එක්සත් ජනපදයෙහි ශ්‍රේෂ්ඨාධිකරණය


එක්සත් ජනපදයෙහි ශ්‍රේෂ්ඨාධිකරණය යනු, එක්සත් ජනපදයෙහි ෆෙඩරල් අධිකරණයන් අතරින් ඉහළතමය වෙයි. එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි දෙවන වගන්තිය ප්‍රකාර 1789 වසරෙහිදී පිහිටුවනු ලැබුනු මෙය කෙරෙහි, සියළු ෆෙඩරල් අධිකරණයන් මත බල පැවැත්වෙන සහ ෆෙඩරල් නීතිය සම්බන්ධ වාදපද පිළිබඳ ප්‍රාන්ත අධිකරණ නඩුවිභාගයන් මත බල පැවැත්වෙන අත්‍යන්ත (සහ ප්‍රධාන වශයෙන් අභිමතානුසාරී) අභියාචනා අධිකරණපාත්‍රතාව මෙන්ම, නඩුවිභාගයන් කුඩා පරාසයක් පිළිබඳව බල පැවැත්වෙන ප්‍රථමවර අධිකරණපාත්‍රතාව අයත් වෙයි.

එක්සත් ජනපදයෙහි ශ්‍රේෂ්ඨාධිකරණය
පිහිටුවීම1789
රටඑක්සත් ජනපදය
ස්ථානයවොෂින්ටන්, ඩී.සී.
Coordinates38°53′26″N 77°00′16″W / 38.89056°N 77.00444°W / 38.89056; -77.00444ඛණ්ඩාංක: 38°53′26″N 77°00′16″W / 38.89056°N 77.00444°W / 38.89056; -77.00444
Composition methodසෙනෙට් මන්ත්‍රී මණ්ඩලයෙහි තහවුරුකරණය මත ජනාධිපතිමය නාම යෝජනාව
Authorized byඑ.ජ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
විනිසුරු ධූරකාලයයාවජීව නිල කාලය
තනතුරු ප්‍රමාණය9, ආඥාපණත අනුව
වෙබ් අඩවියsupremecourt.gov
එක්සත් ජනපදයෙහි අග්‍ර විනිශ්චයකාරයා
වත්මන්ජෝන් රොබට්ස්
ඇරඹීමසැප්තැම්බර් 29, 2005

ජනාධිපතිවරයා විසින් නාම යෝජනා කරනු ලැබීමෙන් පසුව සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය විසින් අනුමත කරනු ලබන එක්සත් ජනපදයෙහි අග්‍ර විනිශ්චයකාරයා සහ සහායක විනිශ්චයකාරවරුන් අටදෙනෙකු වෙතින් අධිකරණය සමන්විත වෙයි. පත් කරනු ලැබීමෙන් පසුව, ඔවුන් ඉල්ලා අස්වුවහොත්, විශ්‍රාම ගියහොත්, ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාර තරාතිරමකට පත්වුවහොත් හෝ, දෝෂාභියෝගයක් මගින් තනතුරෙන් පහ කෙරුවොත් (කිසිම විනිශ්චයකාරයෙක් කිසිවිටෙක එසේ නොකර ඇති නමුදු) හෝ නොවුනු විටෙක, විනිශ්චයකාරවරුන් හට යාවජීව නිල කාලයක් ඇත. වර්තමාන චර්යාව දක්වන පරිදී, ගතානුගතිකවාදී, මධ්‍යස්ථමතවාදී හෝ, නිදහස් මතධාරි නීතිමය දර්ශනයන් සහ අධිකරණමය විවරණය කිරීම් සහිත ලෙසින් විනිශ්චයකාරවරුන් බොහෝ විට වර්ගීකරණය කෙරෙති. එක් එක් විනිශ්චයකාරවරයාට එක් ඡන්දය බැගින් ඇති අතර, බොහෝ නඩු විභාග ඒකඡන්දයෙන් තීරණය වන නමුත්, ඉහත සඳහන් කෙරුණු දර්ශන විද්‍යාත්මක හෝ දේශපාලනමය ප්‍රවර්ග අනුව පවතින විනිශ්චයකාරවරුන්ගේ මතවාදීය විශ්වාසයන්, උසස්ම මට්ටමෙහි නඩු විභාග බොහෝමයකදී බොහෝ විටෙකදී ඉස්මතු වී දැක්වෙයි. අධිකරණය රැස් වෙන්නේ වොෂින්ටන්, ඩී.සී. තුල පිහිටි එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ල තුල වෙයි.