කන්නියා උණුදිය ලිං

කන්නියා උණුදිය ලිං ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති උණුදිය ලිං 7ක් වේ. උල්පත මගින් මුදාහරින ජලයෙහි උෂ්ණත්වය 42°C ක් පමණ වේ.[1]

කන්නියා උණුදිය ලිං
කන්නියා උණුදිය ලිං is located in ශ්‍රී ලංකාව
කන්නියා උණුදිය ලිං
කන්නියා උණුදිය ලිං
සාමාන්‍ය තොරතුරු
තත්ත්වයPreserved
ගෘහනිර්මාණ ශෛලියඋණුදිය ලිං
පිහිටීමකන්නියා
නගරයත්‍රිකුණාමලය
රටශ්‍රී ලංකාව
ඛණ්ඩාංක08°36′16.2″N 81°10′16.8″E / 8.604500°N 81.171333°E / 8.604500; 81.171333ඛණ්ඩාංක: 08°36′16.2″N 81°10′16.8″E / 8.604500°N 81.171333°E / 8.604500; 81.171333
නාමකරණයන්ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරක (2011-09-09)

ඉතිහාසය සංස්කරණය

අතීතයේදී මෙම ස්ථානයෙහි පැරණි බෞද්ධ විහාරයක් තිබූ බවට සාධක පවතියි.[2] ඇතුළුවන ස්ථානයෙහි බෞද්ධ ආරාමයක නටඹුන් දැකගත හැකි වන අතර මෙම උණුදිය උල්පත් එම බෞද්ධ ආරාම සංකීර්ණයෙහි කොටසක් හා එකල භික්ෂූන් වහන්සේලා විසින් පරිහරණය කරනු ලැබ තිබෙන බැව්ද පැවසෙයි.[3] එසේම බෞද්ධ ගොඩනැගිලි වල ශේෂ වූ නටඹුන් රැසක් මේ ප්‍රදේශය ආශ්‍රිතව විසිර පවතින අතර, ඉන් බොහොමයක් එල්ටීටීඊ යුධ සමයේදී විනාශයට පත්ව ඇති ආකාරයක් දැකගත හැකි වේ.

එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් මෙම ප්‍රදේශ පාලනය කල සමයේදී, මෙම ස්ථානය හා තිබූ බෞද්ධ සම්බන්ධය යටපත්ව තිබූ අතර එකල මෙම ස්ථානය අසල වූ හින්දු මාරි අම්මාන් කෝවිල විසින් පාලනය කරන ලදී. නමුත් පසුකාලීනව මෙම ස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතට පවරා ගැනුණු අතර එමගින් මෙම ස්ථානය හා සම්බන්ධ පුරාවිද්‍යාත්මක ඉතිහාසය මතුකරගන්නා ලදී. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අනූව කන්නියා උණු වතුර ලිං, වෙල්ගම් වෙහෙර බෞද්ධ ආරාම සංකීර්ණයෙහි කොටසක් සේ සැළකේ.

මෙම ස්ථානය සමග රාවණා රජු සම්බන්ධ හින්දු ජනප්‍රවාදයන්ද පවතියි.

මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. ප්‍රේමසිරි, H.M.R. (2006). ෆෝර්මේෂන් ඔෆ් හොට් වොටර් ස්ප්‍රින්ග්ස් ඉන් ශ්‍රී ලංකා (ඉංග්‍රීසි බසින්). Engineer: Journal of the Institution of Engineers, Sri Lanka, 39(4). pp. 7–12. {{cite book}}: Cite has empty unknown parameter: |1= (help)
  2. කන්නියා හොට් වෝටර් වෙල්ස්, ට්‍රිංකොමලි, http://www.srilankatravelnotes.com/TRINCOMALEE/KANNIYAHOTWATER/KanniyaHotwaterWels.html, ප්‍රතිෂ්ඨාපනය 2015-07-14 
  3. හිස්ට්‍රි ඔෆ් කන්නියා හොට් වෝටර් වෙල්ස්, http://www.sundayobserver.lk/2013/11/03/jun02.asp, ප්‍රතිෂ්ඨාපනය 2015-07-14 
"https://si.wikipedia.org/w/index.php?title=කන්නියා_උණුදිය_ලිං&oldid=604060" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි