ආචාර්ය සූරිය ගුණසේකර මහතා ශ්‍රී ලංකාවේ සිටින ප්‍රසිද්ධ ඉතිහාසඥයෙකි. පුරාණ රාවණා සහ හෙල රාජධානිය පිළිබඳ එතුමන් සුවිශේෂී මත දක්වා ඇත. කෙසේනමුත් මෙම මත අභූත ඉතිහාස (pseudohistory) ගණයට වැටෙන බව ඇතැම් වියත්තු පවසති.

හෙලෝතන්තින්ගේ දයානන්ද ගුණසේකර
උපත1942 නොවැම්බර්
ජාතිකත්වයශ්‍රී ලංකාව සිංහල, ශ්‍රී ලාංකික
වෙනත් නම්සුරිය ගුණසේකර
අධ්‍යාපනයහොරණ රෙමුණ මිශ්‍ර පාසල 1948-1958
පිළියන්දල සෙන්ට්‍රල් කොලේජ් 1956
පේරාදෙණි විශ්වවිද්‍යාලය 1960
ප්‍රසිද්ධව ඇත්තේදේශපාලන මතවාද.ලංකා ඉතිහාසය
ආගමබෞද්ධ

1942 නොවැම්බර් මස පිලියන්දල දී උපත ලැබූ ඔහු මුලික අධ්‍යාපනය ලැබුවේ හොරණ රෙමුණ මිශ්‍ර පාසල ( 1948-1958 ) සහ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයයෙනි(1956). ඉන් අනතුරුව උසස් අධ්‍යාපනය සදහා 1960 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුලත් වී සිංහල,ඉතිහාසය සහ භූගෝල විද්‍යාව පිළිබද උපාධියක් ලබා මුල්ම රැකියාව ලෙස ගුරුවෘත්තියට පිවිසුණි. පසුව 1969 ශ්‍රී ලංකා පරිපාලන සේවයට ඇතුලත් විය.

"https://si.wikipedia.org/w/index.php?title=සූරිය_ගුණසේකර&oldid=451950" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි