රාවන්ගේ පෙම්වතිය වූ තාරාගේ චරිතයයි. මීට අමතරය එම වර්ෂයේම සෝනි ටීවී නාළිකාවේ ඇය ආහත් කතාමාලාවේ යාමිනී නැමැති පසුබිම් චරිතය ද නිරූපණය කොට ඇත.

2011දී, ඇය ජනප්‍රිය වැඩසටහනක් වූ ඒක් හසාරොන් මේන් මේරි බෙහ්නා හේ ප්‍රධාන චරිතය වූ ජීවිකා විරේන් වධේරා නැමැති චරිතය නිරූපණය කළා ය. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කළේ ඇය සමග කරන් ටැකර් ය. මෙම කතාමාලාව 2013 සැප්තැම්බර් 13 දින විකාශය අවසන් විය. 2013 දෙසැම්බර් මස ඇය සෝනි ටීවී නාළිකාවේ ඒක් නායි පෙහ්චාන් කතාමාලාව සමග සම්බන්ධ වූවා ය. මෙහි ද ඇය සාක්ෂි නම් ප්‍රධාන චරිතය නිරූපණය කළා ය. මෙහි සෙසු ප්‍රධාන චරිතය නිරූපණය කළේ කරන් ෂර්මා විසිනි. 2014 සැප්තැම්බර් හම මෙම කතාමාලාව ද විකාශය අවසන් විය.[3] 2016දී, ඇය යළි රූපවාහිනිය වෙත පැමිණියේ ඒක්තා කපූර්ගේ බ්‍රහ්මරාක්ෂස් කතාමාලාවේ ප්‍රධාන චරිතය නිරූපණය කරමිනි. සී ටීවී නාළිකාව ඔස්සේ විකාශය වූ මෙහි ඇය සමග අහම් ෂර්මා ප්‍රධාන චරිත නිරූපණය සිදුකළේ ය. 2017 පෙබරවාරි මස මෙම කතාමාලාව අවසන් විය.

රූපවාහිනිය සංස්කරණය

සම්මාන සහ නිර්දේශ සංස්කරණය

වර්ෂය සම්මානය ප්‍රවර්ගය නිර්දේශිත කෘතිය චරිතය ප්‍රතිඵලය
2012 ස්ටාර් පරිවාර් සම්මාන ප්‍රියතම බෙහෙන් ඒක් හසාරොන් මේන් මේරි බෙහ්නා හේ ජීවිකා විරේන් සිං වධේරා දිනාගති[16]
2012 ස්ටාර් පරිවාර් සම්මාන ප්‍රියතම භාබි නිර්දේශිත[17]
2012 ස්ටාර් පරිවාර් සම්මාන ප්‍රියතම පත්නි
2012 ස්ටාර් පරිවාර් සම්මාන ප්‍රියතම නායා සදස්‍යා (කාන්තා)
2012 සී ස්වර්ණ සම්මාන ගැළපීමේ පළමු වඩාත් ගැළපෙන නිළිය දිනාගති[18]
2012 ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන හොඳම නිළිය - නාට්‍ය (ජූරියේ) නිර්දේශිත[19]
2012 සාස් බාහු ඕර් සාසිෂ් සම්මාන ප්‍රියතම ජෝඩි දිනාගති
2013 කලාකාර් සම්මාන ප්‍රියතම ජෝඩි දිනාගති
2014 ඉන්දියානු ටෙල්ලි සම්මාන ප්‍රධාන චරිතයක හොඳම නිළිය ඒක් නායි පෙහ්චාන් සාක්ෂි කරන් මෝදි නිර්දේශිත
2014 සී ස්වර්ණ සම්මාන වඩාත් ගැළපෙන නිළිය නිර්දේශිත
2015 ITA සම්මාන තිරයෙන් පිටත ජේත්තුකාර නිළිය අදාළ නොවේ ඇය ලෙසම දිනාගති

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Happy Birthday Krystle D'Souza". ABP News. 1 March 2016. සම්ප්‍රවේශය 15 July 2016 – via Youtube.
  2. "One has to always look fresh onscreen: Krystal D`souza". Zee News. 12 February 2013. සම්ප්‍රවේශය 15 July 2016.[සත්‍යාපනය අසමත්]
  3. 3.0 3.1 3.2 Sundar, Mrinalini (21 February 2014). "TV actress Krystle D'Souza on her new show". The New Indian Express. සම්ප්‍රවේශය 15 July 2016.
  4. "I have a friend in Jesus: Krystle D'souza". The Times of India. 15 June 2012. සම්ප්‍රවේශය 15 July 2016.
  5. "A free Sunday for Krystle D'souza". Times of India. සම්ප්‍රවේශය 5 January 2015.
  6. Maheshwri, Neha (28 July 2014). "Ekk Nayi Pahchaan to end in September?". සම්ප්‍රවේශය 5 January 2015.
  7. "Ekk Nayi Pehchaan recreates Salman-Bhagyshree moment!". Times of India. 2 April 2014. සම්ප්‍රවේශය 5 January 2015.
  8. "Katrina Kaif named world's sexiest Asian woman for the fourth time". India Today. 5 December 2013. සම්ප්‍රවේශය 5 January 2015.
  9. "I have a friend in Jesus: Krystle D'souza". Times of India. 15 June 2012. සම්ප්‍රවේශය 5 January 2015.
  10. "Krystle and Nia Sharma to play leads in Cinevistaas' next". Metro Masti. සම්ප්‍රවේශය 27 September 2011.
  11. "Jhalak Dikhhla Jaa 7 Teen Ka Tadka Week: Krystle, Elli, Dadi and others come". timesofindia.com.
  12. "Box Cricket League Teams: BCL 2014 Team Details With TV Actors & Names of Celebrities". india.com. සම්ප්‍රවේශය 14 December 2014.
  13. "Karan Tacker and Krystle D'Souza are back together for 'Sarojini'! (PICS)". pinkvilla.com.
  14. "Krystle D'Souza to star in Ekta Kapoor's new TV show 'Brahmarakshas'". Mid Day. 19 July 2016.
  15. "Ekta Kapoor's Brahmarakshas Promo Out: Krystal D'Souza Makes A Comeback!". Filmi Beat. 20 July 2016.
  16. "Star Parivaar Awards 2012: Krystle D'Souza, Deepika Singh, Barun Sobti, Sanaya Irani, Mohammad Nazim, here are the winners! - TV - Indian TV - ibnlive". Mumbai: IBN Live. 26 Mar 2012. සම්ප්‍රවේශය 25 Apr 2012. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  17. "Star Parivaar Awards 2012". Hotstar. සම්ප්‍රවේශය 8 March 2016.
  18. "Winners & Nominees of 5th Boroplus Gold Awards, 2012". 16 July 2012. සම්ප්‍රවේශය 26 July 2016.
  19. "The Indian Television Academy Awards, 2012". IndianTelevisionAcademy.com. සම්ප්‍රවේශය 18 March 2016.
"https://si.wikipedia.org/w/index.php?title=ක්‍රිස්ටල්_ඩි%27සූසා&oldid=606115" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි