මනම්පේරි මුදියන්සේලාගේ සමරරත්න බණ්ඩාර යාලේගම (1925 ඔක්තෝබර් 16 - 1988 මැයි 28) ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් රත්තොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විය.[1][2]

1965 මහ මැතිවරණයේදී චන්ද්‍රසේන මුණවීර පරාජය කරමින් රත්තොටින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඔහු 1970 මහ මැතිවරණයේදී සිය අසුන රැක ගත්තද 1977 මහ මැතිවරණයෙන් එය පරාජයට පත් විය.

1987-1989 ජවිපෙ කැරැල්ලේදී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් 1988 මැයි 28 දින ඔහු ඝාතනය කරන ලදී.[3] ඔහුගේ අභාවයෙන් දින පහකට පසු 1988 මධ්‍යම පළාත් සභා මැතිවරණයෙන් ඡන්ද 12068ක් ලබාගනිමින් මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයට පත්වෙමින් ඔහු ජයග්‍රහණය කළේය.

යොමු කිරීම් සංස්කරණය

  1. "Hon. Yalegama, Manamperi Mudiyanselage Samararatna Bandara, M.P." Directory of Past Members. Parliament of Sri Lanka. සම්ප්‍රවේශය 24 August 2021.
  2. . 1972. {{cite book}}: Missing or empty |title= (help)
  3. "උණ්ඩයට බිලි වූ මහජන පක්‍ෂයේ නායකයෝ". www.lankadeepa.lk (Sinhala බසින්). සම්ප්‍රවේශය 2022-10-20.{{cite web}}: CS1 maint: unrecognized language (link)
"https://si.wikipedia.org/w/index.php?title=එස්._බී._යාලේගම&oldid=548646" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි