ඌව වෙල්ලස්ස කැරැල්ල

ඌව වෙල්ලස්ස නිදහස් අරගලය, බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව, 1817-1818 කාලයේ සිදුවූ කැරැල්ලක් ලෙසින් ඉංග්‍රීසි ආන්ඩුව සලකනු ලැබුව ද, සත්‍ය වශයෙන්ම එය දේශයෙ ස්වාධීනත්වය පතා අතිවූ නිදහස් අරගලයකි. මෙම සටනට ප්‍රධානතම හේතුව වන්නේ 1815 දී අත්සන් කරන ලද කන්ද උඩරට ගිවිසුමයි. මෙය බ්‍රිතාන්‍යයන් සම්බන්ධවූ උඩරට ප්‍රදේශයේ දී ඇතිවූ තුන්වන යුද්ධයයි.

වෙල්ලස්ස නිදහස් අරගලය
සිංහලේ නිදහස් අරගලය හි කොටසකි
දිනය1817–1818
පිහිටුම
ප්‍රතිඵලය බ්‍රිතාන්‍ය ජයග්‍රහනය
යුද්ධාවතීරයන්
මහනුවර රාජධානියේ කැරලිකරුවන්  United Kingdom of Great Britain and Ireland
ආඥාපතියන් සහ නායකයන්
කැප්පෙට්ටිපොළ දිසාවේ
විල්බාවේ
රොබට් බ්‍රවුන්රිග් බැරොනෙට් ශ්‍රීමත් ජෝන් ඩි ඔයිලි
හමුදාමය ප්‍රබලතාවය
අඥාත අඥාත
අපාතිකයන් සහ හානි
අඥාත අඥාත
tiny globe
ශ්‍රී දළදා මාළිගාව, මහනුවර, ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින්නේ මෙහිය. නුවර ගිවිසුමෙන් බුදු දහම ආරක්ෂා කිරීමට බැඳී සිටියද, බ්‍රිතාන්‍යයන් විසින් දළදා මාළිගා භූමියේ දේවස්ථානයක් අරඹන ලදී.

එක්සත් රාජධානි ආණ්ඩුවේ ප්‍රතිචාර [1]

සංස්කරණය

ප්‍රහාරාත්මක

සංස්කරණය
  • වෙල්ලස්සේ ආහාර හිඟයක් ඇතිකිරීම
    • වැවු අමුණු පුපුරවාහැරීම
    • කුඹුරු ගිනිතැබීම
    • පලදරන ගස් කපාදැමීම
    • ගවයන් මරාදැමීම
    • මහවෙල්යාය
  • ජන සංහාරය
    • අවුරුදු 18ට වැඩි පිරිමින් මරාදැමීම
    • මල සිරුරු ජල පහරවලට දමා රෝග පැතිරවීම
  • ජන ශූන්‍ය කිරීම
    • ගෙවල් ගිනිතැබීම

ප්‍රහාරාත්මක නොවන

සංස්කරණය
  • විනාශකල වැවු අමුණු ප්‍රතිසංස්කරනය නොකිරීම
  • සටනට සම්බන්ධවූවන් දේශද්‍රෝහීන් ලෙස ගැසට් කිරීම
  • සටන්කරුවන් ජීවත්වූ ගම්මාන සහ මහ වෙල්යාය කැලෑ අඥාපනත යටතේ දඩයම් ක්‍රීඩාව සඳහා ආණ්ඩුවට පවරාගෙන ජන ශූන්‍ය කිරීම

1818 නිදහස් සටනේ නායකයින්

සංස්කරණය

මෙම නිදහස් අරගලයෙහි ප්‍රධාන නායකයන් වූයේ විල්බාවේ (නොහොත් දොරේ සාමී) සහ කැප්පෙටිපොල දිසාවේය. මෙයින් විල්බාවේට නායක්කර් වංශික රාජ උරුමයක් තිබුණේය. කැප්පෙටිපොල අද පවා සිහිපත් කෙරෙන සිංහල නායකයෙකි. ඔහු මුලදී ඉංග්‍රීසීන් විසින් යවන ලද්දේ නිදහස් අරගලය මැඩ පැවැත්වීම සඳහාය. කැප්පෙටිපොල රෝගාතුරවීමට පෙර විරුවෝ මාතලේ සහ නුවර අල්ලා ගත්හ. පසුව කැප්පිටිපොල අල්ලා ගත් බ්‍රිතාන්‍යයෝ ඔහුගේ හිස ගසා දමනු ලැබීය. ඔහුගේ හිස් කබල අසාමාන්‍ය එකක් විය. එය සාමාන්‍ය ප්‍රමාණයට වඩා පළල් වූයේය. එනිසාම පරීක්ෂණ පිණිස එය බ්‍රිතාන්‍යයට යවන ලදී. නිදහසෙන් පසු නැවත එය ශ්‍රී ලංකාවට ලැබුණු අතර දැනට එය මහනුවර කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.

වෙනත් නායකයින්
  • කිවුල්ගෙදර මොහොට්ටාල
  • මඩුගල්ලේ
  • බූටෑවේ රටේ රාළ
  • ගොඩේ ගෙදර අදිකාරම්
  • ගලගෙදර ඓාහොට්ටාල
  • කොහු කුඹුරේ රටේ රාළ
  • පිළිමතලව්වේ දෙවන මහදිකාරම්
  • දඹවින්න දිසාවේ
  • දිඹුලාන දිසාවේ

අවසානය

සංස්කරණය

නිදහස් සටනේ අවසානය

සංස්කරණය

මෙම සටන නිමාවට පත්වුයේ මහත්වූ ලේ වැගිරීම් සිදුකරමිනි. සටන මැඩ පැවැත්වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙරට වැසියන් හට නිවාස හා දේපළ අහිමිවිය. ඌව වෙල්ලස්ස ප්‍රදේශ වල වාරිමාර්ග පද්ධති, කෘෂිකාර්මික කටයුතුද අඩපණ විය. ඉතිහාසය පවසන පරිදි වැල්ලවායෙන් ආරම්භව මුළු ඌව වෙල්ලස්සේ කුඹුරු ලක්ෂ ගණනක් ගිනි තබා විනාශ කරන ලදී.

Journal of Uva සගරාවේ දී බදුල්ල බ්‍රිතාන්‍ය රජයේ සේවකයකු වූ හර්බට් වයිට් (Herbert White) පවසා සිටි ප්‍රකාශනයක් පහත දැක්වේ.

"කැරැල්ලෙන් පසු ඌව ප්‍රදේශයේ ජනගහනය, කෘෂිකාර්මික පරිසරය පිළිබඳ නිෂ්චිතව දැනගත හැකි ප්‍රමානවත් සාක්ෂි නොමැත. නව පාලකයන් මෙම ප්‍රශ්ණයට මුහුණදීමට අසමත්ව ඇත. යුද්ධයෙන් පසු ඉතිරි වූ අයගෙන් 4/5 කුඩා දරුවන්, කාන්තාවන් සහ මහල්ලන් පමණි. මෙම සංහාරය ඉතා භයානක වේ. කෙටි‍යෙන් කියන්නේ නම් මහත්වූ මිනිස් සංහාරයක් සිදුව ඇති අතර, ඌව නැවතත් යථා තත්වයට පත්වේදැයි කිව නොහැක."

මූලාශ්‍ර

1. බණ්‌ඩාර තිලකසිරි වි.වා.මු. 1991, ඌව වංශ කතාව (2 ඛාණ්‌ඩය), බණ්‌ඩාරවෙල සීමාසහිත තිලක මුද්‍රණාලය (පෞද්ගලික) සමාගම

2.විමලානන්ද තෙන්නකෝන්, 1962, උඩරට මහ කැරැල්ල (2 ඛාණ්‌ඩය), සීමාසහිත එම්. ඩී. ගුණසේන සහ සමාගම.

3. එච්. එම්. අනුරාධ විජයවර්ධන බණ්‌ඩාර (දිවයින – 2010 ඔක්තෝබර් 13 දින ලිපිය.

ගැසට් නියෝගය අවලංගු කිරීම

සංස්කරණය

රටින් පිටුවහල් කලවුන්ට ගෞරව සම්මාන

සංස්කරණය

සටනට සම්බන්දවීම නිසා අත්අඩංගුවටගෙන මුරුසියට පිටුවහල් කළ 28 දෙනකුට ක්‍රි.ව. 2013දී ශ්‍රී ලංකා ජනරජය මගින් ගෞරව සම්මාන පිරිනැමක් සිදුකරයි.[2]


මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ * ආචාර්ය සූරිය ගුණසේකර (2009). මහා සිංහලේ අයිතිහාසික අසාධාරණය. කර්තෘ ප්‍රකාශනයක්. ISBN 978-955-50272-2-9.
  2. ^ http://www.divaina.com/2013/11/25/news08.html සංරක්ෂණය කළ පිටපත 2013-11-27 at the Wayback Machine රටින් පිටුවහල් කළ ජාතික වීරයන් 28 දෙනකුට උපහාර
"https://si.wikipedia.org/w/index.php?title=ඌව_වෙල්ලස්ස_කැරැල්ල&oldid=725603" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි