කල්කි කේක්ලන්

ඉන්දියාවේ උපන් ප්‍රංශ නිළිය සහ ලේඛිකාව

කල්කි කේක්ලන් (අසන්නi/ˈkʌlki kˈklæ̃/; උපත 1982 ජනවාරි 10) යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රංශ-ඉන්දියානු නිළියක සහ ලේඛිකාවකි. හින්දී චිත්‍රපට ක්ෂේත්‍රයේ ගතානුගතිකත්වයෙන් තොර වූ රංගන දායකත්වය හේතුවෙන් ප්‍රසිද්ධියට පත් ඇය, ජාතික චිත්‍රපට සම්මානයක්, ෆිල්ම්ෆෙයාර් සම්මානයක්, සහ ස්ක්‍රීන් සම්මාන ද්විත්වයක් ඇතුළු සම්මාන ගණනාවක් හිමිකරගෙන තිබේ. ප්‍රංශ පුරවැසියකු වුව ද, ඇය සිය ජීවිත කාලයෙන් වැඩි කලක් වාසය කොට තිබෙන්නේ ඉන්දියාවේ ය.

කල්කි කේක්ලන්
කේක්ලන් කැමරාව දෙසා බලා සිනහසෙන අයුරු
කේක්ලන් 2014 දී
උපත10 ජනවාරි 1984 (1984-01-10) (වයස 40)
පොණ්ඩිචෙරි, ඉන්දියාව
ජාතිකත්වයප්‍රංශ
උගත් ශාස්ත්‍රාලයලන්ඩන් විශ්වවිද්‍යාලය
රැකියාව
  • නිළිය
  • ලේඛිකාව
සක්‍රීය වසර2008–වර්තමානය
කලත්‍රයා(යන්)අනුරාග් කාශ්‍යප් (වි. 2011; දික්කසාදය 2015)
සහකරුවා(වන්)ගයි හර්ෂ්බර්ග්
දරුවන්1
ඥාතීන්බලන්න කේක්ලන් පවුල

ඉන්දියාවේ පොණ්ඩිචෙරියෙහි දී ප්‍රංශ මාපියන්ට දාව උපන් කේක්ලන්, කුඩා කල සිටම රංගනයට යොමුවූවා ය. ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ගොල්ල්ඩ්ස්මිත්ස් වෙතින් නාට්‍යකරණය හැදෑරූවා ය. ඉන්දියාවට නැවත පැමිණීමෙන් පසුව, ඇය සිය ප්‍රථම සිනමා නිර්මාණයට දායක වූයේ චන්දා ලෙසින් 2009 දේව්.ඩී චිත්‍රපටය හරහා ය. එහි රංගනය වෙනුවෙන් ඇයට හොඳම සහාය නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය හිමි විය. අනතුරුව ඇය, සින්දගී නා මිලේගී දෝබරා (2011) සහ යේ ජවානී හේ දීවානී (2013) නම් වූ සාර්ථක ප්‍රහසන චිත්‍රපට ද්විත්වයට දායක වූ අතර, ඒ අවස්ථා දෙකෙහි දී ම ඇය හොඳම සහාය නිළිය සඳහා වූ ෆිල්ම්ෆෙයාර් සම්මානය උදෙසා නිර්දේශ විය. කේක්ලන් තිර රචන ක්ෂේත්‍රය වෙත පිවිසියේ 2011 අපරාධ සංත්‍රාස චිත්‍රපටයක් වූ දැට් ගර්ල් ඉන් යෙලෝ බූට්ස් හරහා ය. එහි ප්‍රධාන චරිතය ද නිරූපණය කළේ ඇය විසිනි.

ඒක් ථී දායන් (2013) නම් අධිස්වාභාවික සංත්‍රාස චිත්‍රපටය සහ ගලී බෝයි (2019) වැනි වානිජමය චිත්‍රපටවලට තවදුරටත් සිය දායකත්වය ලබාදුන්නා ය. එසේම වේටිං (2015) සහ රිබන් (2017) වැනි ස්වාධීන චිත්‍රපටවල ඇය පෙන්වූ රංගන ප්‍රතිභාව වර්ණනාවට පාත්‍ර විය. මාර්ගරිටා විත් අ ස්ට්‍රෝ (2014) නම් යොවුන් චිත්‍රපටය තුළ මස්තිෂ්ක අංශභාගයෙන් පෙළෙන යුවතියකගේ චරිතය නිරූපණය වෙනුවෙන් ඇයට ජාතික චිත්‍රපට සම්මානයක් ද හිමි විය.

චිත්‍රපට දායකත්වය සංස්කරණය

Key
  මෙමඟින් මෙතෙක් මුදානොහළ චිත්‍රපට නිරූපණය වේ
චිත්‍රපටය
වර්ෂය තේමාව චරිතය සටහන්
2007 Laaga Chunari Mein Daag Unknown Cameo appearance[1]
2009 දේව්.ඩී චන්ද්‍රමුඛී හොඳම සහාය නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය
2010 The Film Emotional Atyachar Sophie
2011 That Girl in Yellow Boots Ruth Edscer
2011 Shaitan Amrita "Amy" Jayshankar
2011 Zindagi Na Milegi Dobara Natasha Nominated—Filmfare Award for Best Supporting Actress
2011 My Friend Pinto Maggie
2011 තෘෂ්ණා ඇය ලෙසම පසුබිම් නිරූපණය[2]
2012 Shanghai Shalini Sahay
2013 Ek Thi Daayan Lisa Dutt
2013 යේ ජවානී හේ දීවානී ආදිති මේහ්රා නිර්දේශිත—හොඳම සහාය නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය
2014 Happy Ending Vishakha
2015 මාර්ගරිටා විත් අ ස්ට්‍රෝ ලයිලා National Film Award – Special Jury Award
2015 Waiting Tara Deshpande
2015 Un plus une Herself Cameo appearance[3]
2015 Kaash Elsbeth Cameo appearance[4]
2016 Freedom Matters Herself Documentary film
2016 Living Shakespeare Herself BBC Documentary film
2016 A Death in the Gunj Mimi
2016 Mantra Piya Kapoor
2017 Naked Sandy Short film[5]
2017 Jia Aur Jia Jia
2017 Ribbon Sahana Mehra
2017 The Thought of You Ayesha Short film
2017 Azmaish: A Journey Through the Subcontinent Herself Documentary film[6]
2018 The Job Christina Nominated—Filmfare Award for Best Short Film
2019 ගලී බෝයි ශ්වේතා/ස්කයි
2019 CandyFlip Emily
2019 නේර්කොණ්ඩ පාර්වෛ ඇය ලෙසම දෙමළැ චිත්‍රපට ප්‍රවේශය; පසුබිම් රංගනය
2020 පාව කදෛගල් පිනොලොපි දෙමළ ඇන්තොලොජි චිත්‍රපට ප්‍රවේශය
Segment:Love Panna Uttranum[7]
2020 Scholarship   Emily Johnson Filming
Television
Year Title Role Notes
2015 Man's World Cameo appearance
2016 Kalki's Great Escape Herself/ Host[8] 8 episodes[9]
2016 Shockers Episode:"Home At Last"[10]
2018 Smoke Tara Main cast; 11 episodes
2019 Made in Heaven Faiza Main cast; 9 episodes
2019 Sacred Games Batya Main cast; season 2
2019 Bhram Alisa Web series by ZEE5

සම්මාන සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Kalki Koechlin is back with three new films". Sify. 21 January 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 20 January 2018.
  2. "Watch out for Anurag Kashyap, Kalki in 'Trishna'". CNN-News18. 11 July 2012. 16 November 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 December 2015.
  3. "Un + Une". AlloCiné. 2 February 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 31 January 2017.
  4. Bhaskaran, Gautaman (27 October 2016). "Two Indian movies, vastly different, play at Tokyo Film Fest". Hindustan Times. 12 October 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 31 December 2016.
  5. Sharma, Dhanshri (8 March 2017). "In Naked, Kalki Koechlin Stars As Actress Whose Sex Scene Goes Viral". NDTV. 14 April 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 14 April 2017.
  6. "Azmaish: A Journey Through the Subcontinent". Women Make Movies. 25 June 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 25 June 2018.
  7. "'Paava Kadhaigal' teaser: Netflix anthology to release on December 18". The Hindu. 27 November 2020. සම්ප්‍රවේශය 28 November 2020.
  8. "Kalki Koechlin's 4,000km biking trip to the Northeast with her father will inspire you to travel". India Today. 1 September 2016. 4 September 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 5 September 2016.
  9. "Episodes". Hotstar. 6 October 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 15 March 2017.
  10. Kasotia, Yash (2 June 2016). "This Supernatural Short Film Starring Kalki Koechlin Will Make You Cringe in Horror". Scoopwhoop. 26 December 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 26 December 2017.

බාහිර සබැඳි සංස්කරණය

 
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
"https://si.wikipedia.org/w/index.php?title=කල්කි_කේක්ලන්&oldid=540862" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි