එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලයෙහි බලතල

එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පැනවෙනු ලබන එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලයෙහි බලතල, ශ්‍රේෂ්ඨාධිකරණයෙහි විධිතීරණ විසින් මෙන්ම, එහි ස්වීය ආයාසයන් සහ ඉතිහාසය හා චාරිත්‍ර වැනි අනෙකුත් සාධකයන් විසින්ද නිර්වචනය කර ඇත. එය එක්සත් ජනපදයෙහි ප්‍රධාන ව්‍යවස්ථාදායක ආයතනය වෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ඉපැහැදිලි ලෙසින් ප්‍රකාශිත සමහරක් බලතල හැඳින්වෙන්නේ ප්‍රගණනනීය බලතල ලෙසින් වන අතර; පවතින බවට උපකල්පිත අනෙක්වා හැඳින්වෙන්නේ ගම්‍යමාන බලතල ලෙසිනි.

Building with dome; pond in front.
එක්සත් ජනපද කැපිටෝල් නම් මහා මන්ත්‍රණ සභා ශාලාවෙහි කොංග්‍රස් මණ්ඩලය රැස්වන අවස්ථාවක්.

සාමාන්‍ය බලතල සංස්කරණය

 
ඇලෙක්සැන්ඩර් හැමිල්ටන්, බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් සහ ජේම්ස් මැඩිසන් අයත්වූ එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අත්සන් තැබීමේ රැස්වීමෙහි හිටපු එජ ජෙනරාල් ජෝර්ජ් වොෂිංටන් මූලාසනයෙහි රැඳුනු අයුරු.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි පළමුවන වගන්තිය විසින් කොංග්‍රස් මණ්ඩලයෙහි බලතල බොහෝමයක් නියම කර දක්වන අතර, ඒවා අතර 8 වන කොටසෙහි හුවා දැක්වෙන අනේක විධ සුපැහැදිලි බලතලද වෙති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන තුලින් කොංග්‍රස් මණ්ඩලයට අතිරේඛ බලතල ලබා දී ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි අවශ්‍ය සහ සුදුසු ඡේදය වෙතින් ව්‍යුත්පන්න කෙරුණු ගම්‍යමාන බලතලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇත.