ක්ෂුද්‍ර ජීවීන් රෝපණය
ක්ෂුද්‍ර ජීවීන් යනු ස්වභාවික පරිසරයේ සෑම තැනකම පාහේ වාසය කරන පියවි ඇසට පැහැදිලිව දැකගත නොහැකි, ඉතාම කුඩා අන්වීක්ෂීය ජීවීන් වේ. මේ නිසා ක්ෂුද්‍ර ජීවීන් සාර්ථකව අධ්‍යනය කිරීම සඳහා විශේෂ ශිල්පීය ක්‍රම භාවිත කල යුතුය. පරිසර පද්ධති වල ක්ෂුද්‍ර ජීවීන් ඇතත් ඔවුන් පියවි ඇසට නොපෙනෙන නිසා ක්ෂේත්‍රයේදී අධ්‍යනය කල නොහැක. එම නිසා ඔවුන් අධ්‍යනයට නියැදියක් ගෙනවිත් රෝපණ මාධ්‍යයක වගා කිරීම අවශ්‍ය වේ. මෙසේ රෝපණය කිරීමෙන් විවිධ ක්ෂුද්‍ර ජීවීන් විශාල වශයෙන්, අවශ්‍ය තරම් ලබා ගත හැක. පරීක්ෂණාගාරය තුළ ක්ෂුද්‍ර ජීවීන් රෝපණය හා නිරීක්ෂණයට මූලික ශිල්පීය ක්‍රම සමහරක් අවශ්‍ය වේ.
- රෝපණ මාධ්‍යය පිළියෙළ කිරීම.
- වීදුරු භාණ්ඩ ඇතුළුව අවශ්‍ය අනෙකුත් භාණ්ඩ පිළියෙළ කිරීම.
- රෝපණ උපකරණ හා මාධ්‍යය ජීවානුහරණය කිරීම.
- අක්‍රාමණය කිරීමේ ශිල්ප ක්‍රමය.
- අවශ්‍ය නම් වර්ණ ගැන්වීමේ ක්‍රමය
- අන්වීක්ෂය භාවිතයෙන් නිදර්ශක පරීක්ෂා කිරීම.
රෝපණ මාධ්‍යය පිළියෙළ කිරීම
සංස්කරණයපරීක්ෂණ නල, පෙට්‍රි දීසි වැනි වීදුරු උපකරණ වල පිලියෙල් කල වගා මාධ්‍යය වල පරීක්ෂණාගාර තත්ත්ව යටතේ ක්ෂුද්‍ර ජීවීන් රෝපණය කරයි. වැඩෙන ක්ෂුද්‍ර ජීවීන් අඩංගු මෙවැනි රෝපණ මාධ්‍යයක් ක්ෂුද්‍ර ජීවී රෝපිතයක් ලෙස හඳුන්වයි. ස්වභාවිකව ක්ෂුද්‍ර ජීවීන් විශාල සංඛ්‍යාවක් එකට ජීවත් වේ. පරීක්ෂණාගාරයේදී මොවුන් වෙන වෙනම අධ්‍යයනය කිරීමට, එක් විශේෂයක් පමණක් අඩංගු වන රෝපිත සාදා ගනී. මෙවැනි එක් විශේෂයකට අයත් වන ජීවීන් පමණක් අඩංගු රෝපිතයක් ශුද්ධ රෝපිතයක් ලෙස හඳුන්වයි. ක්ෂුද්‍ර ජීවීන් වගා කරන පෝෂ්‍ය මාධ්‍ය දෙකකි.
- ඝන රෝපණ මාධ්‍යය
- ද්‍රව රෝපණ මාධ්‍යය
ඝන රෝපණ මාධ්‍යය
සංස්කරණයපෝෂ්ය ද්‍රව්‍ය වලට අමතරව පෝෂ්‍ය මාධ්‍ය ඝන වීමට ඝනීකාරක යොදා තිබේ. එ සඳහා ඒගාර් භාවිත කරයි. අතීතයේදී ජෙලටින් ඝනීකාරක ලෙස යොදා ගෙන ඇත.
ඒගාර්
සංස්කරණය- සංකීර්ණ පොලිසැකරයිඩයකි.
- Gelidium නම් රතු ඇල්ගී ශාක වලින් ලබා ගනී.
- බොහොමයක් ක්ෂුද්‍ර ජීවීන්ට ඒගාර් බිඳ දැමීමට සමත් එන්සයිම නැත.
- 400C දී පමණ ඝන තත්ත්වයට පත් වේ.
- පාරදෘශ්‍ය වේ.
- මේ හේතුන් නිසා ඒගාර් ඝනීකාරකයක් ලෙස යොදා ගැනීම වැදගත් වේ.
පෝෂ්‍ය ඒගාර් මාධ්‍යය පිළියෙළ කිරීම
සංස්කරණයපෙප්ටෝන් 10g, හරක් මස් නිස්සාරකයෙන් 10g, NaCl 15g සහ ආසෘත ජලය 1000ml මේ සඳහා යොදා ගනී. ජලය හැර අනෙකුත් ද්‍රව්‍ය ප්ලාස්කුවකට දමා ඒගාර් දිය වනතුරු රත් කරයි. අනතුරුව 1000ml වන තෙක් ජලය එකතු කරයි. මෙහි pH අගය 7.2 දක්වා සකස් කරයි.
ජෙලටින්
සංස්කරණයමෙය ප්‍රෝටීනයකි. ඇතැම් ක්ෂුද්‍ර ජීවීන් සතුව ජෙලටින් බිඳ දැමීමට සමත් එන්සයිම ඇත. තවද ජෙලටින් 300C ට වඩා අඩු උෂ්ණත්ව වලදී ඝන තත්ත්වයට පත් වේ. මේ හේතුන් නිසා ඒගාර් තරම් පෝෂ්‍ය මාධ්‍ය ඝනීකරණයට ජෙලටින් සුදුසු නොවේ.
ද්‍රව රෝපණ මාධ්‍යය
සංස්කරණයමෙහි ඇත්තේ පෝෂ්‍ය ද්‍රව්‍ය සහිත ජලීය මාධ්‍යයකි.
අර්තාපල් ඩෙක්ස්ට්‍රොස් (PDA) පිළියෙළ කිරීම
සංස්කරණයමේ සඳහා අර්තාපල් 200g, ග්ලූකෝස් 20g, ඒගාර් 15g සහ ආසෘත ජලය 1000ml අවශ්‍ය වේ. අර්තාපල් වල පොත්ත ඉවත් කර ඉන් 200g ක් ආසෘත ජලය සමඟ තම්බා රෙදි කඩකින් පෙරා ගනු ලැබේ. එම පෙරනයට අනෙකුත් ද්‍රව්‍ය එක් කර ඒගාර් දියවන තුරු රත් කරයි. ඉන් පසු ද්‍රාවණයට 1000ml වන තුරු ආසෘත ජලය එක් කරයි. මෙම මාධ්‍යයේ pH අගය 5.6 දක්වා සකස් කරයි.
ක්ෂුද්‍ර ජීවී රෝපණ මාධ්‍යයක් පිළියෙළ කිරීමේදී සැලකිය යුතු කරුණු
සංස්කරණය- පෝෂණ අවශ්‍යතා
- ජලය
- කාබන් ප්‍රභවයක් (ග්ලූකෝස්, සුක්‍රෝස්)
- ඛනිජ ලවණ (Na+, Cl-)
- විටමින් වර්ග
- ඇමයිනෝ අම්ල
- ඝන රෝපණ මාධ්‍යයක් නම් ඝනීකාරක ද්‍රව්‍ය
- බාහිර සාධක (O2, ආලෝකය ආදිය)
- බැක්ටීරියා වගා කිරීමට පෝෂ්‍ය ඒගාර් මාධ්‍යය යොදා ගන්නා අතර දිලීර වගා කිරීමට අර්තාපල් ඩෙක්ස්ට්‍රොස් (PDA) නම් පෝෂ්‍ය මාධ්‍යය යොදා ගනී.
ජීවානුහරණය
සංස්කරණයයම් මාධ්‍යයක ඇති සියලුම ක්ෂුද්‍ර ජීවීන් (වර්ධක සෛල හා බීජාණු) සම්පූර්ණයෙන් විනාශ කිරීම හෝ ඉවත් කිරීම ජීවානුහරණය නම් වේ. මේ සඳහා භෞතික හෝ රසායනික කාරකයක් යොදා ගනී. මේ සඳහා තාපය යෙදීම, රසායනික ද්‍රව්‍ය යෙදීම, පෙරීම, විකිරණ යෙදීම වැනි ක්‍රම යොදා ගනු ලබයි.
තාපය යෙදීම මගින්
සංස්කරණයතාපය යෙදීම මගින් ක්ෂුද්‍ර ජීවීන් ගේ එන්සයිම අස්ථාවර කිරීම මගින් ඔවුන් විනාශ කල හැක. මෙය ප්‍රධාන කොටස් දෙකකට සිදු කරයි.
- තෙත් තාපය යෙදීම
- වියළි තාපය යෙදීම
තෙත් තාපය යෙදීම
සංස්කරණයහුමාලය හෝ ජලය මගින් සපයන තාපයෙන් සිදු කරන ජීවානුහරණයයි. උදා: ජලය; නැටවීම මගින් ජීවානුහරණය
- තෙත් තාප ක්‍රමයේ ප්‍රධානම ගැටලුව වන්නේ වායුගෝලීය පීඩනය යටතේ ජලය හෝ හුමාලය උෂ්ණත්වය 1000 C ට වඩා වැඩි කල නොහැකි වීමයි. 1000C උෂ්ණත්වයේදී පවා බැක්ටීරියාවන්ගේ බීජාණු නොනැසී පවතී. මෙම ගැටළුව මගහරවා ගෙන පීඩන තාපකය නිපදවා තිබේ. මෙම උපකරණය තුළ වර්ග අඟලකට රාත්තල් 15ක පීඩනයක් යෙදේ. මෙහි හුමාලයේ 1210C ක් පමණ වේ. මෙම උෂ්ණත්වයේ විනාඩි 15 ක් තැබූ විට සියළුම ජීවීන් හා ඔවුන්ගේ බීජාණු විනාශ වේ.
වියලි තාපය යෙදීම
සංස්කරණයකෙලින්ම බන්සන් දැල්ලට ඇල්ලීමෙන් හෝ රත් වූ වාතයෙන් සපයන තාපයෙන් සිදු කරන ජීවානුහරණය මෙසේ හඳුන්වයි. මේ සඳහා වියළි උඳුන භාවිතා කරයි. මෙම ක්‍රමයේදී ජීවානුහරණය සඳහා වැඩි කාලයක් සහ වැඩි උෂ්ණත්වයක් අවශ්‍ය වේ. මෙම ක්‍රමය භාවිතයෙන් පෝෂ්‍ය මාධ්‍යය ජීවානුහරණය සිදු නොකරයි. මෙම ක්‍රමය භාවිත කළහොත් පෝෂ්‍ය මාධ්‍ය වල ගුණය, රසය, වර්ණය ආදිය වෙනස් වීම සිදු විය හැක. එබැවින් පෝෂ්‍ය මාධ්‍යය ජීවනුහරණයට මෙම ක්‍රමය යොදා නොගනී.
උපකරණ ජීවානුහරණය
සංස්කරණයවීදුරු උපකරණ
සංස්කරණයමෙහිදී වීදුරු උපකරණ (පෙට්‍රි දීසි, පරීක්ෂණ නල, වීදුරු කදාව, පිපෙට්ටුව ආදිය) ඇලුමිනියම් දවටන වලින් ආවරණය කරයි. අනතුරුව 1600C උෂ්ණත්වයට රත් කරන ලද වියළි උඳුනක් තුළ පැය 2ක් තැබීම හෝ 1800C උෂ්ණත්වයට රත් කරන ලද වියළි උඳුනක් තුළ පැය 1ක් මේවා තැබීම මගින් ජීවානුහරණය සිදු කරයි.
අක්‍රාමණ කටුව
සංස්කරණයඅක්රාමණ කටුව ලී මිටක් සහ එයට සවි කරන ලද ප්ලැටිනම් හෝ නික්‍රෝම් කම්බියකින් සමන්විත වේ. මෙහි කෙලවර ඇතැම් විට කම්බි පුඩුවක් සාදා ඇත. අක්‍රාමණ කටුවේ කම්බි පුඩුව (හෝ එහි කම්බි කෙලවර) බන්සන් දැල්ලේ නිල් කලාපයට, රක්ත තප්ත වන තුරු ඇල්ලීමෙන් ජීවානුහරණය කර ගනී.
පෙරීම මගින්
සංස්කරණයතාප අස්ථායි සංඝටක අඩංගු ද්‍රව රෝපණ මාධ්‍ය හා ජලය ජීවානුහරණය සඳහා මෙම ක්‍රමය යොදා ගනී. මෙහිදී පටල පෙරහන (බැක්ටීරියා පෙරහන)කින් පෙරා ක්ෂුද්‍ර ජීවීන් ඉවත් කරයි. සාමාන්‍යයෙන් මෙවැනි පටල පෙරහනක සිදුරු වල ප්‍රමාණය මයික්‍රො මීටර් 0.45 පමණ වේ.
- උදා: විටමින් ද්‍රාවණ, රුධිර මස්තු ආදිය ජීවානුහරණයට මෙම ක්‍රමය යොදා ගනී.
- ශල්‍යාගාර, ක්ෂුද්‍ර ජීවි පර්යේෂණාගාර වල කුටීර ආදියේ වාතයේ ඇති ක්ෂුද්‍ර ජීවීන් ඉවත් කිරීම සඳහා අධි කාර්යක්ෂම පෙරහන භාවිත කරයි.
රසායනික ද්‍රව්‍ය යෙදීම මගින්
සංස්කරණයතාපයට ඔරොත්තු නොදෙන ප්ලාස්ටික් වැනි බඳුන් ජීවානුහරණය සිදු කිරීම සඳහා රසායනික ද්‍රව්‍ය යොදා ගනී. උදා: එතිලින් ඔක්සයිඩ
විකිරණ මගින්
සංස්කරණයශල්යාගාර, ක්ෂුද්‍රජීවී පර්යේෂණාගාර ආදියේ වාතයේ ජිවත් වන ක්ෂුද්‍ර ජීවීන් ඉවත් කිරීම සඳහා UV කිරණ නිකුත් කරන පහන් භාවිත කරයි. එමගින් වාතයේ සිටින බැක්ටීරියාවන් විනාශ වේ.
පෝෂ්‍ය මාධ්‍යය ජීවානුහරණය කිරීම
සංස්කරණයසාදා ගත් පෝෂ්‍ය මාධ්‍යය ප්ලාස්කුවක් තුලට එකතු කරයි. ප්ලාස්කුවේ කටට පුළුන් ඇබයක් සවි කරයි. එය ඇලුමිනියම් දවටන වලින් ආවරණය කරයි. මෙය පීඩන උඳුනක් තුළ හෝ පීඩන තාපකය තුළ 1210C උෂ්ණත්වයේ විනාඩි 15ක් තැබීම මගින් ජීවානුහරණය කර ගනී. මෙම පෝෂ්‍ය මාධ්‍යය පීඩන උඳුනෙන් ඉවතට ගෙන ඝන වීම වලක්වා ගැනීමට රත් කරන ලද ජල තාපකයක් තුළ ගිල්වා තබයි. පුළුන් ඇබයක්, ප්ලාස්කුවේ කටට සවි කිරීම නිසා ප්ලාස්කුව තුලට වාතය ගමන් කරන නමුත් ක්ෂුද්‍ර ජීවීන්ට පිවිසීමට හැකියාවක් නැත.
ක්ෂුද්‍ර ජීවීන් අක්‍රාමණය කිරීම
සංස්කරණයජීවානුහරණය කරන ලද පෝෂ්‍ය මාධ්‍යය තුලට ක්ෂුද්‍ර ජීවීන් ඇතුල් කිරීම අක්‍රාමණය ලෙස හඳුන්වයි.
අක්‍රාමණ කටුව මගින්
සංස්කරණයඅක්රාමණ කටුව ජීවානුහරණය කර අනතුරුව අක්‍රාමණ කටුවේ කම්බි පුඩුව අක්‍රාමණය කල යුතු ක්ෂුද්‍ර ජීවීන් අඩංගු මාධ්‍යයේ ස්ඵර්ශ කර පෙට්‍රි දීසි වල ඇති ඝන පෝෂ්‍ය මාධ්‍යය මත ඉරි ඇඳීම සිදු කරයි. මෙය ලේඛනය ලෙස හඳුන්වයි. මෙම ඉරි වල කෙළවරදී ක්ෂුද්‍ර ජීවි සෛල වෙන් වී බෙදීමට ලක් වී ශුද්ධ ඝනාවාස සාදයි.
පිපෙට්ටුවක් සහ වීදුරු කූරක් මගින්
සංස්කරණයපිපෙට්ටුව ජීවානුහරණය කර ගනී. පිපෙට්ටුව මගින් ද්‍රව මාධ්‍යයකින් ස්වල්පයක් ගෙන ඝන පෝෂ්‍ය මාධ්‍ය මත තබා අනතුරුව නමන ලද ජීවාණුහරිත වීදුරු කුරක් භාවිතයෙන් එය පෝෂ්‍ය මාධ්‍ය මත ඇතිරීම සිදු කරයි. එවිට ක්ෂුද්‍ර ජීවි සෛල වෙන් කර ගත හැක. අක්‍රාමණය කරන ලද ක්ෂුද්‍ර ජීවීන් සහිත රෝපණ මාධ්‍යය දින කිහිපයක් බීජෞෂණය කරයි. අක්‍රාමණය කල ක්ෂුද්‍ර ජීවි රෝපිතය ක්ෂුද්‍ර ජිවින්ගේ වර්ධනය හා ගුණනයට උචිත භෞතික පරිසර තුළ තැබීම, බිජෞෂණය ලෙස හඳුන්වයි. මේ සඳහා වසන ලද තාප පරිවාරක කුටි (Incubaters) භාවිත කරයි. බොහෝ ක්ෂුද්‍ර ජිවි රෝපණ සඳහා උචිත උෂ්ණත්වය 250C - 370C වේ.
==රෝපණය කර ඇති ක්ෂුද්ර guu